ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල සහ කටාර් පිල අතර ක්වාලාලම්පූර්හිදී අද (26) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 87 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා පිල මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ලැබීමට සමත්ව සිටියි.වර්ෂාවෙන් තරගයට බාධා පැමිණීම නිසා කටාර් පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 26 කදී ලකුණු 188 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා පිල ඕවර 26 කදී කඩුලූ 2 ට 124 (පබසර වඩුගේ 76, ජේසන් පෙරේරා නොදැවී 28) කටාර් පිල ඕවර 26 කදී කඩුලූ 8 ට 100 (අලී ඉස්ටික් නොදැවී 24, උෂයිර් අමීර් නොදැවී 23, තරිඳු කෞෂාල් 29/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd