ශ්රී ලංකාවට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති ක‍්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් ඉන්දීය සංචිතයට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඇතුළත්ව නැත.
ලෝක ටෙස්ට් සහ එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන තෙන්ඩුල්කාර් විවේක ගන්නා ඇති බව ද වාර්තා වේ.
ඉන්දීය සංචිතය:
මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරේන්ද්‍ර සෙවැග්, විරාට් කෝලි, ගෞතම් ගාම්බීර්, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, උමේෂ් යාදේව්, අශෝක් ඩින්දා, සුරේෂ් රයිනා, විනෙයි කුමාර්, රෝහිත් ශර්මා, ප‍්‍රගයන් ඕජා, අජික්යා රහනි, මනෝජ් තිවාරි, රාහුල් ශර්මා සහ සහීර් ඛාන්.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට දෑන් ඉස්සර වගෙ ක්‍රිකට් ගහන්න බෑ. මතකනෙ 100 වන ශතකය ගන්න කොච්චර කල් බලා හිටියද කියලා.
එයා නෑ කියල අපිට මොකද? අනිත් එක එයාම දන්නවා ලංකාවෙදි එයාට ලකුණු ගන්න අමාරුයි කියල. එහෙම එකේ තරගය ක්‍රීඩාගාරයේ ඉඳල බලනවට වඩා ගෙදර ඉඳන් ටීවී එකෙ බලන එක ඇගට ගුණයි කියල හිතෙන්න ඇති!
අලුත් කෙනෙකුට තැනක් දෙන්න එල්ලීගෙන ඉන්නෙ නැතිව...
සචින් ප්‍රතිවාදී රටේ උනත් ඔහු බලන්න ආස හිතෙන විදියට ක්‍රීඩා කරන නිහතමානී ක්‍රීඩකයෙක්....
මෙයාටත් දැන් වයසයිනේ...ඡන්දෙ ඉල්ලුවනම් හරි...
සචින් හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැබැයි ලංකාවට බයයි.අපේ කට්ටිය එයාව කොහොම හරි කොටු කරගන්නවා ලේසියෙන්