ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සිදුවී ඇතැයි කියන වංචා සහ දුෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවමින් නිකුත් කළ නොතිසි බාර ගැනිම නිශාන්ත වික්‍රමසිංහගේ බිරිඳ ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්තිගේ සහෝදරයෙකි.
නොතිසි බාර දීම සදහා කොමිසමේ විමර්ශන නිලධාරින් වික්‍රමසිංහ මහතාගේ ගල්කිස්සේ නිවසට ගිය අවස්ථාවේදි සැමියා මාස ගණනාවකින් නිවසට පැමිණි නැති බව කියමින් එම නොතිසි බාර ගැනිම වික්‍රමසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති පරික්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වික්‍රමසිංහ පදිංචි ස්ථිර ලිපිනයක් තමන් නොදන්නා බවත් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් පවසා ඇති බවද වාර්තා වන අතර වික්‍රමසිංහ පදිංචි ස්ථානය සොයාගෙන කොමිසම හමුවට කැඳවමින් නිකුත් කොට ඇති නොතිසි ඔහුට බාර දිමට කටයුතු කරන බවද කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුදුම කතාවක්නේ. හොයලා බලලාවත් නැද්ද එතකොට? (නි)
කොහොමහරි හොයාගන්න බලමු (නි)
පිටරටකටවත් ගියාද? (නි)
දැන් මේ ප්‍රවෘත්තියවත් දැකලා එයා ගෙදර ආවොත් හොඳයි (නි)
මෙයා ගෙදර නැත්නම් එයා නැතුව නඩු අහන්න (නි)
පිවිතුරු යහපාලවත් දැක්කද මේ මනුස්සය ? (බ)
ඉතින් හොයලා බැලුවේ නැද්ද? (නි)
එතකොට ඔය ගෙදරින් ඩොලර් දහස් ගණනක් හොරු ගත්තවෙලාවෙත් එයා එහෙ නොවෙයිද ජීවත්වුණේ...?ඔය බොරු අහන්නේ නැතිව දුටුතැන බෙල්ලෙන් අල්ලාගෙන එන්න කියලා නියෝගයක් නිකුත් කරන්න.ඔය මුකුත් ඕන නැහැ දෙහිවල පැත්තේ කුඩුකාරයෝ දෙතුන් දෙනෙකුට මිනිහගේ ෆොටෝ එකක් පෙන්නලා කියන්න රුපියල් 1000ක් දෙනවා මේ මිනිහාව ගෙනල්ල දෙන්න " කියල .ෂුවර් එකටම හෙට උදේට උන් මිනිහාව කොමිෂන් එකටම ගෙනත් දෙවි. (බ)
දැන්වත් ඉතින් හොයලා බලමු නේද? (නි)
ඔන්න පිවිතුරු යහපාල ලොක්කන්ගේ වැඩ. ඕවා හරි වැඩද? (නි)
ඇත්තටම කොහේ ගියාද දන්නෙ නැහැ. (නි)
තමන් නිවැරදි නම් මොකටද හැංගෙන්නේ? (නි)
ආදරබර බිරිඳක්.ඔබට ජයවේවා! (නි)
වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
අනේ මන්දා අපිද එතකොට දන්නේ මේවා? (නි)
අපි ඉවසලා ඉමුකෝ. ඕවා ටික දවසකින් හෙළිවේවි (නි)
පුදුමයි පොලිසියකටවත් මෙම අතුරුදහන්වීම දන්වා නැති එක නේද? (නි)
දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)
නිවාසීපුර ගෙදරක ඉන්නවා ශ්‍රීලන්කන් එකේ කෙල්ලෙක් එක්ක ඔන්න කීවා (බ)
අැයි මෙයට වරෙන්තු නිකුත් කරන්න බැරිද? පව් සල්ලි ගහල ගෙදර එනකොට පිළිගන්නවා හොරේ අහුවෙනකොට ගෙදර එන්නේ නැහැ.. නංගිගේ ගෙදර බලන්න. (බ)
ඔන්න පසුගිය රජය කාලේ වැරදි. අපිත් මේවා පිළිගන්නවා. (නි)
මේක මහ පුදුම කතාවක්නේ. එතකොට එයා ගැන හොයලා බලලාවත් නැද්ද? (නි)
වරදක් කර නැත්නම් ඇයි හැංගෙන්නේ?
