ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 90ක මුදල් හා භාණ්ඩ සොරා ගත්තැයි අත්අඩංගුවට ගත් සැකකාර ලසිඳු ගෝමස් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. රුපියල් ලක්ෂ 40 වටිනා රෙලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් හා රුපියල් ලක්ෂ 50ක පමණ විදේශ මුදල් සැකකරු සොරාගත් බව අධිකරණයේ දී කියැවිණි. එයින් අත් ඔරලෝසුව සහ මුදල්වලින් කොටසක් සොයාගත් බව අධිකරණයට දැන්වීය.සැකකරු මත්කුඩු බීමට ඇබ්බැහි වූවකු බව අධිකරණයේ දී කියැවිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙන්නත් සභාපති තුමාම ගියානම් හරිනේ ?
හොරුන්ගෙත් හොරු
මෙයා හොරකම් කරපු සල්ලිවලින්ම නිදහස් වෙන්න අැප බදින්න ඇති..
මම හිතන්නේ මේක වැරදීමක්.. මේ කඩල තියෙන්නෙ බැංකුවක්.. නැත්නම් රජයේ සේවකයකුට මේ තරම් වටිනා බඩු සහ සල්ලි තියෙන්නට කිසිම හැකියාවක් නැහැ...
රුපියල් ලක්ෂ 40 ක අත් ඔරලොසුවක් ?.....මෙයයි ආසියාවේ ආශ්චරය!!!!!!!! ලංකාවට බුදුසරණයි!!!!!!!!!!!!
බලන්න දේශපාලඥයෝ කොපමණ මුදල් උපයනවාද? මෙයාටත් මෙතන ඉන්න බැහැ දේශපාලන සම්බන්ධයක් නැතිව.. ඉතාම හොදයි ලංකාව...
ඔච්චර දේපලක් කොහොමද ඉපයුවෙ කියල බලන්න කියල දූෂණ මර්ධන එකට හරි අල්ලස් දූෂණ කොමිසටම හරි පරීක්ෂණය් පවත්තන්න කියමු.. මේගොල්ල උරැම බූදල් තියෙන අය නෙමේ නේද? ඊට ස්සේ හොරාට දඩුවම් දෙමු..
මොකද දන්නේ නැහැ මෙයාට ඇප දුන්නෙ.. ලොකු හොරකමක්නේ.. අපේ පැත්තෙ පොකට් එකක් හොරකම් කරපු කොනෙකුට ඇප දුන්නෙ මාස 3කට පස්සෙ.. පොකට්එකේ තිබුණෙ රැපියල් 300යි.
මේ සභාපතිතුමා ළග ඔය කියන තරම් මුදල් කොයින්ද ලැබුණෙ.. ඔහුගෙ ආදායම සොයන්න අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතුයි...!
එතකොට විදේශ මුදල් ලග තබා ගැනීම? ලොකු මිනිස්සුන්ට, හොරාපොලිස්, පොඩි මිනිස්සුන්ට, නියමපොලිස්,
මුදල් සාධාරණව උපයා ඇත්නම් නැවත ලැබේවි
යකෝ ලක්ෂ 40 අත් ඔරලෝසු....අනේ අපිට පාන් බාගයක් ගන්නෙ රුපියල් 40 ක් නැහ.........
ජෙනරාල්ගෙ නෑන්දම්මට විරුද්දව නඩුදෑම්ම ඩොලර් 500 කට එතකොට මෙයාට මොකද කරන්නෙ
එතකොට සුද්දෝ එහෙම එන්නේ කොහොමද රට සල්ලි ළග තියාගෙන ඒක නීති විරෝධී නම්?
විදෙස් මුදල් ළග තබා ගැනීම නිති විරෝධියි නේද?
එතකොට විදේශ මුදල් ලග තබා ගැනීම?
ඇප දුන්නා??? හිතා ගන්නවත් බෑනේ
මගේ අම්මෝ, මිලියන 200ක විදේශ මුදල්? ලංකාවට බුදු සරණයි
ඔයා හොද කොල්ලෙක් ලසිදු