ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 90ක මුදල් හා භාණ්ඩ සොරා ගත්තැයි අත්අඩංගුවට ගත් සැකකාර ලසිඳු ගෝමස් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. රුපියල් ලක්ෂ 40 වටිනා රෙලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් හා රුපියල් ලක්ෂ 50ක පමණ විදේශ මුදල් සැකකරු සොරාගත් බව අධිකරණයේ දී කියැවිණි. එයින් අත් ඔරලෝසුව සහ මුදල්වලින් කොටසක් සොයාගත් බව අධිකරණයට දැන්වීය.සැකකරු මත්කුඩු බීමට ඇබ්බැහි වූවකු බව අධිකරණයේ දී කියැවිණි.
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපතිගේ නිවස කැඩූ සැකකරුට ඇප
වරුණ Friday, 22 June 2012 05:14 PM
මුදල් සාධාරණව උපයා ඇත්නම් නැවත ලැබේවි
කිරිමාටින් Friday, 22 June 2012 04:40 PM
ඔයා හොද කොල්ලෙක් ලසිදු
චාමර Friday, 22 June 2012 05:22 PM
මගේ අම්මෝ, මිලියන 200ක විදේශ මුදල්? ලංකාවට බුදු සරණයි
අමිල Friday, 22 June 2012 05:01 PM
ඇප දුන්නා??? හිතා ගන්නවත් බෑනේ
නාලක Friday, 22 June 2012 05:13 PM
එතකොට විදේශ මුදල් ලග තබා ගැනීම?
නාලක Friday, 22 June 2012 05:58 PM
විදෙස් මුදල් ළග තබා ගැනීම නිති විරෝධියි නේද?
ජීවක Friday, 22 June 2012 05:56 PM
එතකොට සුද්දෝ එහෙම එන්නේ කොහොමද රට සල්ලි ළග තියාගෙන ඒක නීති විරෝධී නම්?
විජය Sunday, 24 June 2012 01:11 AM
මෙයා හොරකම් කරපු සල්ලිවලින්ම නිදහස් වෙන්න අැප බදින්න ඇති..
ලිබ්‍රාඩා Friday, 22 June 2012 06:04 PM
ජෙනරාල්ගෙ නෑන්දම්මට විරුද්දව නඩුදෑම්ම ඩොලර් 500 කට එතකොට මෙයාට මොකද කරන්නෙ
උදාර Friday, 22 June 2012 07:44 PM
යකෝ ලක්ෂ 40 අත් ඔරලෝසු....අනේ අපිට පාන් බාගයක් ගන්නෙ රුපියල් 40 ක් නැහ.........
ලලිත් සමරකෝන් Saturday, 23 June 2012 12:42 PM
බලන්න දේශපාලඥයෝ කොපමණ මුදල් උපයනවාද? මෙයාටත් මෙතන ඉන්න බැහැ දේශපාලන සම්බන්ධයක් නැතිව.. ඉතාම හොදයි ලංකාව...
ගාමිණී වික්‍රමසිංහ Saturday, 23 June 2012 12:42 PM
රුපියල් ලක්ෂ 40 ක අත් ඔරලොසුවක් ?.....මෙයයි ආසියාවේ ආශ්චරය!!!!!!!! ලංකාවට බුදුසරණයි!!!!!!!!!!!!
ලලිත් සමරකෝන් Saturday, 23 June 2012 01:23 PM
මම හිතන්නේ මේක වැරදීමක්.. මේ කඩල තියෙන්නෙ බැංකුවක්.. නැත්නම් රජයේ සේවකයකුට මේ තරම් වටිනා බඩු සහ සල්ලි තියෙන්නට කිසිම හැකියාවක් නැහැ...
අන්කල් Friday, 22 June 2012 09:10 PM
ඇප දෙන්නත් සභාපති තුමාම ගියානම් හරිනේ ?
මාටියා Saturday, 23 June 2012 12:28 AM
එතකොට විදේශ මුදල් ලග තබා ගැනීම? ලොකු මිනිස්සුන්ට, හොරාපොලිස්, පොඩි මිනිස්සුන්ට, නියමපොලිස්,
මරැවා Saturday, 23 June 2012 02:29 AM
මේ සභාපතිතුමා ළග ඔය කියන තරම් මුදල් කොයින්ද ලැබුණෙ.. ඔහුගෙ ආදායම සොයන්න අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතුයි...!
සුසන්ත Sunday, 24 June 2012 03:42 PM
හොරුන්ගෙත් හොරු
අනුර ආරියදාස Saturday, 23 June 2012 08:55 AM
මොකද දන්නේ නැහැ මෙයාට ඇප දුන්නෙ.. ලොකු හොරකමක්නේ.. අපේ පැත්තෙ පොකට් එකක් හොරකම් කරපු කොනෙකුට ඇප දුන්නෙ මාස 3කට පස්සෙ.. පොකට්එකේ තිබුණෙ රැපියල් 300යි.
වරැණ Saturday, 23 June 2012 09:30 AM
ඔච්චර දේපලක් කොහොමද ඉපයුවෙ කියල බලන්න කියල දූෂණ මර්ධන එකට හරි අල්ලස් දූෂණ කොමිසටම හරි පරීක්ෂණය් පවත්තන්න කියමු.. මේගොල්ල උරැම බූදල් තියෙන අය නෙමේ නේද? ඊට ස්සේ හොරාට දඩුවම් දෙමු..