අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක‍්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එංගලන්තය ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටියි. ශ්‍රී ලංකාව මේ වන විට තරග 17 කට සහභාගි වී ශ්‍රේණිගත කිරීමේ ලකුණු 127 ක් හිමිකරගෙන තිබේ. පළමු ස්ථානයේ සිටින එංගලන්තය තරග 18 කදී ශ්‍රේණිගත කිරීමේ ලකුණු 127 ක් හිමිකරගෙන තිබේ. නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 117 ක් හිමිකර ගෙන ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිටියි. බංග්ලාදේශය, නෙදර්ලන්තය, කෙන්යාව, අයර්ලන්තය, කැනඩාව සහ ස්කොට්ලන්තය යන රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා සළකා බලන විට තරග අටකට සහභාගිවී නොමැති වීම නිසා ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව නැත. 2009 වසරේ අගෝස්තු මස සිට පැවැති තරග මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව තිබේ. අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම
| රට | රසාද ලකුණු | |
| 1. | එංගලන්තය | 127 |
| 2. | ශ‍්‍රී ලංකාව | 126 |
| 3. | නවසීලන්තය | 117 |
| 4. | දකුණු අප‍්‍රිකාව | 113 |
| 5. | ඉන්දියාව | 112 |
| 6. | ඕස්ටේ‍්‍රලියාව | 111 |
| 7. | පාකිස්තානය | 97 |
| 8. | බටහිර ඉන්දීය කොදෙව් | 89 |
| 9. | ඇෆ්ගනිස්තානය | 75 |
| 10. | සිම්බාබ්වේ | 54 |
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාවට විස්සයි-20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය