ශ්රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස නිවෙස ඉකුත් 8 වැනිදා බිඳ රුපියල් ලක්‍ෂ 80ක දේපොළ සොරාගත් සැකකරු රත්මලානේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගල්කිස්ස වෙරලේ කෑම වෙළෙන්දකු බව කියන ඔහු 33 හැවිරිදිය. සොරාගත් ලක්‍ෂ 40ක රොලෙක්ස් අත්ඔරලෝසුව සහ විදේශ මුදල්වලින් කොටසක් දෙහිවල ධීවර නිවෙසක සඟවා තිබියදී සොයාගෙන ඇත. ඔහු මත්කුඩු බීමට ඇබ්බැහි වුවෙක් දැයි සොයන බව පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කලින් පුවත්පතක දැක්කා මේ ගෙදර තිබිල, ලක්ෂ 30 ක රට සල්ලිත් නැතිවෙලා කියල, එතකොට ඒ සල්ලි ලැබුනේ කොහොමද කියල, හොයන් නැද්ද දන්නේ නැහැ . ඔරලෝසුව ලක්ෂක් 40 ක් නම්, අනිත් ඒවායේ වටිනාකම් හිත ගන්න පුළුවන්, අදායම් බදු ගෙවනවද කියලත් හොයල බලනවානම් හොදයි, කටුගෙයි හොරුත්මේ වගේ උනන්දුවෙලා අල්ලනවනම් ගොඩක් සතුටුයි...
රට පෙරට...
ඔය කියන ඔරලෝසුවෙ නම BIGBEN ද ?
ශ්රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන ආයතනයක් නොවැ
කටුගෙටත් වඩා වටිනවා ඇති.අනේ දෙයියනේ.... පොලිසිය....
මම ගෙයක් හදා ගන්න ලක්ෂ 10 ක් නැතුව ඉන්නවා කුලි ගෙදරක....
ලොකු හොරා සහ පොඩි හොරා
මේ තරම් සල්ලි ගෙදරක්?? අම්මෝ.........
හොදයි
අපරාදේ, කටු ගේත් කාගෙහරි ලොක්කෙකුගේ නම් හොරා අල්ලලා මෙලහකටත්
එතකොට කටු ගෙදර හොරා?????????????
කටුගේ බින්ද හොරා තවම අල්ලන්න බැරිවුනේ .. අර කීව්ව " සති දෙක " රබර්දෝ මන්දා..දැන් මාස දෙකකට වඩා කල් ගියා නෙව. ඓශ්චර්යක මහත..!!!
මගේ අදහස් බහිරවයෝ ගෙනිහින් ......
ලක්ෂ 40ක ඔරලෝසුවක්.... හා....හා.........හා..........
කටුගේ බිදපු හොරු ටික තාමත් පැත්තක නේද? අපේ පොලිසිය මාර දක්සයිනේ
ලක්ෂ 40ක රොලෙක්ස් අත්ඔරලෝසුව .... අත්ඔරලෝසුව මෙච්චර ගණන් නම් අනිත් එවා කොහොම ඇතිද?
අද ආචාර්ය නැති නිසා මහාචාර්ය කෙනෙක් ඇවිත්
අයියෝ, ලක්ෂ 40ක ඔරලෝසුවක්? ජාතික ආදායමින් භාගයක් විතරනේ
නියමයි පොලිස්පතිතුමනි නියමයි
ශ්රී ලංකන් එයාර් ලයින් පාඩුයිලු නේද?
එයා ලයින් එකට පාඩුද මන්ද ? එයට නම් පාඩුවක් ඇති පාටක් නෑ.
rolex ඔරලෝසුව අදායම් බදුවලින් නිදහස් භාන්ඩයක්ද?
එතකොට කාලකන්නි කියන්නෙ ඔය ඔරලෝසුවටද...??
පුවතක් “ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලක්ෂ හතළිහක් වටින ඔරලෝසුවක් අතුරුදහන් වෙයි"
ලක්ෂ 40ක ඔරලෝසුවක් ගන්න මෙයාගෙ පඩිය කීයක් ඇත්ද??
රොලෙක්ස් ඔරලෝසුව විතරක් ලක්ෂ 40යි. මෙයාගෙ අනිත් ඒවා කොහොම ඇත්ද? කොහොමද හම්බ කිරීම....
ගෙයි ද? ඔක්කොම බිංදු තමයි..
