IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ශ්‍රී ලංකාවේ බංකොලොත්බව සැප්තැම්බරයේ ඉවරයි’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණු රටක් බවට පත් වන්නේ යැයි   මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමෙන්   වංචාවට දූෂණය නැති රටක් බවට ශ්‍රී ලංකාව ඒ සමඟ පරිවර්තනය වන  බවද ඔහු සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවට ජී එස් පී බදු සහනය තවත් වසර හතරකට ලැබී තිබෙනවා.
ඒක ලොකු ජයග්‍රහණයක්. රටේ ආර්ථික ස්ථාවරතාවය ගැන ජාත්‍යන්තර විශ්වාසය තහවුරුවී තිබෙනවා. ඉතිහාසයේ  ඇති වූ තත්වය යළි ඇති නොවීමට නීති රාමුව ස්ථාපිත කරනවා.

ඊ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වීම ගැන කිසිම සැකයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කරුණු සපුරාලීමට වාතාවරණය සැකසී තිබෙනවා. ජාත්‍යන්තරයේ විශ්වාසයආයෝජන ප්‍රවර්ධනයට සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට යොදා ගත යුතුයි. අපි අද නිවැරදි ගමන් මඟක යනවා.

 



අදහස් (11)

‘ශ්‍රී ලංකාවේ බංකොලොත්බව සැප්තැම්බරයේ ඉවරයි’

පැරකුම් Thursday, 20 July 2023 01:54 PM

අපි තම් ඔයිට වඩා හොද Parliament Jokes අහල තියනව.

:       5       26

සුපුන් Thursday, 20 July 2023 02:00 PM

රට බංකොලොත් කරල ඉවරයි. තෙල් ගෑස් තිබ්බා කියලා රට හොදින් තියෙනවා කියල තමයි මෙයාලගේ ඔලුවේ තියෙන්න‍ෙ. දුක් විදින මිනිහ හැමදාම දුකින්. රටේ සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් බඩගින්නේ. මෙයාලා පුරාජේරු කතා කියනවා

:       5       25

wedage Thursday, 20 July 2023 02:12 PM

එතකොට මාලු කිලොව රුපියල් කීයකට විතර ගන්න පුලුවන් වෙයිද ? ළින්න කිලොව රු. 400.00 ට විතර ?

:       4       17

අරවින්ද මොනරවිල Thursday, 20 July 2023 02:28 PM

රටේ ආදායමට වඩා දෙගූණයක් වියදම් කරන, දස ගුණයක් ණය තියෙන ණය ගෙවන්න ණය ගන්න රටක් කොහොමද බංකොලොත් නොවෙයි කියන්නේ, මෙයා හදන්නේ වචන වලින් ගේම ගහන්නයි.

:       4       23

samantha Thursday, 20 July 2023 02:40 PM

ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ සිට විදේශීය ණය ,පොලි,බැඳුම්කර අපහු ගෙවන්න පටන් ගන්නවද ? නැත්නම් බංකොලොත් කියන්නේ ණය ගෙවන්නැ බැහැ කියන එකට නෙමෙයි ද ?

:       4       23

Pankumburage Thursday, 20 July 2023 04:25 PM

ළමයින්ට සුරංගනා කතා කියන්න නම් මෙයා මරු.

:       0       0

pakeer Thursday, 20 July 2023 04:26 PM

ඔලුව ගලක වැදිලා වගේ .කන්නේ මොනවද දන්නේ නැහැ

:       0       0

Sunil Thursday, 20 July 2023 05:37 PM

ඒ කියන්නෙ සැප්තැම්බර් පාර්ලිමේන්තුව ගිලා බහිනවද?

:       0       1

Dewa Thursday, 20 July 2023 06:24 PM

ඔව්.ලෝකෙට ණය වෙලා ඒක ගෙවන්න දැන් බෑ කියලා අපිට දැන් කියවනවා .අපි බංකොලොත් නෑ කියලා.මොන විහිලුවක්ද?

:       0       1

Rata Perata Thursday, 20 July 2023 07:48 PM

ඇඟේ ගාණට මොලේ නැති අය ගොඩක් ඉන්නවා ලංකාවේ.

:       0       1

Perera Friday, 21 July 2023 12:20 AM

මේ බූරුවෝ කියන කතා කවුරුත් සත පහකට ගණන් ගන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site