කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල පරදවා ලකුණු 17 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 5 කින් සමන්විත තරගාවලියේදී 2 - 0 ක් ලෙසින් ඉදිරියට පැමිණියේය.
ජයග‍්‍රහණය වෙනුවෙන් ඕවර 29 කදී ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඕවර 21 ක් අවසානයේදී වර්ෂාව නිසා තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය.
ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව, දකුණු අපි‍්‍රකානු ඉනිමේ කඩුලූ 5 ක් දැවී ගොස් තිබුණේ නම්, ඕවර 21 ක් අවසානයේදී තරගය සම වීම සඳහා ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 121 කි. ඒ අනුව වර්ෂාව නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල ලකුණු 17 ක් ඉදිරියෙන් සිටියේය.
වර්ෂාව ඉතා දැඩි වූ හෙයින් කී‍්‍රඩාංගණ ආවරණ පිටිය පුරාම ඇතිරුණු අතර තරගය නැවත ආරම්භ කළ නොහැකි වූ නිසා ශී‍්‍ර ලංකා පිලට ජය හිමි විය.
තරගය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි රයාන් මැක්ලරන් (නොදැවී 14) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 22) දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 35 ක් එක් කරමින් තම පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමේ දැඩි උත්සාහයක නිරතව සිටියද ඔවුන් හමුවේ තිබුණේ අසීරු අභියෝගයකි. එනම් පන්දු 48 කදී ලකුණු 75 ක් ලබාගැනීමයි.
දකුණු අපි‍්‍රකානුවන්ට වූ බරපතළම පාඩුව වූයේ හෂිම් අම්ලා පන්දුරැකීමේදී තුවාල ලැබීමයි. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි පිතිකරුවාද වන අම්ලා අද දිනයේ පන්දුවට පහර දීමට නොපැමිණියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 49.2 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය. අනතුරුව ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව දකුණු අපි‍්‍රකානු පිලේ ඉලක්කය ඕවර 29 කදී ලකුණු 179 ක් ලෙස ප‍්‍රකාශයට පත්කෙරිණ.
ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතරේ තිලකරත්න ඩිල්ෂාන් (43), කුමාර් සංගක්කාර (37) සහ දිනේෂ් චන්දිමාල් (43) දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ තරමක හෝ ප‍්‍රතිරෝධයක් දැක්වූ නමුත් කිසිදු පිතිකරුවකුට ලකුණු 50 සීමාවෙන් ඔබ්බට යාමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ අවසර නොදුන්හ.
පන්දු රැකීමේදීත් සිය සුපුරුදු දස්කම් අතරට අවතීර්ණ වූ දකුණු අපි‍්‍රකානුවෝ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කළේ අති විශිෂ්ඨ උඩපන්දු දෙකකිනි.
උපුල් තරංග ලකුණු 3 කට දැවී ගියද කුමාර් සංගක්කාර සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක්කළ ඩිල්ෂාන්ගේ පිත්තේ දාරයේ ගැටුණු පන්දුව පළමු ස්ලිප් දෙසට ඇදී යද්දී ඒ වෙත පියාඹා ගිය ඒ. බී. ඩිවිලියර්ස් උඩ පන්දුව රැකගත්තේ ඩිල්ෂාන් විපිළිසර කරමිනි. ඒ වන විට පන්දු 64 කට මුහුණ දී සිටි ඩිල්ෂාන් ලබා සිටියේ ලකුණු 43 ක් පමණි.
චන්දිමාල්ගේ ස්ක්වෙයාර් කට් පහරකින් පසු පන්දුව විදුලි වේගයෙන් ඇදී යද්දී බැක්වර්ඞ් පොයින්ට්හි සිටි ෆෆ් ඩූ ප්ලෙසී එය උඩපන්දුවක් බවට පෙරළාගත්තේ චන්දිමාල්ට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි කර නොතබමිනි.
දකුණු අපි‍්‍රකානු පිලේ අංක එකේ වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින් නැති අඩුව කදිමට පිරවූ මෝනි මෝකල්, සිය ඕවර 10 න් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලකුණු 34 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීය. ඔවුන් තිදෙනා වූයේ උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල්ය.