මාසික වැටුපක් ගන්න සාමාන්‍ය පවුලකින් පිරිමියෙක් සොයාගෙන කසාද බැඳගත් අපි වගේ කාන්තාවන් මොනතරම් වාසනාවන්තද කියලා හිතෙන්නේ මේවා ඇහෙනකොට තමයි! (නි)
අම්මෝ! ඔච්චර කාලයක් තනිවම ගෙදර ඉන්න බය නැද්ද මෙම මැතිනියට? අද ලංකාවේ වෙන දේවල් මොනතරම්ද? (නි)
"දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා - මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද ඇතැමුන් කියන මුසා..." ගීතය මතක්වුණා මට (නි)
මේ ගැන යමක් දන්නවා ඇත්තේ කවුද කියලයි මම මේ කල්පනා කළේ. (නි)
වෙන කෙනෙක් ඔහොම නොතිසි බාරනොගෙන අතුරුදහන්ව සිටියා නම් ...? (නි)
අපි බලමුකෝ. ගියේ කොහේද කියලා ළඟදීම හෙළිවෙයිනේ. (නි)
මෙච්චරටම ආරංචියක් නොදන්නේ එයා කොහේ ගිහින්ද? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මගේ අමල්බිසෝ දොර හරින්නෙපා... එන පොට නම් හොඳ නැහැ වගෙයි (නි)
එන්න මඳ නලේ-ගොස් පවසන්න දුක මගේ -යන්නට හැකි ඔබට පමණි ඉන්නා තැනකට ඔහුගේ... (නි)
ඔන්න ඕකට තමයි අපි කියන්නේ නඩුව උසාවිය අහනතුරු ඉන්නේ නැතුව තමා වැරැද්ද බාරගන්නවා කියලා. නිවැරදිකාරයා නම් ඇයි ඉදිරිපත් වෙන්න බැරි? (නි)
අපි බලාඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ඒ කියන්නේ අතුරුදහන්වෙලාද? (නි)
ඉක්මණින්ම තොරතුරක් ලැබේවි මට හිතෙන හැටියට... (නි)
ඉස්සර නම්, අපේ ගම්වල කසිප්පු හොරු පොලිසියට ඉදිරිපත් වුනේ නැතිනම්, උගේ පවුලේ කවුරු හරි පොලිසියෙන් ගෙනියනවා, හොරා ඉදිරිපත් වෙනකන්. නැහැ මම මේ නිකමට මේක කියුවේ..(බ)
පිවිතුරු යහපාල ගේ ගෙදර වැඩක් කරන්න වහාම නිශාන්ත එහෙ ඇති.යහපලගේ නියම නම බන්දුල පෙරේරා. පදිංචිය මැදමුලන වලව්වේ ස්ටෝරුවේ (බ)
නිශාන්ත ඉන්නේ එංගලන්තේ ...(ම)
මේ අර අවුරුදු හැත්තෑවේ මුත්තා ගුවන් සමාගමේ බාල අම්බපාලි එක්ක නිවාසිපුර ඉන්නවා. මෙයා මළොත් බුදලේ කෙල්ලට. (බ)
ශ්‍රී ලන්කන් පාඩු ලැබුවේ අපිව නිකන් එක්කරගෙන ගිහින් නෙමෙයිනේ.ශ්‍රී ලන්කන් තමයි වැඩිම මුදලයක් අර කරන ගුවන් සමාගම.වෙනත් ගුවන් සමාගමකින් ගුවන් පත් දෙකක් ගන්න පුළුවන්.පාඩු ලබනවා කියන්නේ රුපියල් කොටි ප්‍රකෝටි වලින් ගසා කෑව කියන එකයි.දැන්වත් ජෙනේරල් ෆොන්සේකාව ඔය කොමිසමේ වීධායක නිලධාරිය කරන්න.ඉතිරි ටික එතුමා බල ගනීවි. (බ)
මෙහෙම දෙන්නෙකුට රට බාර දීල අපි කර ගත්තු වින්නැහියක්. ලැජ්ජයි. (බ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පිටරටකද දන්නෙ නැහැ. හොයලා බලමු (නි)
කොහොමහරි කමක් නැහැ, වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ගෙනඑන්න (නි)
ආරක්ෂාව සඳහා කොහේහරි ගියාද දන්නෙ නැහැ (නි)
දුප්පත් මිනිහෙක් කළා නම් අද මෙහෙම වෙයිද? (නි)
මොකටද ඉතින් සැඟවිලා ඉන්නේ? (නි)
අනේ මන්දා මේගොල්ලන්ගෙ මේ ප්‍රශ්න මොනවද කියලා (නි)
මේ ගැන දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)