හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට බලපාන අයිතිවාසිකම් පෙත්සම් හතරක් සහ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.
සලීම් මර්සුෆ්, චන්ද්‍රා ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙනු ඇත.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ තේරීම් කාරක සභාව නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ද මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට යොදාගත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ආ) නීතියට පටහැනි බැවින් එම පත් කිරීම බල ශූන්‍ය කිරීමට නියෝග කරන ලෙස ද ඉල්ලා මහින්ද ජයසිංහ, ජානක අධිකාරී, චන්ද්‍රගුප්ත තේනුවර හා නීතීඥ එල්මෝ පෙරේරා මහත්වරු විසින් මෙම අයිතිවාසිකම් පෙත්සම් හතර ගොනු කර ඇත.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණ නිකුත් කළ රීට් ආඥාව ඉවත දමන ලෙස ඉල්ලා නීතිපති විසින් ඉතිරි අභියාචන පෙත්සම ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිරිලංකාවනේ (නි)
ප්‍රවාත්ති වෙන්කරලා පල කරනවා නම් ගොඩක් හොදයි. කැමති අයට නරක ප්‍රවෘත්ති බලන්ඩත්, කැමති අයට හොද ප්‍රවෘත්ති බලන්ඩ පුළුවන් විදියක් ක්‍රියාවට නංවන්න කියලා ලංකාදීපයෙන් ඉල්ලා සිටිනවා. උදාහරණයක් ලෙස අපරාද , දේශපාලන, ධනාත්මක, සංවර්ධන ලෙස වර්ග කරන්නේ නම් වටිනවා (නි)
කල කම් පස්සෙන් එනවා. (අ)
ශ්‍රීලංකාව අසිරිමත් වෙලා ඉවරයි දූෂිත දේශපාලනය නිසා.(නදී)
ඉතාම වැදගත් නඩුවක්. පරමාධිපත්‍යය, පාර්ලිමේන්තු උත්තරීභාවය ආදිය ගැන පට්ට ගහපු වචන කොයිතරම් වලංගුද කියල බලමුකෝ. (නදී)
නඩුවලට මොකක් වෙයිද කියලා මම නම් දන්නවා.(නදී)
ඇත්තටම අද නීතිය ගැන කටත් විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ සෙල්ලම් කරපු නීතිය දැන් ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරනවා. මේ රටේ නීතිය එක්ක සෙල්ලම් කරන හැමෝටම මේ දේවල් පොදුයි (නි)
සමාවන්න මගේ අදහස මම ඉල්ලලා අස්කර ගන්නවා. එකේ මම දාපු හොදම ටික නැහැ (අ)