දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ 7 වසරේ සිසුවියන් පසුගියදා නායකත්ව කඳවුරකට සහභාගි විය. මෙම කඳවුර පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
වාර්ෂිකව පැවැත්වෙන මෙම කඳවුරේ ප්‍රධානම අරමුණ වන්නේ පාසල් සිසුන්ව 8 වසරේදී ආරම්භ වන ඩියුක් ඔෆ් එඩිංග්බරෝ සම්මාන උළෙල සඳහා සූදානම් කිරීමයි.
මෙම කඳවුරට නායකත්ව වැඩමුළුවක්, ගිනිමැළ, සිසුන්ගේ විවිධ ඉදිරිපත් කිරීම්, එළිමහන් චිත්‍ර කඳවුරක් සහ ඇක්වා උද්‍යානය වෙත විනෝද චාරිකාවක් යන ඉසව් ඇතුළත් විය. දින දෙකක් පුරා පැවැති මෙම කඳවුරට සහභාගි වූ සිසුන්ගෙන් සමහරක් තම නිවෙසින් පිටව රැයක් ගත කළේ පළමු වතාවට නිසා එය දරුවන් සියලු දෙනාටම ප්‍රීතිදායක අත්දැකීමක් විය.
මෙම කඳවුරට සහභාගි වූ සිසුන් ඒ හරහා කණ්ඩායමක් ලෙසින් ගැටළු නිරාකරණය කරගන්නා ආකාරය මෙන්ම ස්වාධීනව සහ වගකීම් සහිගතවීම සම්බන්ධයෙන්ද මනා පුහුණුවක් ලබාගත් බව අවසානයේදී පැහැදිලි විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd