ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සබාපතීත්වය තමන් බලෙන් ලබා ගත්තක් නොවන බවත් එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්කමින් ඔහුගේ ඉල්ලීමක් අනූව ලැබුණූ දෙයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා අද (23) අම්බලන්ගොඩ ශ්‍රී.ල.නි.ප. ආසන බල මණ්ඩලය අමතමින් පැවසුවේය.
අලුත් පක්ෂ හෝ ආණ්ඩු හදන්නට කලින් රටට හොඳ ආණ්ඩුවක් අවශ්‍ය බවත් එයට ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අවශ්‍ය බවත් ජනපති වැඩිදුරටත් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක බලෙන් ගත්තත් අපිට නම් කමක් නැහැ. හැබැයි ඔබතුමාට පක්ෂයේ නායකත්වය ලැබුණු නිසා රටට දැයට මහා මෙහෙයක් කළ ශ්‍රී.ල.නි.ප. ය ආරක්ෂා වුණා කියලයි බොහෝ දෙනා පවසන්නේ. (නි)
අපිට ඔය කතා අහලා දැන් ඇතිවෙලා තියෙන්නේ (නි)
ඔබතුමා දැන් මොනවා කිවුවත් ඉදිරියට එන අභියෝග වලට මුහුණ දියයුත්තේද ඔබතුමායි (නි)
එ්ක තමයි, ඔබතුමා හොඳට පත්තරේ කියවන්න, සමහරවිට රනිල් මහත්තය ඔබතුමාට හොරෙන් තව මොනවා කරලද දන්නේ නෑනෙ? (බ)
පක්ෂය පැරදුනේ අැයි කියලා අපෙන්ද අහන්නේ? අපි ළඟ ඕවාට දෙන්න උත්තර නැහැ (නි)
පිරිසිදු පක්ෂයක් සාදා ගැනීම හරි උතුම් වැඩක් පක්ෂයේ සිටින දුෂිතයින් එලව දමා උගත් බුද්ධිමත් අවංක රටට සේවයක් කල හැකි සාමාජිකයින් බඳවාගන්න. ලංකාවේ අනාගතය සඳහා ඔබේ පක්ෂය පිරිසිදුවීම ඉතාම අවශ්‍ය කරුණක්. ජනාධ්පතිතුමනි, ඔබේ යහපත් අරමුණ එසේම ඉටුවේවා ජයවේවා.! (ර)
ඔබතුමා ඔය බාධක වලින් නොසැළී ඉදිරියටම යන්න (නි)
මේක ඔබතුමා හැමදාම කියනවා නේද? (ර)
පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය මහින්ද මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ජනතාවගේ අනුකම්පාව ගැනීමේ තවත් එක් සංදර්ශනයක් හැටියටයි මම දකින්නේ. එසේ නැතුව බලය අතහැරීමේ ගුණාංගය මහින්ද මහතා සතු නැහැ. ඊට හොඳම නිදසුන 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් සදාකාලිකවම ජනාධිපතිකම දැරීමේ උත්සාහය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් පක්ෂය තුළ තමන් සතු බලය තව තවත් තහවුරු කරගැනීම. අද එතුමා නැවතත් යෙදෙන්නේ බලය නැවතත් ලබාගැනීමේ උත්සාහයකයි. (නි)
ඔබතුමා මේ රට ගොඩගන්නා බව මට නම් විශ්වාසයි (නි)
පල ඇති රුකටනේ මහත්තයෝ ගල් ගහන්නේ. ඔබතුමා ඕවා ගණන් ගන්න එපා (නි)
ඒක ඇත්ත. ඒ දවස් වල ඒකාබද්ධ විපක්ෂය හැසිරුනු හැටි අපිට මතකයි (නි)
ජනපතිතුමා හරි. අපි ඔබතුමා සමඟ එකඟයි (නි)
චන්න ප්‍රසන්න ඉතාම නිවැරදිව අද පවතින මේ බල අරගල තත්වය විග්‍රහ කර තිබෙනවා. ඔබ සමඟ මුළුමනින්ම එකඟයි. (නි)
අපේ රට බෙර දුන් මහින්ද අපේ හද තුල කවදත් ඔය වගේ කයිවාරු ගැහැවුවේ නැහැ රටට වැඩක් කලා (ම)
ඔබ තුමා පත්තරේ බලන්න දැන් රට කොහෙද යන්නේ (ම)
බල ලෝබය කිසිවෙක් ළඟ නැහැ කියන්න බැහැ. යමෙක් පක්ෂය විනාශ කරමින් ඉන්නවා නම් ඒ කාර්යය වහාම නතර කරන්න. රට අගාධයට යමින් තිබෙන බව, බුද්ධි අංශ දුර්වල වී ඇති බව, ආර්ථිකය විනාශවෙමින් තිබෙන බව, කෘෂිකර්මාන්තය අැදවැටී ඇති බව අපි පිළිගත යුතුයි (නි)
අපිට දැන් මේ දේවල් වලින් වැඩක් නැහැ. බදුබර අපිට දරාගන්න අමාරුයි (නි)
ගෙවීගියේ වසරකුත් මාස කීපයයි. උතුරේ ෆෙඩරල් ඉල්ලීම්... වසර 5 අවසන් වනවිට ශ්‍රී ලංකාව කොතැනක තිබේදැයි සිතා ගැනීමටවත් නොහැක (නි)
චන්න ප්‍රසන්න,ඉදිරියට විමසිල්ලෙන් සිටින්න වෙනස පැහැදිලිව තේරුම් ගැනීමට (නි)
පරාජයට හේතුව 60%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය සහා විදේශිය දේශපාලන මනා දැනුමක් නොලද මිනිසුන් සිටීමයි. (නි)
සැමදා අපිට අපේ ජනපති මහින්ද මහත්තයා පමණි (නි)
ඉවසුවා ඇති නිර්භීතව පක්ෂ විනය කඩන අයට විනය පරීක්ෂණ තබා දොට්ට දාන්න. කව්රු බලයට ආවත් දුෂණ විරෝදී හඩ නතර නොකරමු. (ර)
මම නං ගොඩක් රුපවාහිනී සංවාදවලින් අහල තිබුනේ ශ්‍රීලනිපයේ ප්‍රධානියා වෙන්නේ කවුද ඔහුට හෝ ඇයට පක්ෂ නායකත්වය නිතැතින්ම ලැබෙන බවයි. (ර)
මොන ප්‍රශ්න තිබුනත් දැන් ඉස්සරට වඩා රටේ නීතියක් තියනවා ... සුළු වැරදී තිබුනත් අපි නම් මෛත්‍රීපාල මහත්තයට පක්ෂව වැඩ කරනවා ... (ර)
මෙයාල පක්ෂ බෙදාගන්න බැරිව දගලනවා රටේ ප්‍රසන පැත්තක? (ර)
මම දන්නා තරමින් සභාපතිකම බලෙන් ගත්තේ වෙන කෙනෙක් (නි)
කටින් බතල හිටවන එක නතර කරලා වැඩ කරලා පෙන්නන්න. (ර)
චතුරි නිව්යෝක්, අපිටත් මතකයි මහින්දට කාලේ රටේ තිබුන තත්වය. ඒ කාලේ ඔබ කොහෙද හිටියේ? ඔබගේ ඔය නිව්යෝක් කෑල්ල පැත්තක දාලා කතා කරන්නකෝ (නි)
අනේ අපි නම් ඕවට කතාකරන්නේ නැහැ (නි)
හරි ඉතින් ඡන්දෙ තියල බලමු නිදහස් පක්ෂයේ බලේ තියෙන්නේ කාටද කියලා. මොකද නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්නේ අපිනේ. (ර)
චන්න ප්‍රසන්න, ඔබේ නිගමනය හරියටම හරි. (ර)
චන්න ප්‍රසන්න, බලයේ වෙනස නිසා ද්‍රවිඩයා නැවත ඔලුව උස්සන බව පෙනෙන්නේ නැද්ද? ප්‍රසිද්ධියේම වෙනම රටක් ඉල්ලන බව පෙනෙන්නේ නැද්ද? ඔබ වගේ අය කියාවි රටෙන් 3/5 අපට ඇති කියලා. ඉන්දියාව දැනටමත් පාලම් හදන්න සූදානම්. රටේ වෙන දේවල් එකකට එකක් සම්බන්ධ කර බලන්නකෝ මොනවද මේ වෙන්නේ කියලා (නි)
චන්න ප්‍රසන්න, ඔබගේ කීම හරියට හරි. (නි)
අනුරාධ, ඔබ හරියටම හරි (නි)
ප්‍රනාන්දු මහත්මයෝ චන්න ප්‍රසන්න කියන මම කවදත් විමසිල්ලෙන්. එකයි මහින්ද මහත්තයව ගෙදර යවන්න අපි කටයුතු කලේ. හිත රිදුනනම් සමාවෙන්න.(රේ)
