ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (6) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පාකිස්තානුපිලේ පළමු ඉනිමට වඩා ලකුණු 237 ක් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටිති. ආරම්භක පිතිකරු තරංග පරණවිතාන පන්දු 156 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 66 ක් ලබා සිටියි.කුමාර් සංගක්කාර ලකුණු 51 කට දැවී ගියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 413 ක් ලබාගත් අතර පාකිස්තානය පළමු ඉනිම ලකුණු 340 කට සීමාවිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd