
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ආයතන අතුරින් වැඩිම පාඩුව ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම( srilankan airline ) සංවර්ධනය සඳහා ආයෝජකයකුට ලබාදීම (ප්‍රතිව්‍යුහගතකරණය) තවදුරටත් පමාවන ලකුණු පහළව ඇතැයි වාර්තා වේ.
ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපදෙස් ලබාදීමට ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයට පවරා ඇතත් ඔවුන්ගේ උපදේශන වාර්තාව තවමත් ලැබී නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ලසාඩ් වාර්තාව තවමත් ලැබී නැති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ භූමි මෙහෙයුම් ආයෝජකයකුට එකට දෙනවාද වෙන වෙනම ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නැති බවත් ඒ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය.
ලසාඩ් උපදේශන වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර රුසියාවේ ගුවන් යානා පැමිණෙන හෙයින් මත්තල ගුවන්තොටුපොළේ යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට හෙණ හතම වැදියන් !!
කවුරුන් ආවත් කොමිස් මුදල් ගැන එකඟවෙන්න බොහෝම අමාරුය... මේ ගැන දැනීමක් තියෙන්නේ කාටද? ලංකාවේ දැනුම තියෙන අය නැතිද? පාර්ලිමේන්තුවෙන් පත්කර ගන්න පුළුවන් නොවැ... විශාල මුදලක් වැය කළානේ... ඔවුන් නඩත්තු කරන්නේ...
සිරිපාලනේ ඔතන ලැගලා ඉන්නේ, මතකයිනේ ටසාකි සමාගමෙන් මේක කපන්න ගිය ගාන... මෙතැනත් මේකට ලොකු කුට්ටියක් එනකන් අතපත ගගා ඉඳියි...
අපේ සර්ට කුට්ටියක් දෙන ආයෝජකයෙක් තාම සෙට් වුණේනෑ. සෙට්වුණු ගමන් අතින් සල්ලි දීලා හරි දීලා දානවා ....
අද අද එයි මරු පිංකර ගන්නේ... කෙලෙසද සෙටමරු නේති සිතන්නේ... කිකලද මහසෙන් මරු ඇප වන්නේ... පින නම් නොපමාවම කර ගන්නේ... එහෙම අදහසක් තියෙනවා අහලා ඇති නේද? ඊළඟට තියෙනවා අප්පමාදෝ අමතපදං... පමාදෝ මච්චුනෝ පදං කියලා ධම්මපදයේ ගාථාවක්... ඒකෙනුත් කියන්නේ පමාවීම මරණයට හේතුවක් කියලා.. ඉතින් එහෙම අනුශාසනා කරන බුද්ධිමතුන් සඳහා තිබෙන ආගමක් අදහන අපි ඒ ගැන නොසලකා නිදහස ලැබීමෙන් පස්සේ හැමදාම අපි කළේ පමාවෙන ලකුණු හදමින් නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් සොයමින් සිටියා පමණයි. අන්තිමට 1948 නිදහස ගත්තු අවුරුදු දෙදාහක් ඉක්මවා අතීතයක් තියෙනවා කියන අපි 1972 බිහිවූ රටකිනුත් ණයට ගැනීමට තරම් නිවටයින් වුණා...
අපේ අයියලා වාර්තාව ලබාදීම සඳහා පත්කරන ලද ආයතනය සම්බන්ධ ගිවිසුමකට එළඹිලා නැතිද? නැතිනම් හොරාකන අය එතැනදිත් උලා කාලාද? ගිවිසුමකට එළඹිලා නම් ප්‍රමාද ගාස්තු...?
ඇමැතිතුමාට ලැබෙන ගාණත් කිව්වොත් හොඳයි නේද?
කුලියට ගත්තු ගුවන්යානා ටික අයිතිකරුවන්ටම බාරදීලා, මගී ප්‍රවාහන අංශය වසා දමලා, ලාභ ලබන බිම් මෙහෙයුම් අංශය කරගෙන යන්න. එහෙම බැරිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කර මේක විකුණා දමන්න. මේ විදිහට දිගින් දිගට පවත්වාගෙන යාමෙන් අමාරුවේ වැටෙන්නේ පුරවැසි අපි...!