ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා ඉතිහාසයේ පළමු වතාවට එහි සුපිරි වටයට පිවිසෙමින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. රටවල් 12ක සහභාගිත්වයෙන් ඉරානයේ ‘ටෙහෙරාන්’ නුවර දී දැන් පැවැත්වෙන 16 වැනි ආසියානු (පිරිමි) වොලිබෝල් ශූරතාවලියේ දී ඉන්දුනීසියාවට එරෙහිව වට 3 - 2 ක පෙරළිකාර ජයක් ලබමින් ශ්‍රී ලංකාව එහි ප‍්‍රබලම කණ්ඩායම් අට ගැටෙන සුපිරි වටයට සුදුසුකම් ලැබීය. 1975 දී ආරම්භ කළ ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. සුපිරි 8 වටයේ දී ඒ සඳහා තේරුණු කණ්ඩායම් ලීග් පදනම අනුව තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී තෙවැනි ස්ථානය ලබාගත හොත් ඔවුන් ලබන වසරේදී පැවත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට (ලන්ඩන් 2012) සුදුසුකම් ලබා ගන්නා බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. පෙරේදා (24) ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 25/20, 25/20, 21/25, 23/25, 15/13ක් පරිදි ජය වාර්තා කළේය. මෙම ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසි අතර ඊට සුදුසුකම් ලද සෙසු රටවල් වන්නේ ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව, ජපානය, ඉරානය, ඉන්දියාව, පකිස්තානය හා චීනයයි. ලෝක වොලිබෝල් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව 104 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන විට ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 16 වැනි ස්ථානයේ පසු විය. මෙවර ආසියානු තරගාවලියේ සුපිරි වටයට පිවිසීම තුළින්ම ශ්‍රී ලංකාව මේ වනවිටත් ආසියාවේ අටවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. මේ අතර ශ්‍රී ලංකාව සුපිරි වටයේ තරගවලට සහභාගිවීම ආරම්භ කරමින් ඊයේ (25) ඕස්ටේ‍්‍රලියාවට එරෙහිවත් අද (26) කොරියාවට එරෙහිවත් තරග දෙකකට සහභාගිවීමට සූදානමින් සිටියේය. වොල්බෝල් සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් ‘ලංකාදීප’යට අදහස් දක්වමින් පැවසුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් බහුතරයක් නවකයන් වන බැවින් ශ්‍රී ලංකාවේ මෙවර ආසියානු ශූරතා දස්කම් පෙරළිකාර ස්වරුපයක් ගන්නා බවයි. ප‍්‍රධාන පුහුණුකරු ලෙස සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා මෙම තරග සංචාරයට එක්ව සිටියි. මෙතෙක් පැවැති තරග ප‍්‍රතිඵල අනුව ඊයේ වනවිටත් හොඳම පන්දු පිරිනමන්නා සම්මානය සඳහා වඩාත් ඉදිරියෙන් පසුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වන සමීර දිසානායක බව වාර්තාවේ. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූවත් පෙරේදා ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරගයටද සහභාගි වෙමින් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකාව මූලික වටයේ දී තරග වැදුණු ‘බී’ කාණ්ඩයෙන් සුපිරි වටයට තේරුණු සෙසු රට වන්නේ චීනයයි. දකුණු ආසියාවේ රටවල් තුනක් සුපිරි වටයට තේරී තිබුණත් ඉන් පාකිස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 30 වැනි ස්ථානයේ පසුවෙයි. සුපිරි වටයට පිවිසි රටවල් අටෙන් බහුතරයක් ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව පළමු 15 දෙනා අතර සිටින ප‍්‍රබලතම රටවල් වෙති. මෙවර ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ අවසන් පූර්ව තරග අනිද්දා (28) අවසන් මහා තරගය ලබන බ‍්‍රහස්පතින්දා (30) පැවැත්වේ. චීන තායිපේ හිදී පැවැති ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාලියට ශ්‍රී ලංකාව සහභාගිවුවත් එහිදී සහභාගි වූ සියළු තරගවලින් ඔවුහු පරාජය වූහ.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියාවේ හොඳම 8 ඇතුළට