ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ අනාගතය සඳහා ක‍්‍රීඩකයන් 25 ක, 30 ක පමණ විශාල සංචිතයක් පවත්වාගෙන, ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ආරක්‍ෂා කරගනිමින් තරුණ ක‍්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කළ යුතු බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ හිටපු ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ජෙෆ් මාෂ් මහතා පැවසීය.
නව පුහුණුකරු ලෙස වැඩබාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජෙෆ් මාෂ් මහතා එසේ පැවසීය.
‘‘විශාල සංචිතයක් ඇති විට එකම ස්ථානයට ක‍්‍රීඩා කිරීමට ක‍්‍රීඩකයන් කීප දෙනෙකු සිටීමෙන් ක‍්‍රීඩකයන්ට පීඩනයක් ඇති වෙනවා, ශ්‍රී ලංකා පිලට ඉදිරි වසර දෙකේදී විශාල තරග සංඛ්‍යාවකට සහභාගි වීමට නියමිතව තිබෙන නිසා එය ඉතාම වැදගත්’
‘‘මම සාමාන්‍ය විදියට පුහුණුවීම් කරනවා, නමුත් ක‍්‍රීඩකයන්ට තරගකාරිත්වයට අවශ්‍ය දේ පුහුණුවීම්වලදී ලබාදීමට කටයුතු කරනවා’’
‘‘ශ්‍රී ලංකාව සතුව ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන ජයවර්ධන, සංගක්කාර සහ ඩිල්ෂාන් සිටිනවා, පසුගිය කාලයේ තරුණ ක‍්‍රීඩකයන් කණ්ඩායමට පැමිණියා. ශ්‍රී ලංකාව සතුව දක්‍ෂ ක‍්‍රීඩකයන් ඉන්නවා එම ක‍්‍රීඩකයන් සමග පුහුණුකරු ලෙස කටයුතු කිරීමට මට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා’’
ඡායාරූපය: ශාන්ත රත්නායක
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd