රමේෂ් මෙන්ඩිස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් (40/5), චාමික කරුණාරත්න (නොදැවී 49) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 45) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 90 ක අඛණ්ඩ සම්බන්ධතාවත් නිසා බංග්ලාදේශ 19 න් පහළ පිලට එරෙහිව පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලූ 6 ක (ඩක්වර්ත් ලූවිස් න්‍යාය) පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.
ඩකාහි ජාතික කී‍්‍රඩාංගණයේදී ඊයේ (27 වැනිදා) පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරගාවලිය 2-2 ක් ලෙස සමකිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ සමත් වූහ.
තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ශී‍්‍ර ලංකා යොවුන් පිලේ ඉලක්කය, ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව, ඕවර 29 කදී ලකුණු 197 ක් වශයෙන් සංශෝධනය කරන ලදි.
සම්පූර්ණ ලකුණු පුවරුව
බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් ඉනිම
සද්මන් ඉස්ලාම් අනික් ඇ. කුසල් මෙන්ඩිස් ප. ප‍්‍රනාන්දු 17
නස්මුල් හොසේන් ඇ. කුසල් මෙන්ඩිස් ප. රමේෂ් මෙන්ඩිස් 26
ජොයිරාජ් ෂික් එමොන් ක.මු.කළා ප. රෙමිෂ් මෙන්ඩිස් 58
මේදි හසන් ක.මු.කළා ප. වික‍්‍රමනායක 16
මොසාඩෙක් හොසේන් ප. රමේෂ් මෙන්ඩිස් 47
යසිර් අලි චෞද්රි ප. රමේෂ් මෙන්ඩිස් 21
අබු සයීම් ඇ. සමරවික‍්‍රම ප. රිද්ම 17
නෙහාදුස්මාන් ස්ට.භානුක ප. රමේෂ් මෙන්ඩිස් 8
මෙහෙදි හසන් නොදැවී 16
ජුබෙයිර් හොසේන් නොදැවී 2
අතිරේක 16
එකතුව ඕවර 47.4 කදී කඩුලූ 8ක් දැවී 244
කඩුලු වැටීම:
1-46, 2-59, 3-105, 4-156, 5-195, 6-200, 7-224, 8-226
පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයා
මුස්තෂ්සුර් රහ්මන්
පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු : 6-0-28-1, ඩිල්ශාන් කාන්චන : 3-0-28-0, චාමික කරුණාරත්න : 4-0-33-0, රමේෂ් මෙන්ඩිස් : 9.4-0-40-5, ඒ.කේ. ටිරෝන් : 9-1-41-0, සන්ජික රිද්ම : 9-1-39-1, දිනුක් වික‍්‍රමනායක : 4-0-14-1, සදුන් වීරක්කොඩි : 3-0-15-0
ශී‍්‍ර ලංකා 19න් පහළ කණ්ඩායම් ඉනිම
සදීර සමරවික‍්‍රම ක.මු.කළා ප. මොසාඩෙක් හොසේන් 33
මිනෝද් භානුක ඇ. අබු සයීම් ප.මෙහෙදි හසන් 1
සදුන් වීරක්කොඩි ඇ. ජුබෙයිර් හොසේන් ප. මෙහෙදි හසන් 42
චාමික කරුණාරත්න නොදැවී 49
දිනුක් වික‍්‍රමනායක දුවද්දි දැවී ගියා 16
කුසල් මෙන්ඩිස් නොදැවී 45
අතිරේක 14
එකතුව ඕවර 22.1 කදී කඩුලූ 4ක් දැවී 200
කඩුලු වැටීම: 1-4, 2-84, 3-84, 4-110
පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයෝ :
ඒ.කේ. ටිරෝන්, බිනුර ප‍්‍රනාන්දු, ඩිල්ෂාන් කාන්චන, රමේෂ් මෙන්ඩිස්, සන්ජික රිද්ම
පන්දු යැවීම:
මුස්තෂ්සුර් රහ්මන් : 3-0-26-0, මෙහෙදි හසන් : 2-0-34-1, මෙහෙදි හසන් : 3-0-27-1, නෙහාදුස්මාන් : 5-0-38-0, මොසාඩෙක් හොසේන් : 5-0-31-1, ජුබෙයිර් හොසේන් : 4.1-0-35-0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)