IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ වාහන තදබදය ගූගල් පෙන්වයි

ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය ඒ මොහොතේම පෙන්වන පහසුකමක් ගූගල් මැප් වෙතින් ලබාදී ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්ය බහුල වේලාවන්හි දි මාර්ග රැසක වාහන තද බදය හේතුවෙන් නිකරුණේ කාලය ගත කිරීමට බොහෝ දෙනකුට සිදුවෙයි. ගූගල් මැප් වෙතින් ලබාදෙන නව පහසුකම හේතුවෙන් ඉදිරියේ දී වාහන තදබදය ඇති මාර්ග තෝරාගෙන එවැනි මාර්ග මග හැර විකල්ප මාර්ග භාවිතා කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙයි. අතේ ඇති ජංගම දුරකථනයෙන් හෝ අන්තර් ජාල පහසුකම් ඇති ඕනෑම උපාංගයකින් හෝ මේ පහසුකම ලබාගත හැකි බව ගූගල් සමාගම පවසයි.

එහි මාර්ගයන් තද රතුපාටින් සළකුණ කර මාර්ග තද බදය දැක්වීමටත්, තද බදය නැති මාර්ග කොළ පැහැයෙන් දැක්වීමටත්, කහ සහ ලා රතු පැහැයෙන් අනෙක් අවස්ථාත් පෙන්වීන බව ද ගූගල් සමාගම නිකුත් කළ උපදෙස්වල දැක්වේ. දැනටමත් කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වලත් ගාල්ල හා තදාසන්න පෙදෙස්වලත් වාහන තදබදය පිළිබඳ දත්ත මේ සේවාව මගින් ලබාගැනීමට හැකියාව ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ වාහන තදබදය ගූගල් පෙන්වයි

සෙනුර Friday, 20 November 2015 12:56 PM

නියමයිනේ! (නි)

:       0       0

ලෙනිකා Friday, 20 November 2015 03:03 PM

කාලින අවශ්‍යතාවයක්. ඉතා හොඳයි (බ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Friday, 20 November 2015 09:42 AM

මෙම ගුගල් සිතියම මගින් මග තොටේ මාර්ග අවහිරය පෙන්වීම දැනට වර්ෂ ගණනක සිට යුරෝපයේ සහ ඇමරිකාවේ සිදුවනවා , ලංකාවට එම සේවය ලැබිමෙන් , ජනතාවට පහසුවක් වෙනවා , මාර්ග තද බදය මග හැර විකල්ප මාර්ග ඔස්සේ තම ගමන් මග වෙනස් කිරීම‍ට. (ස)

:       0       0

මගලී Friday, 20 November 2015 09:46 AM

ඕක ගුගල් එකෙන් කරනකන් බලා ඉන්න ඕනි නෑ. ඕක කරන්න ඕන ලංකාවෙන් මහාමාර්ග ඇමතිලා ඩිජිටල් ඇමතිලා ඉන්නවා නමට. (ස)

:       0       0

සිරිනාත Friday, 20 November 2015 10:30 AM

මේක නම් ඉතාම හොඳ වැඩක්. (ස)

:       0       0

හේමන්ත Friday, 20 November 2015 11:42 AM

නගරයක් තුළ අතුරු පාරවල් තිබුනට කොළඹ සිට මහනුවරට යන්න විකල්ප පාරවල් තියෙනවද? රජය කළ යුත්තේ ඉක්මනින් හයිවේ එකක් හැදීමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site