කටුගේ හොරත් මේ හොරාම තමයි, මෙයාගෙන් හොඳට සලකල ඇහුවොත් එහෙම ඇත්ත සිද්ධිය වමාරයි
කුඹුරෙ හිටවපු පඹයගෙන් ඔයිට වඩා සේවය් වෙනවා.. ඒකට අපේ කට්ටිය...
අනේ පව් ඒ අහිංසකයා නිදහස් කරන්න
ලක්ෂ අසූවක ඔරලෝසුවක්?? බුදු අම්මෝ කාර් එකක් ගන්න සල්ලි.. පින කියන්නෙ ඕවට තමයි..
කටුගේ හොරා තාම අල්ල ගන් බැරි උනානෙ...
මේවගේ තියන අයගෙන් නම් ගත්තට කමක් නැහැ..
ලක්ෂ 40ක රොලෙක්ස් අත්ඔරලෝසුව?
එතකොට කටුගේ....
හේවගේ නෑනේ
සදුන්, එහෙම කියන්න එපා
ඇහැක් වගේද කණක්
හොරා ළඟ පාත ඉඳල තියෙන්නේ .
පොලිසියේ මහත්වරු ඔය හොරා ඇල්ලුවා වගේම් ඔය තරම් සල්ලි හම්බකරපු විදියත් හොයල බලල අල්ලනවනම කොච්චර හොඳද?
වෙලාවත් හරි ගණන් නේද???
අම්මලා ලමයි මරනවා පෝෂණය කර ගන්න බැරිව අනේ මන්දා...
හොරා කවදාහරි අහුවෙන්නේ ඔරලෝසුවෙන්
කටුගෙදර හොර තව සුමාන දෙකකින් අල්ලනවා කියල පොලිසියේ මාමලා මාසෙකට කලින් කිව්වනේ පුතේ, දැන් අල්ලලා ඇති පුතේ බයනැතුව නිදාගන්නකො.
මේ හොරා හොරුන්ගෙත් හොරෙක්
යකෝ ලක්ස40ක ඔරලෝසුවක්??? රත්තරං වෙන්ඩ ඇති මයෙ හිතේ
ඒ හොරාවනම් ඉක්මනටම ඇල්ලුවා නේ.....
වෙලාවකට ලක්ෂ 30 යි,දැන් 40 යි. කටුගේ හොරු ටිකත් ඔහොම ගිහින් අල්ලයි නේ????
මේ මහත්තය අතේ බඳින ඔරලෝසුවට මෙච්චර වියදම් කරනවානම් අනෙක් වියදම් කොහොම ඇත්ද ..? ඔන්න ඕකයි අපේ රටේ තත්වේ. එදා වේල කන්න, ඉන්න හිටින්න තැනක් නැතිව සමහර මිනිස්සු දුක් විදිද්දී, සමහර අය ඕනෑවටත් වඩා සැප විඳිනවා. මේ මහත්තයාගේ ඔරලෝසුවේ වටිනාකමින් අසරණ කී දෙනෙකුට ගෙවල් හදල දෙන්න පුලුවන්ද...
සොරාගත් ලක්‍ෂ 40ක රොලෙක්ස් අත්ඔරලෝසුව? හැබෑට හොරා කවුදැයි පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි!
ඒ උනාට වරෙන්තු නිකුත් කරලා තියෙද්දී සමහරු ප්‍රසිද්දියේ ඉහල තනතුරුත් දරමින් ඉන්නවා.
කටුගේම උස්සන් ගියත් ඔච්චරයි
ඔරලෝසුවක් අවශ්‍ය වෙලාව බලාගන්න. ඔරලෝසුව ලක්ෂ හතලිහ නම් ගෙදර තියෙන අනිත් බඩුවල වටිනාකම කොච්චර වේවිද? හොරු පනින්නේ නැත්නම් තමයි පුදුමවෙන්න ඕන. රුපියල් 1000.00 වටිනා ඔරලෝසු 4000 ක් නැතිබැරි අයට අරන් දෙන්න තිබුන.
ලොක්කන්ගේ හොරුනම් කොහොම හරි අල්ලයි.දුප්පත් අසරණයෙක්ට මේ වැඩේ වුනානම් අනේ මගේ කට.........
මේ ඔරලෝසුව කී පාරක් මීට පෙර හොරකම් කරාද දන්නෑ !!
ශ්රී ලංකන් පාඩුයිලු නේ?.....