(විනීතා එම් ගමගේ)
හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ.
එම සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ඒ පිළිබඳ යම් තීරණයක් ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරුණු විමසීම සඳහා මෙසේ කැඳවා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.
මේ වන විට සමාගම සතුව ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360 ක්, ගුවන් සේවක සේවිකාවන් 1200 ක් ඇතුළුව 7200 කට ආසන්න සේවක පිරිසක් සිටියි.
ලාභ ලබන ආයතනයක්ව පැවැති ගුවන් සමජගම පසුගිය කාලයේ ගත් වැරදි තීන්දු මත කඩා වැටුණු බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද අද (19) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ දී ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාභ ලබමින් ඉතාම හොඳට තිබුණු අපේ ගුවන් සේවය තමන්ගේ පටු වුවමනාවන් සහ බලය උදෙසා විනාශ කරලා දැම්මේ පසුගිය ආණ්ඩුව... මේ ඇමතිවරුත් එකේ හිටියා දැන් බබාලා වගේ හිටියට....
පඩි වැඩි කරලා, තව මොනවා හරි පහසුකම් දෙන්න වෙන්න ඇති...
ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360යි... තව නැද්ද දේශපාලකයන්ගේ මිනිස්සු දාන්න එයාර් ලංකා එකට.... ?
නිදහසෙන් පස්සේ ඉඳලම පත්වුණු සෑම රජයක්ම කලේ මෙවන් ආයතන රැකියා උල්පත් කර ගැනීම, තම පාක්ෂිකයන්ට වරප්‍රසාද ලබා දෙන්නට කටයුතු කිරීම පමණයි. කළමනාකරණ දැනුමක් නැති අය ඉහළ පුටුවලට පත් කරනවා. ලංගමට වුණෙත් ඔය ටිකමයි...
මගීන් ඇතත් දුවන්න ගුවන් යානා නැහැ. එය 100 දක්වා වැඩිකරන්න පුළුවන් නම් ඉතා ජනප්‍රිය ගුවන් සේවය ලොව ප්‍රබල තැනකට ගෙන්න තිබුණා. එහෙම නැති නම් එමිරේට්ස් ගුවන් සමාගමේ ගිවිසුම තබා ගන්න තිබුණා. එමිරේට්ස් ගනුදෙනුවත් නිකම් සිදු වුණේ නැහැ. එවකට සිටිය නායකයන් එය හොඳින් දනී. ගිවිසුම් අවලංගු කරන්නත්, ගිවිසුම ඇති කරන්නත් කොමිස් මුදල් මත සිදුවෙනවා. දැන් දැන් සියළුම ව්‍යාපාර සංවර්ධන කටයුතු වසා දැමෙනවා. කලයුතු වන්නේ සියලු පාර්ශවයන් එකතුව මැතිවරණයකට යාමය. පළමු රට කල නායක දෙපලක් දේශපාලනයෙන් ඉවත් වන්නේ නම් එය සිදුවෙනවා නොඅනුමානය. මේ සියල්ලටම මුලික හේතුව නම් බන්ධනාගාර බිල් පත් ගනුදෙනුව බව මේ රටේ ගමේ ඉන්න ගැමි ජනයාත් දනී...ජනපතිත් දනී...
අනේ හපොයි.!!! මේවගේ රජයේ ආයතනවල ඉන්නේ වැඩිහරියක් හොරු.මෙගොල්ලනට ජාතික හැඟීමක් නෑ. මේවා දියුණුකරන්න. දේශපාලකයෝයි ඒ අයගේ ටිකයි එකතු වුණාම තනිකර අලිබබා සහ හොරු හතළිහ වගේ. තමන්ගේ මලු තරකරගන්න තමයි බලන්නේ. ගොඩක් රජයේ ආයතනවලට වෙලා තියෙන්නේ මේ ආපදාව තමයි. ගුවන්සේවය විතරක් නෙවෙයි, මුළු ලංකාවම ජාතියක් ලෙස පස්සට යනවා. අපි රටක් ලෙස එකදිගට පස්සට යනවා. කාර්යක්ෂම ජාතික ප්‍රතිපත්ති දැන් අවශ්‍යයි. රොතු බුරුතු පිටින් අදක්ෂ සේවකයෝ දාගෙන කිසිම ආයතනයක් දියුණුකරන්න බෑ. අද ගොඩක් රටවල් තමන්ගේ ගුවන් තොටුපළවල් ඉතා හොඳට සංවර්ධනය කරනවා. දීර්ඝ කාලීන සැලසුම් ඇතිව.... අපි ඉතින් හැමදාම ලොස්.... කවද හැදෙයිද දන්නේ නෑ? අපිත් බලා ඉන්නවා. අපි ජාති, ආගම, පක්ෂ, වර්ණ, උස්, පහත්, කුල, මල, මුදල් ගසා කෑමේ ගිජුකම අතෑරලා ලංකික ජාතියක් ලෙස එකතුවිය යුතු කාලය දැන් එළඹ ඇත.
මේ සියල්ලටම මුලික හේතුව නම් බන්ධනාගාර බිල්පත් ගනුදෙනුව..... හප්පෝ මොකද්ද මේ ගණුදෙනුව? තවත් අලුත් මගෝඩියක්ද ? ජනතා අනුර මහත්තයා සභාපති කරලා අලුත් කොමිසක් මගින් මෙය හොයා බලමුද ?