ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (20) සවස ක‍්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 47 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තානු පිලේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 267 ක් පසුපසින් සිටිති.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කරමින් උමාර් ගුල් යැවු පළමු ඕවරයේ පළමු පන්දුවේදීම තරංග පරණවිතාන ලකුණු නොලබා දැවී ගියේය. දිනය අවසානයේ කුමාර් සංගක්කාර (නොදැවී 27) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 20) පන්දුවට පහර දෙමින් සිටියහ.
පාකිස්තානය පළමු ඉනිම කඩුලූ 6 කට ලකුණු 511 ක් ලබා සිටියදී පන්දුවට පහර දීම අත්හිට වු අතර ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 197 ක් ලබා ගත්තේය. තරගයේ හෙට (21) සිවුවැනි දිනයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd