(විනීතා එම් ගමගේ)
හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ.
එම සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ඒ පිළිබඳ යම් තීරණයක් ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරුණු විමසීම සඳහා මෙසේ කැඳවා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.
මේ වන විට සමාගම සතුව ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360 ක්, ගුවන් සේවක සේවිකාවන් 1200 ක් ඇතුළුව 7200 කට ආසන්න සේවක පිරිසක් සිටියි.
ලාභ ලබන ආයතනයක්ව පැවැති ගුවන් සමජගම පසුගිය කාලයේ ගත් වැරදි තීන්දු මත කඩා වැටුණු බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද අද (19) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ දී ප‍්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.