ඊයේ රාති‍්‍රයේ සිටම පැවැති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අද තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වුවත් ඕවර සංඛ්‍යාව අඩු නොකර පස්වරු 3.00 ට තරගය ආරම්භ කිරීමට විනිසුරුවරු තීරණය කළහ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව
උපුල් තරංග- ඇ.රොබින් පීටර්සන් ප.මෝකල් 3
තිලකරත්න ඩිල්ශාන් - ඇ.විලියර්ස් ප.මෝකල් 43
කුමාර් සංගක්කාර - ඇ.ඇල්වයිරෝ පීටර්සන් ප.පැන්ගිසෝ 37
මහේල ජයවර්ධන - ප.රොබින් පීටර්සන් 17
ළහිරු තිරිමාන්න - ක.මු.කළා ප.මැක්ලරන් 13
දිනේෂ් චන්දිමාල් - ඇ.ඩු ප්ලේසී ප. මෝකල් 43
ජෙහාන් මුබාරක් - ඇ. සහ ප.ඩුමිනි 8
තිසර පෙරේරා - ඇ.අතිරේක ප.මොරිස් 11
රංගන හේරත් - දුවද්දී දැවී ගියා 13
ශමින්ද එරංග - නොදැවී 7
ලසිත් මාලිංග - නොදැවී 0
අතිරේක 28
එකතුව ඕවර 49.2 කදී කඩුලූ 9ක් දැවී 223
කඩුලු වැටීම:
1-7 (තරංග), 2-66 (සංගක්කාර), 3-106 (ජයවර්ධන), 4-120 (ඩිල්ශාන්), 5-143 (තිරිමාන්න), 6-167 (මුබාරක්), 7-192 (පෙරේරා), 8-205 (චන්දිමාල්), 9-220 (හේරත්)
පන්දු යැවීම:
රොබින් පීටර්සන් : 10-0-39-1, මෝනි මෝකල් : 10-0-34-3, ක‍්‍රිස් මොරිස් : 7-0-38-1, රයාන් මැක්ලරන් : 9.2-0-43-1, ඒරන් පැන්ගිසෝ : 10-0-52-1, ජේ. පී. ඩුමිනි : 3-0-9-1
දකුණු අප‍්‍රිකාව
ඇලවයිරෝ පීටර්සන් - ක.මු.කළා ප.හේරත් 24
රොබින් පීටර්සන් - ප.මාලිංග 3
ජේ. පී. ඩුමිනි - ඇ.සංගක්කාර ප.පෙරේරා 15
ඒ. බී. ඞීවිලියර්ස් - ක.මු.කළා ප.ඩිල්ශාන් 12
ෆෆ් ඩු ප්ලේසී - ඇ.සංගක්කාර ප.හේරත් 8
ඩෙවිඞ් මිලර් - නොදැවී 22
රයන් මැක්ලරන් - නොදැවී 14
අතිරේක 5
එකතුව ඕවර 21 කදී කඩුලූ 5ක් දැවී 104
කඩුලු වැටීම:
1-7 (රොබින් පීටර්සන්), 2-39 (ඩුමිනි), 3-55 (ඇලවයිරෝ පීටර්සන්), 4-67 (ඞීවිලියර්ස්), 5-69 (ඩු ප්ලේසී)
පන්දුවට පහර දීමට සිටින ක‍්‍රීඩකයෝ:
හෂීම් අම්ලා, ක‍්‍රීස් මොරිස්, ඒරන් පැන්ගිසෝ, මෝනි මෝකල්
පන්දු යැවීම:
ලසිත් මාලිංග : 3-0-17-1, ශමින්ද එරංග : 4-0-21-0, තිසර පෙරේරා : 4-0-23-1, රංගන හේරත් : 4-0-16-2, තිලකරත්න ඩිල්ශාන් : 5-0-20-1, ජෙහාන් මුබාරක් : 1-0-5-0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිමාන්නට බනින අය මේක පොඩ්ඩක් බලලා ඉන්න... http://www.youtube.com/watch?v=dVEWaxXZL1g (නි)
අපේ අය ඉන්දියාවට පරදිනකොට දාන අදහස් වලටයි පස්සේ දැන් දාන අදහස් වලටයි මට නම් පිස්සු වගේ (නි)
තිරිමාන්න මොකද කරන්නේ? අනේ ඇන්ජලෝ පෙරේරට අවස්තාවක් දෙමු (නි)
තිරිමාන්න ගැන නැවත හිතුවොත් හොදයි (නි)
වැස්ස නිසා ලංකාවට ගොඩක් වාසි වුනා.අපි දිනුම්. අපේ කොල්ලන්ට ජයවේවා.ඒත් ඊලග තරග වලට කුසල්වයි කුලේවයි ගන්න ඕනෑ සමින්ද මුබාරක් එලියෙන් තියලා (නි)
සංගා ,මහේල ,දිල්ෂාන්,තරංග ඔක්කොම අවුට්. දැන් චන්දිමාල් සහ තිරිමාන්න දේවි දකුණු අප්‍රිකාවට දුවන්න.දෙන්නම නියමයිනේ. (නි)
චන්දිමාල්ට සුබ පැතුම්. ඔහොම යමු!! (නි)
තිරිමාන්න හිටියේ නැත්නම් හොදයි (නි)
කවුද අප්පා මේ වෙලාවේ මුබාරක් එවුවේ (අ)
හැම ක්‍රීඩකයෙක්ම අර්ද ශතකයක් ගහන්න ඕනෑ නැහැ. හැබැයි ඒක දිගටම තරග වල අසාර්ථක වන ක්‍රීඩකයන් කණ්ඩායමේ තියාගෙන හරියන්න නැහැ නේද ඉෂාර. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ පසුගිය තරග 2 දීම ප්‍රශ්නයක් වුනේ ක්‍රීඩකයන් දෙදෙනක් පිලිබදව. තිරිමාන්න එක දිගටම මේ වනවිට තරග කීපයක්ම අසාර්ථක වෙලා තියනවා. හැබැයි එක තරගාවලියක් අසාර්ථක වුන කුසල් කණ්ඩායමෙන් ඉවත් කරලා. තිරිමාන්න වෙනුවට කුසල් කණ්ඩායමේ සිටිනවානම් වඩා පලදයි වේවි. අනික් ක්‍රීඩකය මුබාරක්. සැමවිටම තරුණයන්ට තැන දෙනවා නම් ඇයි ඇන්ජෙලෝ එළියේ. (නි)
අයියෝ මුබාරක් නැතුව තිසර එව්වේ නැත්තෙ මොකද? (නි)
අන්තිමට ලැබිච්ච දෙයක් නැහැ නේද? දිනුවත් හිස් පැරදුනත් හිස්. අර මහත්තයෙක් කියලා තිබුනා වගේ මේ වෙලාවේ වගාවක් කරලා තිබුනා නම් රටට කොච්චර උදව්වක්ද? (නි)
වීර, මම සහ ලංකාව වටේ ඉන්න බොහෝ දෙනෙක් හිතන දෙයක් ඔබ ලිව්වේ. ඔබ හරියටම හරි. අර්ජුන නවත්තපු තැන ඉඳන් චන්දිමාල් ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙනියන එක කාටවත් නවත්තන්න බැහැ. මට නම් අලුත් ජීවයක් ලැබුනා වගේ අපේ ක්‍රිකට් වලට. ඔහොම යමු (නි)
තිරිමාන්නට බනින එක බොහොම වැරදියි. තිරිමාන්නට පහරවල් හරියට ගහන්න බෑ වගේ පෙනුනේ සංගාට සාපේක්ෂව. සංගා කියන්නේ ලොව අංක එකේ පිතිකරු. එදා දිගට හරහට සංගා ගහනකොට ඩිවිලියර්ස් සද්ද නැතුව හිටියේ එවෙලේ කොහොම දැම්මත් සංගා ගහන බව දන්න නිසා. සංගා ගහන හැටි අනිත් අන්තයේ ඉදන් හොදටම බලාගෙන හිටියේ තිරිමාන්න. ඒ අත්දැකීමම ඇති තිරිමාන්නට සාර්ථක පිතිකරුවෙකු වීමට. කුසල් ජනිත් සනත් වගේම බැට් කරනවා. (නදී)
මම හිතන්නේ ඊළග තරග වලට මැතිව්ස් විවේක ගනියි වගේ (නි)
මුබාරක්, බරක් වෙලා වගෙයි මේ තරගයේදී (නි)
චන්දිමාල් ගැන දන්නේ නැතුව ලියන කියන සමහරුන්ට දැන ගන්නයි මේක ලියන්නේ. කරුණාකර නොදැන දොඩවන්න එපා. චන්දිමාල් 2008 ආනන්ද කණ්ඩායමේ නායකයා වුනා. ඒ අවුරුද්දේ ආනන්ද කණ්ඩායම තරග 13 දිනමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තිබ්බා. ඉන් එක දිගට තරග 6 පිට පිට දිනුවා. ඒ අවුරුද්දේ ලකුණු 1000 ගහපු 1 වැනි ක්‍රීඩකයා ඔහු. ඒ අවුරුද්දේ ලකුණු 1,580 ගැහුවා. ඒක එක අවුරුද්දකට ක්‍රීඩකයෙක් ගහපු 2 වැනි වැඩිම ලකුණු ගණන. චන්දිමාල්ට ඒ වාර්තාව කඩන්න වසරේ අවසාන තරඟයේ ලකුණු 120 ගණනක් ගහන්න තිබුණා. ලකුණු 100 ගහලා නායකයා හැටියට ඉනිම නවත්තලා ප්‍රතිවාදීන්ට ගහන්න දුන්නු දුර්ලබ කෙනෙක් ඔහු. චන්දිමාල් ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසේ හිටිය හොඳම නායකයා. ඔය ගැන දන්නා අය දන්නවා. ඒ කාලේ අපි දැනගෙන හිටියා මොහු ලංකාවේ නායකයා වෙන බව. ජයෙන් ජය ! (නි)
මම කවදාකවත් දැකලා නැහැ තිරිමාන්නට තරම් කිසිම නවකයෙකුට අවස්ථාව දෙනවා. එයා හොද ක්‍රීඩකයෙක් බව ඇත්ත ඒත් එයා දිගින් දිගටම අසාර්ථකයි. පොඩ්ඩක් එයා විවේක ගන්වන්න. කුසල්ව දාලා බලන්න. (නි)
අපේ අලුත් නායකයා හොදයි ගුඩ් ලක්.(නදී)
මැතිවුස්ට වඩා චන්දි ලක්කාරයා. මේ තරගාවලියම නායකත්වය චන්දිමාල්ට දුන්නා නම් හරි. (නි)
තිරිමාන්න මුබාරක් නැතිවුණ දවසට මම මැච් බලන්නෑ.ජයදූරිය මහත්තයෝ ඒ දෙන්නව කපන්න එපා (අ)
තිසර, ජීවන්, කුසල්, ලගදීම එලියට එයි වගේ (නි)
ඊයේ පිච් එක අමාරුයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ලකුණු ටිකක් ගත්ත නිසා ඔහොම හරි බේරුනා. වැස්සේ පිහිටත් බලපෑවා. නැත්නම් බලගන්න තිබුනා තරගයයට මොකද වෙන්නේ කියලා (නි)
තිරිමාන්න කියන්නේ අපේ ක්‍රිකට් වල අනාගතය. ඔහුට හැදෙන්න කාලය දෙන්න වෙනවා. තිරිමාන්නට හැම බෝලයටම ගහන්න බැහැ. නමුත් කවදා හරි හැදෙන ක්‍රීඩකයෙක්. නමුත් අදහස් පල කරන්න හැමෝටම අවස්ථාව ලංකාදීප වෙතින් දීල තියනවා. ඒක ලොකු දෙයක් (නි)
