IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 1 ට ලකුණු 47 යි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (20) සවස ක‍්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 47 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තානු පිලේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 267 ක් පසුපසින් සිටිති. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කරමින් උමාර් ගුල් යැවු පළමු  ඕවරයේ පළමු පන්දුවේදීම තරංග පරණවිතාන ලකුණු නොලබා දැවී ගියේය. දිනය අවසානයේ කුමාර් සංගක්කාර (නොදැවී 27) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 20) පන්දුවට පහර දෙමින් සිටියහ. පාකිස්තානය පළමු ඉනිම කඩුලූ 6 කට ලකුණු 511 ක් ලබා සිටියදී පන්දුවට පහර දීම අත්හිට වු අතර ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 197 ක් ලබා ගත්තේය. තරගයේ හෙට (21) සිවුවැනි දිනයයි.



අදහස් (0)

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 1 ට ලකුණු 47 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site