හික්කඩුවේදී පෙරේදා නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කණ්ඩායම් තරගවල 6 න් පහළ වයස් කාණ්ඩයේ රන් පදක්කම දෙකම ශ‍්‍රී ලංකාව දිනා ගත්තේය. වයස 6 න් පහළ (බාලක) ශ‍්‍රී ලංකා පිලේ චමත් අත්තනායක, සනුෂ මාරපන, ෂෙනිල ගුණරත්න එක්ව රන් පදක්කම දිනා ගැනීමට සමත්වුහ. එම වයස් කාණ්ඩයේ බාලිකා කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ද ශ‍්‍රී ලංකාව දිනාගත් අතර ඔමායා ටාෂි, එස්. රත්නායක සහ තරුෂි හිරණ්‍යා මෙම රන් පදක්කම දිනාගත්හ. තරගාවලියේ 10 න් පහළ (බාලිකා) රිදී පදක්කමක් ද, 8 න් පහළ (බාලක, බාලිකා), 18 න් පහළ (බාලක, බාලිකා) 16 න් පහළ (බාලක, බාලිකා) සහ 12 න් පහළ (බාලිකා) යන වයස් කාණ්ඩවලින් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් හිමිවිය. රටවල් 19 කින් කණ්ඩායම් සහභාගි වු මෙම තරගාවලියේ වැඩි ගෞරවය හිමිකර ගැනීමට ඉන්දිය චෙස් කණ්ඩායම සමත්විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd