සුපුරුදු ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අන්දමන්ද කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අද (20 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී ලකුණු 180 ක දැවැන්ත ජයක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ. ලකුණු 321 ක ඉලක්කයක් කරා යමින් සිටි දකුණු අපි‍්‍රකානු පිල ඕවර 31.5 කදී ලකුණු 140 කට සීමා කිරීමට තිසර පෙරේරා (31/3) සහ රංගන හේරත් (25/3) ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ආරක්‍ෂාවත්, අලංකාරයත්, ආක‍්‍රමණයත් අපූරුවට කැටිකරමින්, තම එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 169 නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 320 ක් ලබාගත්තේය. එම ලකුණු සංඛ්‍යාව මත සිටිමින් දකුණු අපි‍්‍රකානු පිල මත පීඩනය වැඩි කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ ඕවර 18.1 ක් ඉතිරිව තිබියදීම තරගයේ ජයග‍්‍රහණය තමන් සතුකර ගත්හ.
මෙම ලකුණු 169, ශී‍්‍ර ලංකා පිතිකරුවකු මවුබිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ශී‍්‍ර ලංකා පිතිකරුවකු විසින් දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.
පැය 3 කට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 137 කට මුහුණ දුන් සංගක්කාර, හතරේ පහර 18 කින් සහ හයේ පහර 6 කින් සිය ඉනිම අලංකාරවත් කළේය. දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ගේ අවසන් ඕවර 10 දී ලකුණු 103 ක් උදුරාගත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතරේ, කුමාර් සංගක්කාර පන්දු 35 කින් ලකුණු 69 ක් රැස්කර ගත්තේය.
40 වැනි ඕවරය නිමා වන විට කඩුලූ 3 කට ලකුණු 217 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලේ සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 123 ක් එක් කිරීමට සංගක්කාර සහ ළහිරු තිරිමාන්න සමත් වූ නමුත් එයින් ලකුණු 100 කම හිමිකරුවා වූයේ සංගක්කාරයි.
තම ඉනිම කදිමට සැලසුම් කළ සංගක්කාර පළමු ලකුණු 50 ලබාගත්තේ පන්දු 66 කිනි. දෙවැනි ලකුණු 50 පන්දු 37 කදී ලබාගත් සංගක්කාර ලකුණු 100 සිට 150 කරා යාමට මුහුණ දෙන්නේ පන්දු 24 කට පමණි.
ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 10 කට දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උපුල් තරංග (43) සහ කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 93 ක් දක්වා ඉහළ දැමූහ. පන්දු 64 කට මුහුණ දෙමින් ඒවායින් 7 ක් හතරේ සීමාවට පිටත්කර යැවූ උපුල් තරංග දැවී ගියේ මෝර්නි මෝකල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.
පිටියේ කී‍්‍රඩකයන් අතර පරතරය මැනවින් තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කිරීමේ යෙදුණු තරංග, සංගක්කාර සහ මහේල තමන්ගේ කඩුලූද ආරක්‍ෂා කරගනිමින් 40 වැනි ඕවරය නිමා වන තුරුත් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු වේගය ඕවරයක් සඳහා ලකුණු 5.00 ක් ආසන්නයේ තබාගත්තේ අවසන් ඕවර 10 දී ප‍්‍රහාරයකට අරඅඳිමිනි. අනතුරුව ඔව්හු සිය සැලැස්ම අකුරටම කි‍්‍රයාත්මක කළහ.
කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් ඔහුට එයින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල උදාකරගත නොහැකි වූයේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් ආරක්‍ෂාව සහ ආක‍්‍රමණය යන දෙකම අවශ්‍ය තරමට යොදාගත් බැවිනි.
වසර 4 කට පසුව ජෙහාන් මුබරක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා තිබුණ නමුත් ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාවක් නොලැබිණ. මුබරක් අවසන් වරට එක්දින තරගයක් සඳහා කී‍්‍රඩා කළේ 2009 වසරේදී පාකිස්තානු පිලට එරෙහිව කරච්චියේදීය.
ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටි මෝනි මෝර්කල් දකුණු අපි‍්‍රකානු පිලට කී‍්‍රඩා කරයි. දකුණු අපි‍්‍රකානු පිලේ ප‍්‍රබල ආරම්භක පිතිකරුවකු වන හෂිම් අම්ලාගේ ගෙළේ ආබාධයක් හේතුවන් මෙම තරගයට කී‍්‍රඩා නොකරයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකාව
උපුල් තරංග ‐ ප. මෝකල් 43
තිලකරත්න ඩිල්ෂාන් ‐ ප. මැක්ලරන් 10
කුමාර් සංගක්කාර ‐ ඇ. ඩුමිනි ප. පැන්ගිසෝ 169
මහේල ජයවර්ධන ‐ ඇ. ඉන්ග‍්‍රම් ප. මෝකල් 42
ළහිරු තිරිමාන්න ‐ ඇ. රොබින් පීටර්සන් ප. මැක්ලරන් 17
තිසර පෙරේරා ‐ නොදැවී 16
දිනේෂ් චන්දිමාල් ‐ නොදැවී 1
අතිරේක 22
එකතුව ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 320
කඩුලූ වැටීම : 1‐23 (ඩිල්ෂාන්), 2‐93 (තරංග), 3‐167 (මහේල), 4‐290 (තිරිමාන්න), 5‐303(සංගක්කාර)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : ජෙහාන් මුබාරක්, රංගන හේරත්, ලසිත් මාලිංග සහ ශාමින්ද එරංග
පන්දු යැවීම : මෝනි මෝකල් : 10‐2‐34‐2, කි‍්‍රස් මොරිස් : 9‐0‐80‐1, රයාන් මැක්ලරන් : 10‐0‐69‐1, රොබින් පීටර්සන් : 5‐0‐30‐0, ජේ. පී. ඩූමිනි : 7‐0‐51‐0, ඒරන් පැන්ගිසෝ : 9‐0‐50‐0
දකුණු අපි‍්‍රකාව
කොලින් ඉන්ග‍්‍රම් ‐ ප. මාලිංග 0
ඇල්වයිරෝ පීටර්සන් ‐ ඇ. සංගක්කාර ප. තිසර පෙරේරා 29
ජේ. පී. ඩුමිනි ‐ ඇ. සංගක්කාර ප. එරංග 15
ඒ. බී. ඩිවිලියර්ස් ‐ ප. හේරත් 23
ෆෆ් ඩු ප්ලෙසි ‐ ඇ. චන්දිමාල් ප. තිසර පෙරේරා 4
ඬේවිඞ් මිලර් ‐ ප. ඩිල්ෂාන් 14
රොබින් පීටර්සන් ‐ ඇ. තරංග ප. තිසර පෙරේරා 29
රයාන් මැක්ලරන් ‐ ඇ. තිසර පෙරේරා ප. ඩිල්ෂාන් 4
කි‍්‍රස් මොරිස් ‐ නොදැවී 9
මෝනි මෝකල් ‐ ඇ. තිරිමාන්න ප. හේරත් 0
ඒරන් පැන්ගිසෝ ‐ ස්ට. සංගක්කාර ප. හේරත් 0
අතිරේක 13
එකතුව ඕවර 31.5 කදී සියලූ දෙනා දැවී 140
කඩුලූ වැටීම : 1‐0 (ඉන්ග‍්‍රම්), 2‐29 (ඩුමිනි), 3‐73 (ඩිවිලියර්ස්), 4‐75 (ඇල්වයිරෝ පීටර්සන්), 5‐82 (ඩුප්ලෙසි), 6‐103 (මිලර්), 7‐119 (මැක්ලරන්), 7‐119 (මැක්ලරන්), 8‐138 (රොබින් පීටර්සන්), 9‐138 (මෝකල්), 10‐140 (පැන්ගිසෝ)
පන්දු යැවීම : ලසිත් මාලිංග : 4‐1‐21‐1, ශමින්ද එරංග : 5‐0‐27‐1, තිසර පෙරේරා : 7‐0‐31‐3, රංගන හේරත් : 8.5‐1‐25‐3, තිලකරත්න ඩිල්ෂාන් : 5‐0‐11‐2, ජෙහාන් මුබාරක් : 2‐0‐14‐0
ඡයාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දිමාල්ට බැනපු අය දැක්කෙ නැද්ද එයා නායකයා කරපු එකේ අගය? එයා කොච්චර කාර්යක්ෂමව ඒ කාර්යය කළාද? (නි)
ජෙහාන් මුබාරක්ට වැඩිය රමිත රඹුක්වැල්ල හොඳ නැත්ද? (අ)
මේ වගේ පොඩි තරග විතරක් දිනලා හරියන්නෙ නැහැ. ඉන්දියාව හිටියොත් සුනේ සුන්. ලංකාවේ ක්‍රිකට් වලට මට හිතෙන හැටියට නම් ආයේ ගොඩඒමක් නැහැ (නි)
අපේ කොල්ලන්ට සුභ පතනවා. ජයසුරිය කියන්නේ නිකන් පුද්ගලයෙකු නෙමෙයි, ලෝකේටම රිදෙන්න ඇඩෙන්න ගහපු කෙනෙක්. ඔහුගේ වකවානුවෙදී ඔහු සල්ලි වලට සෙල්ලම් කළ කෙනෙක් නෙමෙයි. රට පෙරට තියාගෙන සෙල්ලම් කෙරුවේ. එහෙම පුද්ගලයකු අද තේරිම් කමිටුවෙ පළමු පුද්ගලයා වී කණ්ඩායමක් තෝරන්නේ ඔහුගේ අත්දැකිම් මතයි. තිරිමාන්නගෙන් අනාගතයේදි අපට ගුරුසිංහ කෙනෙක් දැක ගැනිමට ලැබේවි. මම හිතන්නේ පුංචි ජයසුරියට අවස්ථාවක් දෙන්න ඕනෑ අපි. තිසර පෙරේරා කණ්ඩායමට ඇතුලත් වීම භාග්‍යයක්. එමෙන්ම මම නායකයාගේ නායකත්වය ඉහලින් අගයනවා (නි)
අනේ දෙවියනේ කණ්ඩායමට දාන්න පුළුවන් 11නෙක් විතරනේ (අ)
මේ තරගාවලියට දකුණු අප්‍රිකාව වෙනුවට ඉන්දියාව ආවනම් බලන්න තිබ්බා ලස්සනට අපිට නෙලන හැටි.(නදී)
තිරිමාන්නත් එළියේ තියලා දාන්න කුසල්ව. තව වැඩ බලන්න පුළුවන් වේවි (නි)
ලංකික ක්‍රීඩකයෝ හොදට සෙල්ලම් කළත් රටේ හැමදේම කන්නේ අපේම දේශපාලකයනුයි. අපට සුපිරිසිදු දේශපාලන චරිත කවදා ලැබෙයිද? (දී)
තිරිමාන්න බජලොක් ගහනවා ,නමුත් කවදාවත් කපන්නේ නෙහැ ,එක්දින කණ්ඩායමට නුසුදුසුම ක්‍රීඩකයා ඔහු තමයි ,ටෙස්ට් කන්ඩායමට නම් සුදුසු ඇති , සනත් ජයසුරිය ... කරුණාකරලා මේ මනුස්සයා තියල ඇන්ජිලෝ පෙරේරාට ,රුවන් විතානගේට අවස්ථාවක් දෙන්න. (දී)
සඟ ඔබේ අලංකාරවත් චමත්කාරවත් ඉනිමට හිස නමා ප්‍රතිචාර දක්වමි. මහේල ඊට නොදවෙනි ඉනිමක් ක්‍රීඩා කළා. ඇයි මේ මුබාරක් මේ වෙලාවේ . අවු. 32 පැනලා. උදින තල්ලුවක් වගේ. 2015 ඒම් කරනවා නම් අර " සිහින කුමාරයා" වගේ කෙනෙක් හරි දාන්න තිබ්බනේ. කෙසේ හෝ සීනියර්සලාගේ කර උඩින් ඉදිරියටම යමු. (දී)
ලකුණු ප්‍රමානය නම් හොදයි .හොදට පන්දු රැක්කොත් තරගය දිනන්න පුළුවනි .මගේ සුබ පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමට . (දී)