රට එකට,-පක්ෂෙ දෙකඩ ...පක්ෂෙ එකට-රට බල්ලට... හොරු එකට -පක්ෂෙ මොකට ...රට හදන්න- රටම එකට.(රේ)
බමුණුආරච්චි මහත්මයෝ චන්න ප්‍රසන්න කියන මම හොඳ අවදියෙන්. ඒ වගේම මට හොඳට දුර පෙනෙනවා. ඇත්ත නැත්ත මොකක්ද කියල තේරුම් ගැනීමේ හොඳ මානසික ශක්තියක් තියනවා. ඔබටයි සත්‍යය වැටහෙන්නේ නැත්තේ. මන්ද ඔබ මහින්ද මහත්මයාගේ උෂ්නෙන් අන්ධ වෙලා. හිත රිදුනනම් සමාවෙන්න.(රේ)
අපි ජන්දේ දුන්නේ මහින්ද උත්තමයට මිසක් යූ.එන්.පී එකට කඩේ යන ආණ්ඩුවට කඩේ යන හැතිකරේට නෙවෙයි(රේ)
බලයේ වෙනස නිසා ද්‍රවිඩයා නැවත ඔලුව උස්සන බව පෙනෙන්නේ නැද්ද? ප්‍රසිද්ධියේම වෙනම රටක් ඉල්ලන බව පෙනෙන්නේ නැද්ද? ඔබ වගේ අය කියාවි රටෙන් 3/5 අපට ඇති කියලා. ඉන්දියාව දැනටමත් පාලම් හදන්න සූදානම්. රටේ වෙන දේවල් එකකට එකක් සම්බන්ධ කර බලන්නකෝ මොනවද මේ වෙන්නේ කියලා මහින්ද මහත්තයා පරාජයට හේතුව 60%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය සහා විදේශිය දේශපාලන මනා දැනුමක් නොලද මිනිසුන් සිටීමයි. (රේ)
එහෙනම් මෙතෙක් කාලයක් මොකටද හිටියේ? දැන්ද ඕවා කියන්නේ? (නි)
මොන ප්‍රශ්න තිබුනත් දැන් රටේ නීතිය රජකරනවා (නි)
ඔබතුමා මේ රට නිවැරදි මාවතකට ගන්න. එච්චරයි අපිට ඕනෑ (නි)
මොකක්ද අනේ මේ ප්‍රශ්නය හැමදාම! කවදාවත් මේක අවසන්වෙන පාටක් නැහැනේ (නි)
ඔබතුමා නිවැරදි බව අපිට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ (නි)
බලෙන් ඔබතුමා නොගත්තා නම් නැවත බාරදෙන්නයි දැන් තියෙන්නේ. එතකොට ප්‍රශ්නය ඉවරයි (නි)
ජනපතිතුමනි, මේ වුණ දේ කවුරුත් දන්නවා. ඔබ කිසිම දේකට කෑදර නැතිබවත් දන්නවා. දැන් මහින්දට අමතකයි හැමදේම. මහින්ද නැවත බලයේ ඉන්න බලහත්කාරයෙන් වැඩකළ එකත් වැරදුනා. ලංකාවේ දෙවියන්ගෙන් නොලැබෙන නිසා ඉන්දියාවටත් ගියා. මේ හැමදෙයක්ම අපිට මතකයි (නි)
හොරකමට ගසා කෑමට, ආත්මාර්ථයට වැඩි තැනක් ඇති කණ්ඩායමක සදාචාරය ඇතිකිරීම අපහසු කටයුත්තක්. ඒ අපහසු තත්වයටයි ජනාධිපති මුහුණ දීල තියෙන්නේ (බ)
එහෙනම් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදුවා නම් හොඳනේ (නි)
ප්‍රසන්න මුණසිංහ මහත්මයෝ ඔබ සඳහන් කර ඇති එක දෙයකට මම එකඟයි . ඒ තමා ඔබ කියූ පරිදි මහින්ද මහත්මයාගේ පරාජයට හේතුව 60%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය දේශපාලන මනා දැනුමක් නොලද මිනිසුන් සිටීමයි කීම. මතක තබාගන්න එම 60% සිටිනතුරු මහින්ද මහත්මයා නැවත නැවතත් පරාජයට පත්වෙනවා. ඒක වළක්වන්න බැහැ. (බ)
ඔබ නිර්පාක්ෂික කියපු නිසයි යූඑන්පී අපි ඡන්දය දීලා ජනාධිපති කළේ. හොරු අල්ලනවා කියපු නිසයි අපි ඡන්දය දුන්නේ (නි)
දැන් මේ කතා වලින් වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ (නි)