ප්‍රංශයේ පැරිස් නුවර සිකුරාදා (13) රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එමෙන්ම අදාළ ප්‍රහාර වලින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මේ වන විට අනතුරුක් වී නොමැති බව ප්‍රංශයේ ශ්‍රී ලාංකික තනාපතිවරයා සඳහන් කරයි.කෙසේ වෙතත් පැරිස් නුවර සිටින ශ්‍රී ලාංකිකයින්ට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකතන අංකවලට ඇමතිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
එහි සිටින ලාංකිකයින් ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0033789238926 යන දුරකථන අංකයෙන් විමසන ලෙස ඔහු සඳහන් කරයි. මෙම ප්‍රහාරවලින් 150කට අධික පිරිසක් මියගොස් ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් ද 7 දෙනෙකු පමණ ආරක්ෂක අංශ අතින් මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් නිල වශයෙන් මිය ගිය ගණන 129කි 359 ක් රෝහල් ගත කර තිබේ , එයින් 80 කට පමණ අධි ප්‍රමාණයේ තුවාල සිදුවීම් තිබේ , ලාංකිකයන් කිසිවකු හට කරදරයක් නොමැත (බ)
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වලට මගේ කනගාටුව ප්‍රකාශ කරමි. ශ්‍රී ලාංකිකයන්ට කරදරයක් නොවීම මහත් අස්වැසිල්ලකි. නිරායුධ මිනිසුන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් ලොව අල්ලන්න යන මේ උන්මත්තකයින්ව සියලු රටවල් එකමුතුවී කොන්කළ යුතුය. ලොව ලස්සනම නගරය කඳුළු ගංගාවකින් නැහැවූ මෙම සිද්ධිය මුළු ලොවටම මළගමකි. (බ)
පුදුමයි මම පිටිගල සමගයි අද (බ)