
(යොහාන් භාසුර බැංගලෝර් සිට)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්ත පිල පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 4 ක් සමගින් ලකුණු සටහනේ 5 වැනි පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයට පෙර ප්‍රසාද ලකුණු 2 කට - 1.048 ක ශුද්ධ ලකුණු වේගය සමගින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 154 ඉලක්කය ඕවර 25.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමෙන් ශුද්ධ ලකුණු වේගය - 0.205 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූහ.
පැතුම් නිස්සංක (නොදැවී 77) සහ සදීර සමරවික්‍රම (නොදැවී 65) තෙවැනි කඩුල්ලට ලකුණු 137 ක නොබිදුනු සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළේ ආසන්නතම හිමිකරුවන් වන එංගලන්තය, ශ්‍රී ලංකාව හමුවේ ලැබූ මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා තල්ලු වීමෙන් අවසන් පූර්ව තරග බලාපොරොත්තු තවදුරටත් ඈත්විය.
එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156 (ජොනි බෙයාස්ටෝ 30, ඩේවිඩ් මලන් 28, මුයින් අලී 15, බෙන් ස්ටොක්ස් 43, කසුන් රාජිත 36/2, ඇන්ජලෝ මැතිව්ස් 14/2, ලහිරු කුමාර 35/3) ශ්‍රී ලංකා පිල ඕවර 25.4 කදී කඩුලු 2 ට 160 (පැතුම් නිස්සංක නොදැවී 77, සදීර සමරවික්‍රම නොදැවී 65, ඩේවිඩ් විලි 30/2)

2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් එංගලන්තය පරදවයි
Muthu Thursday, 26 October 2023 09:48 PM
මේ දිනුම වැඩක් නෑ. එංගලන්තේ ඇෆ්ගනිස්තානේටත් පැරදුණා ලකුණු 69 කින්... හරි හමන් මැච් එකක්වත් ලංකාවට තාම, දිනන්න බැරිවුණා. දකින්න ඕන දේ තමයි, අපි ඉන්නේ හුඟක් පහළ බව. ඇෆ්ගනිස්තානේ ලංකාව වගේ පහසුකම් සල්ලි නෑ. අඩු ගානේ හොඳ පිට්ටනිවත් නෑ. නමුත් ඔවුන් නැගිටලා එනවා. ඒ රහස අපිට හොයාගන්න බැරිද?
ssfsfsffss Friday, 27 October 2023 07:25 AM
කුසල් පෙරේරා කැදවිය යුතුයි දිමුත් කරුණාරත්න වෙනුවට