දක්ෂ ක්‍රීඩකයොයි, විනිසුරුවොයි විතරක් නෙමෙයි, තේරිම් කමිටු සාමාජිකයො ටිකත් ඉන්නේ මේ ප්‍රතිචාර දක්වන ගොඩේනෙ. හරි පණ්ඩිත කතා කියන්නෙ. මෙයාලට ඕනෑ හැම පිතිකරුවම අඩුම අර්ධ ශතක ගහන්නයි, ප්‍රතිවාදීන්ගේ සියලු දෙනා ලකුනු බින්දුවට දවාලන්නයි. කොහොමත් මේ වගේ අය තමා දැන් වැඩි මේ අමුතු ඇටේ. (නි)
සුජී ඔය හරි අපිට ලංකාදීප අවස්ථාව දීල තියනවා අපි ලංකාදීප හොඳම වෙබ් එකට යවමු හැමෝම දාමු ලංකාදීපට (අ)
ආරම්බය පමා වෙනවා කියන්නේ ඕවර ගණන අඩුකරන්න වෙනවනේ. ඒක නිසා ඒකට හරියන කණ්ඩායමක් තෝරන්න වෙනවා. තිරිමාන්නව ඉක්මනට එවන්න එපා. අද කුසල්ව දාලා බලන්න ජයසුරිය මහත්තයෝ (නි)
අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි වල හොදට සෙල්ලම් කලත් ජාතික කණ්ඩායමට ආවට පස්සේ මම කවදාවත් දැකල නැහැ මුබාරක් ලකුණු අතර ඉන්නවා, (අ)
නාමල්, ඔය හරි, එත් මේ දැන්වීම නම් එපා වෙනවා, (අ)
දැන් කෝ චන්දිමාල්ට බැනපු වීරයෝ? (අ)
ජයා නිකන් නක්කලේට වගේ චන්දිමල්ට කැපිල්ලක් දැම්මේ...චන්දිමාල් හෙට අනිද්දා ඔයාට උන ගන්න ගේමක් ගහනවා..චන්දිමාල් කියන්නේ වැඩ පෙන්නපු කොල්ලෙක්..මැච් දෙක තුනක් වැදුනේ නැති උනාට බලන්නකෝ මෙදා මොකද වෙන්නේ කියල.(අ)
ජයසුරිය මහතාණනි, මුබාරක් කණ්ඩායමට ආ හැටි කියන්න. (නදී)
සංගා ලකුණු ටිකක් ගැහුවේ නැත්තන් ආයේ ගහන්න කවුරුත් නැහැ වගේ. කෝ පසු පෙළ පිතිකරණය? ශ්‍රී ලංකාවේ කණ්ඩායමට තරගය ජයගැනීමට ශක්තිය ලැබේවා ....! (නි)
තිරිමාන්නට ලැබෙන අවස්ථාවන් ගණන කුසල්ට නොදෙන්නේ ඇයි. මැතෙව්ස්ට වැඩිය චන්දිමාල් වාසනාවන්තයි. ඉදිරි තරග සදහා මැතෙව්ස් , තිරිමාන්න වෙනුවටත්, කුලසේකර , සමින්ද වෙනුවටත් කැදවීම ලැබිය යුතුවේ. මුබාරක් වෙනුවට අන්ජෙලොට අවස්ථාවක් ලබා දෙන්න. එහෙම හොදයි නේද? (නදී)
ලංකාවට සුභාපතමු අපි (දී)
චන්දිමාල්ට පින තිබෙනවා (නි)
අවම ලකුණු ප්‍රමාණයක් මත තරගයට අවතීරණය වි එම තරගය තරගයක් බවට පත් කරගෙන ජයග්‍රහනය ලබාගැනිම මොනතරමි ආශ්වාදනියද කියලා පෙන්වා දුන්නාට ස්තුතියි. මෙහිදි නව නායකයා තමන් නායකත්වයෙන් ඉනිමක් ක්‍රිඩා කරන අතරේ අග්‍රගන්‍ය පන්දු රැකිමක් සහ නායකයකු සතු ප්‍රතිභාව මොනවට ඔප්පු කලා. නමුත් තරුණ ක්‍රිඩකයන්ගේ දායකත්ය ගැන සෑහිමකට පත් වෙන්න බැහැ. ඔවුන් මිට වඩා තමන්ගේ හැකියාවන් ඔපවත් කරගන්න ඕනෑ (නි)
මම පැවසුවා හරි ,චන්දිමාල් ලක් කාරයා. චන්දිමාල්ටම අනිත් තරග 2 නායකකම දෙමු. සුබ පැතුම්!(නදී)
තිරිමාන්න ගහන්නේ නැතුව ඕන කෙනෙක් ගහන්න. කුසල් මේ සංචිතයේ නැතිව කොහොම දාන්නද? අර ඇන්ජලෝ පෙරේරා දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. මොකද එයා ලකුනු අතර ඉන්න කාලේ දාන්නේ නැතුව ලකුනු අතර නැති කාලෙට දාලා වැඩක් නැහැ නේද? ආන්ජලෝ මේ දිනවල උපරිම රිද්මයේ ඉන්නවා.(නදී)
ශ්රී ලංකාවේ කණ්ඩායමට තරගය ජයගැනීමට ශක්තිය ලැබේවා ....!(නදී)
මොනවා උනත් ලොකු දෙයක් වුනා මැච් බලන අයට. තව දවස් ටිකකින් මිනිස්සුන්ට මැච් නිකන් පෙන්නන්න වෙන්නේ. (නි)
ඉස්සල්ලම අපේ වීරයන්ට සුබ පතනවා. කිසි කෙනෙක් කාටවත් බනින්න ඕනේ නැහැ. හැමදාම හැමෝටම එක විදිහට සෙල්ලම් කරන්ඩ බැහැනේ. අද 100 ක් ගහලා හෙට 0න් අවුට් වන්න පුළුවන්. අපිට පිටිටනියට බැහැලා සෙල්ලම් කරන්ඩ බැහැනේ එයාලට බැන්නට.(නදී)
ඉෂාර ඔබ හරි, ඔබ ඔය කියන දේ තමයි කරන්න ඕනේ. ඔය දේ කරනවා ඉන්දියන් කණ්ඩායම. ඒක මුතු ඇටේ විතරක් නෙවේ ඉන්දියන් සාගරෙත් වෙනවා.(නදී)
සංගා ඉවරයි දැන් එතින් මේ දෙන්න ටිකක් ගහන්න වෙයි . අනේ ඊළගට තිරිමාන්න නෙතුව ඕන කෙනෙක් එවන්න (දී)
චන්දිමාල් තරඟයේ වීරයා වෙලා.මට සහතිකයි තිරිමාන්නත් වැඩ පෙන්නනවා ළඟදීම. (නි)
ජයා චන්දිමාල් ගැන දන්නෙ නැහැ හරියට. නොදැන දොඩවන්න එපා. ඔහොම යන්කෝ (නි)
වර්තමාන ලංකාවේ ප්‍රේක්ෂක ක්‍රිකට් පණ්ඩිතයෝ වැඩිවෙලානේ.... (නි)
ඉර්ෆාන්, මේක සමාජ සේවයක් කියලා හිතන්න (නි)
තිරිමාන්න තරන්ග තරඟ කීපයක් එළියෙන් තියල බලමු. (අ)
මං මේ තරගාවලිය පටන් ගන්නත් කලින් කිව්වා චන්දිමාල් තමන්ගේ දස්කම් අතරට ඇවිත් ඔය බනින අයට උත්තර දෙයි කියලා. රට ජාතිය ඉන්දියාවට පාවා නොදුන් නියම සිංහලයෙක් වගේම ගුණ යහපත් කෙනෙක්.දුප්පත් දරුවන්ට ඔහු බොහෝ උදව් උපකාර කරනේ තමන්ගේ පෞද්ගලික මුදලින්.ඒවගේ උතුම් කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ.මං චන්දිමාල් තමයි ආනන්දයෙන් බිහිවන ඊලග අර්ජුන කීවාම බොහෝදෙනෙක් මට විරුද්ධව අදහස් දැම්මා. චන්දිමාල් අද සාර්ථක වුනේ පිතිකරුවෙක් වශයෙන් පමණක් නොවේ.අනාගතයේ ලංකාවට ලෝක කුසලාන ගෙන එන නායකයා වශයෙන්.දැන් බැනපු අයගේ රෙදි ගැලවුනා නේද? (නි)
නායකයකුගේ වාසනාව තිබෙන්න ඕනෑ කුමක් හෝ ක්‍රීඩාවකින් දිනන්න වුනත්. ක්‍රිකට් පිටියේ වාසනාව චන්දිමාල් සතුව තිබෙනවා. ඉතුරු තරගත් චන්දිමාල්ට දෙන්න (නි)