බහුතරය කියන විදිහට තිරිමාන්න එලිය තියල එයට පීඩනයක් ලබා දිය උතුයි. තිරිමාන්න එක්දින , ටෙස්ට් වගේ සෙල්ලන් කර එයා ටෙස්ට් වලත් අසාර්ථකයි . තිරිමාන්න වෙනුවට ලංකාවේ තව ඕන තරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ජයසුරිය මහත්මයට එක පෙන්න නැහැ. තිසර පෙරේරාට අවස්ථාව හම්බුනෙත් කුලසේකර , මතෙව්ස් හිටිය නැති නිසා. තරංගද මේ තරගයේදී ලකුණු අතරට පැමිණීම ලංකාවට වසි දායක විය.ඊලග තරගයේදී තිරිමාන්න ඉවත්විය යුතයි. අන්ජේලෝ පෙරේරා ට ඒ අවස්ථව හිමි විය උතුය. සචිත්රටද අවස්ථාවක් ලබා දිය උතුය. නැතිනම් රන්ගන්ගෙන් පසු ලංකාවට හොද දග පන්දු අවන්නක් නෑති වේවි. (දී)
දකුණු අප්‍රිකාවට එරෙහිව කුමාර සංගක්කාරට ලකුණු 29ක විශිෂ්ට ජයක් සංගක්කාර 169 /1 දකුණු අප්‍රිකාව 140/10 (දී)
තිරිමාන්න මන් එලියට දාන්නම්කො හොඳේ ... (දී)
අයි පී එල් සංගා කියලා අදහස් දක්වපු කට්ටියගේ අදහස් කෝ? (නි)
එක එක්කෙනාට ඕන විදියට මේකේ ක්‍රීඩකයෝ දාන්නයි අයින් කරන්නයි බැ. (දී)
කේෂන් ඔයාට උදේට අමාරුවක් එහෙම දැනෙනවද. (දී)
තිරිමාන්න එලියට යා යුතු ක්‍රීඩකයෙක්.. අලුත් කෙනෙක්ට අවස්ථාවක් දෙන්න...(අ)
සිංහයෝ එක්ක සෙල්ලම් නැහැ කියන්නේ ඔකතමයි හිතනවාද ඔයාලට අපිව ලේසියෙන් පරද්දන්න එක ලේසි නැහැ සිංහයෝ කියන්නේ සින්හයින්ට හරිද (දී)
තිරි මාන්න එපෝ ...ඒ වුණාට දැන් කණ්ඩායමේ උපනයකයත් කරලා.මොකද දන්නේ නෙහැ නේද , (අ)
එක එකෙන්නට ඕන වීදිහට ක්‍රීඩකයෝ දන්න ඕන නැහැ තමයි. එත් එක දිගටම අසාර්ථක වන ක්‍රීඩකයෝ එලිය තියන්න ඕන. මොකද ඊට වඩා සාර්ථක ක්‍රීඩකයන් එළියේ ඉන්නවා. බොල් 75 , ලකුණු 25 ගහන අයට වඩා බෝල් 15 , ලකුණු 25 වටිනවා. අපි කතා කරන ක්‍රීඩකයා ඊයේ තරගයේදී සංගත් එක්ක තියපු සම්භන්ධ තාවයෙනුත් ඔහුගේ අසාර්ථකත්වය පෙන්නුවා. 123 ක සමබදත්වයෙන් පිතිකරුවෙක් වශෙන් ඉන්න ක්‍රීඩකයෙකු ලකුණු 17 අරගෙන තවත් කණ්ඩායමේ රැදී සිට්නවානම් දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයන්ට ලොකු අසදාරණක්. ඔහු කණ්ඩායමෙන් ඉවත් උනාට ඔහුටත් අවස්ථාවක් ලබනවා තමාගේ නියම දක්ෂතා පෙන්නලා නැවතත් කණ්ඩායමේ ඇතුලට එන්න. එතකොට අපිට ඔහුව හැල්ලුවට ලක් කරන අවස්ථාවක් ලැබන්න නැහැ. (දී)
සමහර ක්‍රීඩකයෝ ඔයාලට එක දිගට අසාර්ථකයි කියල පෙනෙනවා ඇති. එත් ක්‍රීඩකයෙක් තෝරන්න ප්‍රදාන කරුණු 3ක් බලනවා. 01 ක්‍රීඩා කරන රටත් සමග පෙර පෙන්නා ඇති දක්ෂතා. 02. තරඟය පවත්වන ග්‍රවුන්ඩ් එකේ පෙර පෙන්නා ඇති දක්ෂතා. 03 ක්‍රීඩකයාගේ දැන් පවතින සාමාන්‍ය අගය. ඕවා බලලා තමයි තරඟයකට කණ්ඩායමක් තෝරන්නේ. ඔයාලා මේ ක්‍රිකට් තරග 10 තිබ්බොත් ඒවායෙන් 5 ක් විතර බලලා එවයිනුත් සමහර තැන් බලලා තීරණය කරනවා . කවුද හොඳ නරක කියලා එහෙම කරන්න බැහැ.(නදී)
