හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය. තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (9) ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩකයෝ ගෝල 7- 4 කින් මාලදිවයින පරාජය කරමින් පළමු වටයේ තරග තුනම ජය ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.
පාපන්දු අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර අද (10) පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.
මාලදිවයින් කාන්තා පැසිපන්දු පිල ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීම ඊයේ දිනයේ කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. මාලදිවයින් පිලේ පුහුණුකරු ලෙස ශ‍්‍රී ලාංකිකයකු වන සුපුන් විමල් මහතා කටයුතු කරයි.
අද (10) ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනයයි.
ඊයේ (9) සෙසු තරග ප‍්‍රතිඵල
වොලිබෝල්
පිරිමි - පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් (21/13 සහ 21/10) විසින් මාලදිවයින පරාජය කරන ලදී.
කාන්තා - ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ (21/15 සහ 21/16) විසින් නේපාලය පරාජය කරන ලදී.
පැසිපන්දු (පිරිමි)
පිරිමි - ශ‍්‍රී ලංකාව විසින් (21/7) භූතානය පරාජය කරන ලදී.
පැසිපන්දු (කාන්තා)
මාලදිවයින විසින් (12/10) ශ‍්‍රී ලංකාව පරාජය කරන ලදී.
කබඩි (පිරිමි)
පාකිස්තානය විසින් (52/32) ශ‍්‍රී ලංකාව පරාජය කරන ලදී.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd