ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වු අද (28)පස්වරුවේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 1 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලූ 9 ක් අතැතිව, පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 76 ක් පිටුපසින් සිටියි. දිනය අවසන් වන විට තරංග පරණවිතාන (නොදැවී 42) සහ කුමාර් සංගක්කාර (නොදැවී 29) පන්දුවට පහර දෙමින් සිටියහ. ළහිරු තිරිමාන්න ලකුණු 8 ක් ලබා සිටියදී දැවී ගියේය.
ඡායාරූපය: තරංග පරණවිතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd