හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හා එංගලන්තයේ හා වේල්සයේ මානව හිමිකම් කමිටුව මැදිහත් වීම සඳහා ඉදිරිපත් කළ අයදුම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද ඉවත දැමීය.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හා එංගලන්තයේ හා වේල්සයේ මානව හිමිකම් කමිටුව මැදිහත් වීම සඳහා ඉදිරිපත් කළ අයදුම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද ඉවත දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය රට රට වලින් උදව් ගන්න තනන්නේ අපේ රටේදී නිවැරදි කියල ඔප්පු කරගන්න තියෙන අවස්ථාවල් මග ඇරලා. එයා එහෙම කරන්නේ? මම මේ දැනගන්නයි අහන්නේ හිතන්න එක පස්සේ හේතු ගොඩක් තියෙනවා(දිල්)
මන්සිල් ඔයා නෙදර්ලන්තෙට වෙලා ඉඳන් බයිලා කියන්නෙ නැතුව ලංකාවට ඇවිල්ලා බලන්න. (ස)
අපේ නඩු අපි අහමු. ඕවට ඉඩ දුන්නොත් කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ. (ස)
කොහෙන් හරි ඇඟිල්ලක් ඔබා ගන්න තමා හැමෝම දඟලන්නේ. අපිට අපේ දේවල් කරගන්න දීල පැත්තකට උනොත් තමා හොඳ. (ස)
අපේ රටේදී අපට සාධාරණය ඉටු නොවුනොත් මොකද කරන්නේ එතකොට. එහෙම තැන් බොහෝ විට තියෙනවා. (ස)
මම ඉන්නෙත් රට, ඒ වුනාට බොරු සෝබනේට රටේ නම දාන්නෙ නෑ. (ස)
ඩෙන්සිල්, ඔයා මොනවා පෙන්නන්නද කතා කරන්නේ? ඔයාගේ නමින් ම හිත ගන්න පුළුවන්, බටහිරට ආවඩන කෙනෙක් කියලා. (ස)
මේවා සිදුවන්නේ තමන් උපන් රට මුදලට වාසියට පවා දෙන අපේම සිංහලයන් සිටිනා නිසා . අපිට පුලුවන්ද වෙන රටක දේවලට ඇඟිලි ගසන්නට . ලංගම තිබෙන ඉන්දියාවටවත් , ඔවුන් අපට කරන කෙනෙහිලි වලට ? බැහැ . එහෙත් මේ හෙමෝම අපේ රටට අභ්‍යන්තරයට ඇඟිලි ගසනවා . 1815 සිට අපේ රට පවා දෙන්නට අපේම කොටසක් (සිංහලයන්) සිටියා. (ස)
විපක්ෂයේ කොන්ද පණ නෑ, වැඩ කරන්නේ නෑ කියල විපක්ෂයේ වැඩ පිට කාටවත් දෙන්න හොඳ නෑ. විපක්ෂය හදා ගන්නවා මිසක්. පිට අය ඇඟිලි ගහන්න ගත්තොත් අපිට ඇගිලි ගහන්න ඉතුරු වෙන්නේ නෑ. ඉරාකයට මොකද උනේ. සදාම් නරක උනාට මිනිස්සු හොඳට ජීවත් උනා. දැන් මොනාද මිනිස්සුන්ට තියෙන්නේ? මරණය විතරයි. ඒක තමා ඇමෙරිකාව ඉරාකේ මිනිස්සුන්ට ගෙනත් දීල තියෙන්නේ. කට්ටියට ඕනේ මෙහෙටත් ඒක ඉල්ලගන්න. මෝඩ මිනිස්සු. කයිය විතරයි, මොලේ නෑ. (ස)
ඔය කියන කෙනා ආවේ පස්ස දොරෙන් යන්ඩ වුනේ ජනේලෙන් විසි කරපු නිසා!!! (ස)
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අයිතියක් තියෙනවා පිටරටකින් හරි උදව්වක් ලබා ගන්න තමාට අසාධාරණයක් සිදු උනා කියල විශ්වාස කරනවා නම්. (ස)
අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේකද? අවුරුදු 30ක් තිස්සේ යුද්ධයෙන් මිනිස්සු මියගියා. එක මානව හිමිකම් සංවිධානයකින්වත් කතා කළේ නැහැ. දැන් වකුගඩු රෝගයෙන් දහස් ගණන් මිය යනවා, වල් අලි ප්‍රහාර වලින් විශාල ජීවිත හා දේපල ප්‍රමානයක් හානි වෙනවා, දහස් ගණන් රෝගීන් පොරොත්තු ලේඛන වල තමන්ට අවශ්‍ය සැත්කම් කරගන්න, ගොවීන්ට තමන්ගෙ අස්වැන්න විකුණාගන්න විදිහක් නැහැ, මේවාට විරුද්ධව කතා කරන්න කවුරුත් නැහැ. (නි)
ඔය අවසර වලින් වැඩක් නැහැ. අරය දැනටම ජාත්‍යන්තර ප්‍රජාවට මේගැන කියන්න රවුමක් යන්න සුදානමින් ඇති. ලඟදි යන්න බැරිවුණානේ (අ)
අපේ රට පාවා දෙන්න හදන මෙම අය වහාම රටින් පැන්නිය යුතුයි. (ස)
මේ රටේ දී සාධාරණය ඉටු නොවේ නම් වෙනත් රටකින් උදව් ඉල්ලීම වරදක් නොවේ. (ස)
මේ කරන්න හදන දේ නිසා අනාගතයේදී ලංකාවේ නඩු සියල්ලම එන්ගලන්තයේදී අහන්න ගනීද දන්නෙ නැහැ (නි)
ආත්මාර්ථකාමී පටු අදහස් හා පක්ෂ බේදයෙන් පිරිණු අවස්ථාවාදීන් 1815 දීත් හිටියා.අදත් ඉන්නවා.අගවිනිසුරුගේ ප්‍රශ්නය රට තුළදි විසඳාගත යුතුයි. (නි)
ඇයි මේවට තර්ක කරන මිනිස්සුන්ට මේවායේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න බැරි? (නි)
ආත්මාර්ථකාමිත්වයෙන් තොර පරාර්ථකාමිත්වයක් නැත (නි)
මම හිතන්නේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අයිතියක් තිබෙනවා පිටරටකින් හරි උදව්වක් ලබා ගන්න. (නි)
පස්ස දොරෙන් ඇතුල්වෙන අය ජනේලෙන් වුනත් විසිවෙන්න ලැහැස්ති පිට ඉන්න ඕනා. (නදී)
ලුම්බිණි,ගමගේ, ටිකිරි, ඔබ 100%ක් හරි (නි)
වෙනත් රටකට හෝ අනවශ්‍ය සංවිධාන වලට අපගේ රටේ දේවල් වලට ඇගීලි ගැසීමට ඉඩ නොදීම සාධාරණයි. නමුත් හිටපු අගවිනිසුරුතුමිය වෙනුවෙන් නීතිය හෝ ක්‍රියාත්මක වෙනත් කටයුතු වල විනිවිදභාවයක් හෝ ගරු කටයුතුභාවයක් දකින්න නොලැබීම ගැනත් කණගාටුයි. (නි)
ඔයාලා ඔයතරම් ලාංකිකයන්ට ආදරෙයි නම් කරුණාකරලා වකුගඩු රෝගයෙන් බැටකන අපේ ජනතාව වෙනුවෙන් හෝ දුම්වැටි වලට එරෙහිව අපි ගෙනියන සටනට හෝ දරිද්‍රතාවයෙන් ගොඩඒමට හෝ,අපේ ගම් වල පාසල් වලට නවින විද්‍යාගාර පෙළක් දෙන්න හෝ ඉදිරිපත් වෙන්න. (නි)
ශ්‍රී ලංකාව 1972දී ස්වෛරී රාජ්‍යයක් වීමේ වටිනාකම පෙනෙනවා. (නි)
හරි හෝ වැරදී හෝ මේ විදියට අප රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට විදේශ සංවිධාන මැදිහත් වීමට ඉඩ නොදිය යුතුය. (ස)