අපි ගැහුවා ලකුණු වදින්ඩ මන්දා... (දී)
දකුණු අප්‍රිකාව සමග දිනන්න පුළුවන් මොකද තවම එස්.ඒ .පි.එල් කියලා තරගාවලියක් නැහැනේ. අනේ දෙවියනේ මේ තිරිමාන්න මොනවද මේ කරන්නේ. මට නම් හිතාගන්න බැහැ තවමත් එයාව තියාගෙන ඉන්නේ මොකද කියලා. මුබරක්ව අයෙත් ගත්තද ? අපි බලාගෙන හිටියේ ඇන්ජලෝ පෙරේරාව ගනීවි කියලා. කුසල් ජනීත්ව අරගෙන හොදට පුහුණු කරලා ගන්න මීලග ලෝක කුසලානෙට. එහෙම නොකලොත් අපේ ක්‍රිකට් වලපල්ලට තමයි. සංගා , මහේල , දිල්ෂාන් නොගහපු කිසිම දවසක තරගයක් දිනලා තියෙනවද ? අනේ ජයසූරිය මහත්තයෝ දැන්වත් පොඩ්ඩක් හිතල තීරණ ගන්න. (දී)
තිසර කණ්ඩායමට ඕනම කෙනෙක් කියලා අයෙත් සැරයක් ඔප්පු කරලා පෙන්නුවා. තිසර ඔයාට දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්. (දී)
සංගා මගේ උණුසුම් සුබ පැතුම්...ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනය කරන්න දෙන්න එපා. (අ)
සංගක්කාර ඔබ ගැන ගොඩාක් සතුටුයි ඔබ සැබෑමදක්ෂයෙක් (දී)
තිරිමාන්න තවම නැගී එන ක්‍රීඩකයෙක්. එයා තව ඉදිරියට දක්ෂකම් පෙන්නාවි. ඇන්ජෙලෝ පෙරේරාව දාන්නා ඕනෑ තිරිමාන්න කපලා නෙමෙයි (දී)
ධනුෂ්ක කියන විදිහට ක්‍රීඩකයෙක් තෝරන ප්‍රධාන කරුණු 3ම අසාර්ථක වුනු ක්‍රීඩකයන් පවා තවම කණ්ඩායමේ සිටිනවා. (නි)
අපි දිනුම් අපේ කොල්ලන්ට සුබ පැතුම්.අද අදහස් අඩු දිනපු නිසා වෙන්න ඇති.හැමෝම කිවුවා වගේ මුබාරක් නම් මොකට ගේනවද මන් ද. (අ)
කොහොමත් අපේ සංගා හින්දා තමයි තරග ජය ගත්තේ. ඊයෙත් ඒක හැමෝම දැක්කා. සංගා ඔයාලට කවුරු බැන්නත් අපි ඔයාලට ආදරෙයි. සංගා ඔයාව හැමදාමත් අපිට වටිනවා (දී)
බැලුවම ක්‍රිකට් පාලක මණ්ඩලයට සුදුසු කට්ටිය ඉන්නේ මෙතන අදහස් දාන ගොඩේනේ (දී)
දිනනදාට කොල්ලෝ ෂා නියමයි කියනවා. එකක් දෙකක් අයියෝ පැරදුනාම මොකක්ද මේ කලේ අහනවා... මේ තියන අදහස් දැක්කම ක්‍රිකට් බෝඩ් එකට ගන්න පුළුවන් අය ගොඩක් ඉන්නවා කියලා පේනවා. අනේ මේ උගත් කට්ටියට බෝඩ් එකට යන්න උදව් කරන්නකෝ. (දී)
දිනේෂ් චන්දිමාල් පලමු තරගයෙන් ම ඔහු සාර්ථක නායකයෙක් බව පෙන්නුවා.චන්දිමල්ට වගේම සන්ගටත් සුබපැතුම්.තිරිමාන්න ගැන නම් සලකා බලන්න සිද්ධ වෙනවා.තිරිමාන්න ඉතා වැඩි ප්‍රමානයක් බෝල නිකරුනේ නාස්තිකිරීම නිසා ඔහුට පසුව පැමිණි ක්‍රීඩකයන්ට ඉකමනින් පහර දීමට පමණක් සිදුවීම නිසා පසු පෙළ සිටි චන්දිමාල් අසාර්ථක වුන (දී)
මුබාරක් කියාන්නේ ජව සම්පන්න ක්‍රීඩකයෙක් සනත් ජයසුරිය කරලා තියෙන්නේ කාලොචිත ක්‍රියාවක් (දී)
එහෙට ගියොත් අපි කනවා....., මෙහෙ ආවොත් අපි දෙනවා.... මන්දා ....අනේ මටනම් දැන් පිස්සු වගෙ...... ඔව් මයි (දී)
තිරිමාන්න කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක්. ඔහුට තව කාලයක් සෙල්ලම් කරන විට සංගලාගේ තත්වෙට ගන්න පුළුවන් (දී)
මුබාරක් සිටිය යුතුම කෙනෙක් ඉතිරි මට්ච් වලදී හැමකෙනාටම තේරෙයි . ජයසුරිය හරි. (අ)
අපෝ චන්දිමාලුයි, තිරිමාන්නයි ටෙස්ට් තරග වලට සීමා කරන්න තියෙන්නෙ.. නැත්නම් මිලග ලොක කුසලාන තරගාවලියට ලංකාවට සුදුසුකම් ලබාගන්නවත් බැරිවෙයි...(අ)
මම හැමදාම කියන දේ අදත් කියනවා...මහේල,දිල්ෂාන්,සංගා නැති කාලෙක ශ්‍රිලංකාවේ ක්‍රිකට් ඉවරයි.මේ නවකයෝ කියන කට්ටිය ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් එපා කරවනවා..අපට දුක අපට මේ තේරෙන ටිකවත් ජයසුරිය මහත්තයට තේරෙන්නේ නැති එකනේ අනේ බුදු මහත්තයෝ අපි කැමති හැමදාම ලංකාව දිනනවට කරුණාකරලා ඔය තිරිමාන්න කියන හාදය කණ්ඩායමෙන් එලවල දන්නා..අපිට ක්‍රිකට් එපා කරවනවා...එදා සංගා ගැහුවේ නැත්නම් තරග පරදිනවා...සංගා එදා සෙල්ලම් කරේ අවුරුදු 25ක තරුණ ක්‍රීඩකයෙක් වගේ තිරිමාන්න සෙල්ලම් කරේ අවුරුදු 65ක් විතර වයසක ක්‍රීඩකයෙක් වගේ අනේ ජයසුරිය මහත්තයෝ හයක් හතරක් ගහන්න පන කෙන්දක් තියන තරුණ ක්‍රීඩකයෝ එක්දින කණ්ඩායමට දාන්න තිරිමාන්න වගේ අය ටෙස්ට් කණ්ඩායමට දාන්න.(අ)
චන්දිමාලුයි, තිරිමාන්නයි ටෙස්ට් තරග වලට සීමා කරන්න තියෙන එක නැත්නම් මිලග ලොක කුසලාන තරගාවලියට ලංකාවට සුදුසුකම් ලබාගන්නවත් අමරුවෙයි.(අ)
ඔය තිරිමාන්න කියන මනුස්සය එදා පවර් ප්ලේ එකේ බෝල් 32ත ලකුණු 17 ගැහුවේ...ක්‍රිකට් ගහන්න දන්නේ නැති මම ගියත් කකුලෙන් හරි ගහල බෝලෙට එක ලකුණ හරි දානවා අය්යෝ සල්ලි...(අ)
ඇති යාන්තම් (අ)
ලංකාවේ 17 වැනි ක්‍රිකට් නායකයා, අංක 17 - දිනේෂ් චන්දිමාල්, ලෝක කුසලානය දිනා අවුරුදු 17 කට පසු අද ඇරඹු යෝධ ගමන, ලංකාව දිනන දෙවන ලෝක කුසලානයේ ගමන් ආරම්භයද? (අ)
ඇති දා සීනි , නැති දා ගෝනි කියන්නේ මේවට තමා (අ)
දිනුවත් පැරදුනත් සතුට දුක සාමකාමිව දරාගැනීමේ හැකියව ලංකාවේ අපිට තියෙනවනේ.තිරිමාන්න වගේ කෙනෙක් ඉන්නම ඕන. මහරුෆ් 3 ඉරියව් ක්‍රීඩකයෙක් ඔහු කණ්ඩායමේ සිටිය යුතුයි .දවසක ඉන්දියාවට පාචනය හෙදෙන්න ගහපල්ලා කොල්ලනේ. (අ)
යාන්තන් ඇති අද තිසර පෙරේරා ව දාල තිබුන අද පණ්ඩිත ජයසූරියට කනේ පාරක් ගහපු විදියට නේද තිසර ලස්සනට සෙල්ලම් කලේ. හැමදාමත් කිව්වේ එක තමයි තිසර ටීම් එකේ ඉන්න ඕන. (අ)
මුබරාක්ට වඩා සුදුසුකම් තියෙන ක්‍රීඩකයෝ 50ක් විතර සිටිනවා කණ්ඩායමට ඇතුලත් වීමට .මෙතනදීත් වෙලා තියෙන්නේ ලොකු ජාවාරමක් කියල හිතෙනවා .(අ)
තිසරට බැට් කරන්න 3 , 4 ඩවුන් වෙන්න බැරිද මැච් මැච් තුන හතරක.(නදී)
අද දිනුවට හෙට පරදින්න පුළුවන්. නමුත් අපි හැමදාම ඔබ සමගයි (දී)
ඉතිරි හතරම දකුණු අප්‍රිකාව පරදිනවා. ඇන්ජලෝ පෙරේරාව ගස්සන්න අලුත් අයට චාන්ස් එක දෙන්න. චන්දි, තිරිමාන්න එළියෙන් තියන්න.(එයාලව ටිකක් එළියේ තියල ගත්තහම හරියනවා ) පැරදුනත් කමක් නැහැ අලුත් කොල්ලෝ ගහලා.(නදී)
හරිම පුල් එකක් තියන්නේ, කොපමණ දක්ෂ ක්‍රීඩකයෝ සිටිනවද. අවෂම නම් මොහු ට වඩා මහරෝෆ් කොපමණ හොදද?(දී)
ඇන්ජලෝ පෙරේරා වැනි අයට අවස්තාවක් තියෙද්දිත් මොකද මේ මුබාරක් මොකට දැම්මාද දැන් ඉතින් අන්ජලොට කවදාවත් අවස්තාවක් නැහැ (දී)
මුබාරක් වෙනුවට කුසල් ජනිත් හරි ඇන්ජෙලෝ පෙරේරා හරි දාන්න තිබුනා. තරුණයෝ උඩට ගන්නවා කියන්නේ මේකටද? මෙහෙම ගියොත් අපේ ක්‍රිකෙට් හැමදාම වළේ තමයි. (අ)
අනේ මන්දා මේ ලංකාවේ සමහර අය ක්‍රිකට් ගැන දන්නේ නැතුව ප්‍රතිචාර දානවා. පැරදුනාම පලු යන්න බනිනවා. දිනපු දා ටත් වැරදි හොයා හොයා බනිනවා. ඔයාලට ඕන ඕන විදියට 11 දෙන තෝරන්න බැහැ. නිකන් බයිලා ගහන්න එපා හලෝ. ක්‍රිකට් ගැන දැනගෙන ප්‍රතිචාර දක්වන්න. (කාරුණික ඉල්ලීමකි ).(නදී)
අද හොදට ක්‍රීඩා කළා. ඇත්ත වශයෙන්ම නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දිය යුතුයි.(නදී)
අපොයි , මොකටද එක්ව ටීම් එකට දැම්මේ.. දැන් අයිවන වෙන වයසනේ.. කණ්ඩායමට ගන්න කොල්ලෝ නැද්ද ? (අ)
ඊ ජී බී නැතුව කෑම එපා-සංගා නැතුව ක්‍රිකට් එපා !(නදී)
අද වැඩට ගිහින් මැච් බැලුවා. නියමයි.(නදී)
අනේ මාවත් ගන්නකො ක්‍රිකට් බෝඩ් එකට. (නදී)
ජෙහාන් ගත්තේ ට්‍රේනින් මැච් එකේදී 42 ගහපු නිසා. තිරිමාන්න තාම මදි තමයි ඒත් ගුරා, අතපත්තු වගේ විකෙට් එක ෂුවර්.(නදී)
තිරිමාන්න එපා මොකට උප නායකයා කරාද මන්ද තිසර හැමදාම කණ්ඩායමට ඕන කෙනෙක් මේ සැරෙත් ඒක හොදට පේනවා(අ)
විවිධ අදහස් අනුව හැමෝම කැමති හැමදාම දිනන්න. හොද කණ්ඩායමක් තෝරාගන්න. නරකද බෝඩ් එකට යෝජනාවක් ගෙනාවොත් පන්දු රකින්න දහදෙනයි, පහර දෙන්න දහ දෙනෙකුයි වෙන වෙනම තෝරපුවම. එහෙම නැත්නම් පනහක් විතර දාලා එස්.එම්.එස්. තරගයක් තියමු.කිසිකෙනෙක් හෑල්ලුවට ලක්වෙන්නෙත් නැහැ අමතර ආදායමකුත් ලැබෙනවා. (නි)
අනේ කරුණාකරලා තිරිමාන්න එළියෙන් තියන්න. එයා ‘වන් ඩේ’ ගහන්නේ හරියට ටෙස්ට් ගහනවා වගේනේ. (නි)
සුජි කියන විදියට තිරිමාන්න සංගලගේ තත්වයට එනකොට ලංකාවේ ක්‍රිකට් වල පල්ලට ගිහින් තියේවි. අනේ දැන් වත් කරුණාකරලා තිරිමාන්නව ටිකක එළියෙන් තියන්න. එයාට ආයෙත් දක්සකම් පෙන්නලා ටීම් එකට එන්න කියන්න. චන්දිමාලුත් දිගටම අසාර්ථක වෙනවනම් එයාවත් එළියෙන් තියන්න. තිසරව හරි කුලසේකරව හරි උප නායකයා කරන්න. කුසල් ජනිත් , ඇන්ජලෝ පෙරේරා වගේ අයට අවස්ථාවක් දෙන්න. ඊයෙත් සංගා නොගැහුවානම් මැච් එක ඉවරයි නේද ? ඇයි තිරිමාන්නට කලින් තිසරව එවන්නේ නැත්තේ ? තිරිමාන්න බෝල් ටික නිකම් කාල ගියහම ඊට පස්සේ එන කට්ටිය ඉක්මනට ලකුණු ගන්න ගිහින් අපරාදේ අවුට් වෙනවා. එතකොට මුළු මැච් එකම ඉවරයි. අනේ දැන්වත් තේරුම් ගන්න. (අ)
රශ්මික, මම හිතන්නේ ඔයා චැම්පියන්ස් තරගාවලිය සහ වෙස්ට් ඉන්දිස් තරගාවලි බලන්නේ නැතුව ඇති (නි)
දොස්තර මහත්තයෝ මට නම් උදේට කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. ඒත් මම කවදත් වැරදි නම් වැරදි, හරිනම් හරි කියන කෙනෙක්. තේරුනාද, මම කාටත් බය නැහැ. ඒ නිසා දොස්තර මහත්යෝ මගේ ලෙඩ ගැන හොයන්නේ නැතුව ඔයා ගිහිල්ලා අපේ අයගේ අයි.පී.එල් උන සනීප කරන්න කෝ. එතකොට ඔයාට හොඳ ගානකුත් හොයාගන්න පුලුවන්.(නදී)
තිරිමාන්න මොනවද මේ කරන්නේ? (නි)
තිරිමාන්නලව ටිකකට එළියෙන් තියන්න බැරිද? නවකයන්ට තැන දෙනවා කියලා විතරක් හරියන්නෙ නැහැ. ඉන්දියාව තරග දිනන්නේ ඇයි? සෙල්ලම් නොකළොත් වෙන දේ එයාලා දන්නවා. අපිට ඕනෑ හොදට සෙල්ලම් කරන අය. ඒ අය කවුරු වුනත් අපිට කමක් නැහැ (නි)
ඉන්දියාවේ වගේ කරන්න ඕනෑ. එතකොට හරි. පේනවනේ අලුතෙන් එන අය ගහන ගැහිල්ල... ඇයි ඔය වැඩේ අපිට කරන්න බැරි.? ජාතික කණ්ඩායමට ඇවිත් ක්‍රිකට් වල මූලික හරය පමණක් ඉගෙනගෙන හරියන්නේ නැහැ අපේ අය. මේකටද නවකයින්ට තැන දෙනවා කියන්නේ?(නි)
තිරිමාන්න කියන්නේ අපේ ලංකාවට ඉන්න සම්පතක්.චන්දිමාල් මහේල කියන විදියට ලංකාවේ අනාගත ක්‍රිකට්.මතකද සංගල,මහේලලා,අතපත්තුලා අසාර්ථක වෙනකොට ඔවුන්ව ආරක්ෂා කරගත්තු හැටි?ඊට පස්සේ ප්‍රතිඵල ලැබුනේ නැද්ද? මුබාරක්ව පන්දු යවන්නෙක් වගේ පාවිච්චි කරන්න පුළුවන් පිතිකරණයට අමතරව.ඔහුට අවස්ථාවක් දුන්නු එක නරකද? (නි)
තව තරග හතරක්ම තියෙනවනේ.ඉක්මන් වෙන්න එපා. (නි)