පිටකෝට්ටේ තොටුපළ පාරේ ශ්‍රී ලංකා මිරර් අන්තර්ජාල වෙබ් අඩවි පුවත්පත් කාර්යාලය සෝදිසියට ලක් කළ රහස් පොලීසිය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ දත්ත කිහිපයක් සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීම සඳහා එහි සංස්කාරක කැළුම් ශිවන්ත හා කර්තෘ මණ්ඩලයේ බව කියන තවත් අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම වෙබ් පත්‍රය ගැණ ලැබුණු පැමිණිලි අනුව රහස් පොලීසිය මේ සෝදිසිය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට මඩ වදින නිසා වෙන්න ඇති නේද .
කාන්තාවන්ට තහනම් කතාවක්
ආ..... කාන්තාවන්ට තහනම් කතාවක් අනේ
මේ වගේ අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය ආරක්ෂාවට නෙමෙයි .රජයේ සෙට් එකගේ ආරක්ෂාවට කියලයි අපිනම් දන්නේ .... කෙසේවෙතත් වහාම කට්ටියව නිදහස් කරන්න කියල බල කර සිටිනවා .... ඕකට කියන්නේ මාද්‍ය මර්දනය කියලයි ....අපි සියලු දෙනාටම අයිතියක් තියෙනවා රටේ පාලකයෝ මොනවගේ දේවල්ද කරන්නේ , මොනවගේ තීරණද ගන්නේ කියන එක දැනගන්න ... ඒ වෙනුවෙන් තමයි අපි කට්ටියවම පාර්ලිමේන්තුවට , පලාත්සබාවට , ප්‍රාදේශීය සබාවට , සහ මහා මන්දිරේට කට්ටියව යවන්නේ .... හැබැයි එහෙම කට්ටිය ඒ තැන් වලට ගියාට පස්සේ හදන්නේ ජනතාවට කොලේ වහල මාද්යත් මර්දනය කරගෙන සෙල්ලම් දාන්නයි ....මේවා නවත්වන්න මෙහෙම අත්අඩංගුවට අරන් බැහැ... හරිනම් කරන්න ඕන වැරදි පුවතක් හෝ රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ද පුවතක් පලවුනානම් අදිකරණයට යන එකයි ... වහාම මේ කට්ටියව නිදහස් කරන්න කියල බලකර සිටිනවා ...
අනේ මන්දා මොනවා කරන්න හදනවද කියලා රටට
මඩ ගහනකොට අත්අඩංගුවට ගන්නඑක වැරදියි ලේකම්‍තුමා තේරුම් ගන්න ඒක
මේවගේ මඩ වෙබ්අඩවි පවත්වානෙ යන අයට මාධ්‍යවේදීන් කිව්වම සැබෑ මාධ්‍යවේදීන්ට මොකක්ද කියන්නෙ..
මඩ වදින නිසා වෙන්න ඇති නේද ????
මේ රටේ දිනෙන් දිනම සමාජයේ විනය වේගයෙන් පිරිහී යනබවත් සාරධර්ම පරිහානිය කරා ගමන් ගන්නා බවත් දිනපතා පළවන විවිධ පුවත් අනුව පැහැදිලිවේ...
මේක ඇත්තටම වෙන්න තිබ්බෙ මීට කලින්. පමා වී හෝ මාධ්‍ය සදාචාරය රැකගැනීම ගැන රජයේ අවධානය යොමු වීම අගය කරමි.
මේක ඇත්තටම වෙන්න තිබ්බෙ මීට කලින්. කිසි වග විබාගයක් නැතිව කට කතා වලට ප්‍රචාරය දීලා කී දෙනෙක්ගෙ නම් පවුල් අවුල් කරන්න ඇද්ද මේගොල්ලො.
කඩේ නොගියේ නැත්තන් ඕක ඔච්චර දික් ගැස්සෙන් නෑනෙ.
මේ වගේ හැදියාවක් නැති මධ්‍යයකරුවන් රටින් පිටුවහල් කරනු!
රටක ආරක්ෂාවට තර්ජනයක් වෙන ඕනම කෙනෙක් අත්අඩංගුවට ගන්න පුලුවන්
අනුන්ගෙ චරිත ඝාතනය කරන එකත් මාධ්‍ය නිදහසක් ද මහත්තයො? එහෙනම් අර සිරසෙ ගිය කොටලු ෂෝ එක නැවැත්තුවෙ ඇයි?
ඔයා හරි හේවගේ . චුට්ටක් වැඩි කියල හිතෙන්නේ නැද්ද ??????
රටේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ මිනිමරුවන් හුරතල් කිරීමය. මහා පරිමාණ කුඩු මුදලාලිලා, වංචා කරුවන් නිදහසේ සිටීමය. සමහර මිනීමරුවන් දුටු විට සුළුදිය පහකර ගන්නා ඇතැම් ආරක්ෂ අංශ නිලධාරීන්, නිරායුද මාධ්‍යකරුවන්ට නම් කිසිම පැකිලීමක් නැතිව (අව)නිතිය ක්‍රියාත්මක කිරීම ගැන ඇත්තෙන්ම කනගාටුය.
ජයවේවා! මාධ්‍ය නිදහස.............
හොද වැඩේ
මාධ්‍යයට සදාචාරයක් තියෙනවා.
රහස් පොලිසියට වෙන වැඩ නැද්ද ?
මාධ්‍ය නිදහසට ජයවේවා! චින්තනය දිනේවා!
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීම සහතා ශත නමේ සත
මාධ්‍ය මර්දනය කරන්න කරන්න වර්ධනය වන බව දැනගන්නන..
අයියෝ .. තවත් ජරා වැඩක්
මෙරටේ දිනෙන් දිනම සමාජ විනය වේගයෙන් පිරිහී යනබවත් සාරධර්ම පරිහානිය කරා ගමන් ගන්නා බවත් දිනපතා පළවන විවිධ පුවත් අනුව පැහැදිලිවේ.මෙවැනි තත්වයක් හමුවේ රජයකට ඇති අභියෝගයද සුළුපටු නොවේ.ප්‍රධාන වශයෙන් මේ රටේ බහුතර අහිංසක සාමකාමී මහ ජනතාවගේ ආරක්ෂාව පිලිබඳ වගකීම බාරවී ඇති රජයටය.එබැවින් මහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ යම් ගැටළුකාරී පසුබිමක් ඇතිවන අයුරින් හා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවලට බලය ලබාගැනීමේ මෙවලමක් විය හැකි අයුරින් එම පසුබිම යොදවා ගැනීමට මේ රටේ බහුතර මහජනතා කැමැත්තෙන් බලයට පත්වූ රජයක් ලෙස ඉඩලබා දිය නොහැකිය.එබැවින් වගකීම් සහගතව ක්‍රියාකිරීම මාධ්‍යවේදීන්ගේද යුතුකම විය යුතුබව සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන් හා කාරුණිකවය.එහෙත් මාධ්‍යවේදීන් පිළිබඳ ක්‍රියාකිරීමේදී ඔවුන්ගේ වෘත්තිය පසුබිම නොකෙළෙසෙන පරිදි ගෞරවණිය ලෙස කටයුතු කිරීමද රජයේ වගකීමක් බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි.මට කිසිදු දේශපාලන පක්ෂයක් නැත.මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස හෘද ශාක්ෂියට එකඟව මේ අදහස දැක්වූයෙමි.තෙරුවන් සරණයි!!!
දේශයට වෛර කරන්නන්ට දඩුවම් දිය යුතුයි
අපිට නම් තේරෙන්නෙ නෑ මොකද වෙන්න යන්නෙ කියලා.. අපි බලා සිටිමු.. රනිල් මහත්තයා වගේ...
මෙයා මොකද මෙතන කරන්නේ