ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය ඒ මොහොතේම පෙන්වන පහසුකමක් ගූගල් මැප් වෙතින් ලබාදී ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්ය බහුල වේලාවන්හි දි මාර්ග රැසක වාහන තද බදය හේතුවෙන් නිකරුණේ කාලය ගත කිරීමට බොහෝ දෙනකුට සිදුවෙයි. ගූගල් මැප් වෙතින් ලබාදෙන නව පහසුකම හේතුවෙන් ඉදිරියේ දී වාහන තදබදය ඇති මාර්ග තෝරාගෙන එවැනි මාර්ග මග හැර විකල්ප මාර්ග භාවිතා කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙයි. අතේ ඇති ජංගම දුරකථනයෙන් හෝ අන්තර් ජාල පහසුකම් ඇති ඕනෑම උපාංගයකින් හෝ මේ පහසුකම ලබාගත හැකි බව ගූගල් සමාගම පවසයි.
එහි මාර්ගයන් තද රතුපාටින් සළකුණ කර මාර්ග තද බදය දැක්වීමටත්, තද බදය නැති මාර්ග කොළ පැහැයෙන් දැක්වීමටත්, කහ සහ ලා රතු පැහැයෙන් අනෙක් අවස්ථාත් පෙන්වීන බව ද ගූගල් සමාගම නිකුත් කළ උපදෙස්වල දැක්වේ. දැනටමත් කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වලත් ගාල්ල හා තදාසන්න පෙදෙස්වලත් වාහන තදබදය පිළිබඳ දත්ත මේ සේවාව මගින් ලබාගැනීමට හැකියාව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ! (නි)
කාලින අවශ්‍යතාවයක්. ඉතා හොඳයි (බ)
මෙම ගුගල් සිතියම මගින් මග තොටේ මාර්ග අවහිරය පෙන්වීම දැනට වර්ෂ ගණනක සිට යුරෝපයේ සහ ඇමරිකාවේ සිදුවනවා , ලංකාවට එම සේවය ලැබිමෙන් , ජනතාවට පහසුවක් වෙනවා , මාර්ග තද බදය මග හැර විකල්ප මාර්ග ඔස්සේ තම ගමන් මග වෙනස් කිරීමට. (ස)
ඕක ගුගල් එකෙන් කරනකන් බලා ඉන්න ඕනි නෑ. ඕක කරන්න ඕන ලංකාවෙන් මහාමාර්ග ඇමතිලා ඩිජිටල් ඇමතිලා ඉන්නවා නමට. (ස)
මේක නම් ඉතාම හොඳ වැඩක්. (ස)
නගරයක් තුළ අතුරු පාරවල් තිබුනට කොළඹ සිට මහනුවරට යන්න විකල්ප පාරවල් තියෙනවද? රජය කළ යුත්තේ ඉක්මනින් හයිවේ එකක් හැදීමයි. (අ)