ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැති එක්දින තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 39 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා දින දෙකක් පුරා ඇදුණු මෙම තරගයේදී ල-ද ජයත් සමගින් සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේ අවසන් තරගය පෙනෙන මායිමට ශී‍්‍ර ලංකා පිල පැමිණියේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 41 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 219 ක් ලබාගත් අතර ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව කොදෙව් පිල ඕවර 41 කදී ලකුණු 230 ක් ලබාගත යුතු විය. එහෙත් කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 190 ක් පමණි.
මේ වන විට ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙකම ප‍්‍රසාද ලකුණු 9 ක් බැගින් ලබා සිටියද ශූද්ධ ලකුණු වේගයේ ධන අගය මත ශී‍්‍ර ලංකා පිල ඉදිරියෙන් සිටී. ඉන්දියාවද ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා සිටි. එබැවින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණයේ තත්ත්වය මත අවසන් තරගය සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනෙනු ඇත.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
උපුල් තරංග - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර් 7
මහේල ජයවර්ධන - ඇ. ස්මිත් ප. රෝචි 7
කුමාර් සංගක්කාර - නොදැවී 90
දිනේෂ් චන්දිමාල් - ප. රෝචි 2
ළහිරු තිරිමාන්න - ප. සැමුවෙල්ස් 23
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ස්මිත් ප. රෝචි 30
ජීවන් මෙන්ඩිස් - ඇ. චාල්ස් ප. රෝචි 8
නුවන් කුලසේකර - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර් 14
සචිත‍්‍ර සේනානායක - ඇ. බ‍්‍රාවෝ ප. පොලාඞ් 7
අතිරේක 31
එකතුව ඕවර 41 කදී කඩුලූ 8ක් දැවී 219
කඩුලු වැටීම:
1-19, 2-19, 3-29, 4-93, 5-139, 6-147, 7-201, 8-219
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ලසිත් මාලිංග, ශමින්ද එරංග
පන්දු යැවීම:
කෙමාර් රෝචි : 8-2-27-4, ජේසන් හෝල්ඩර් : 8-0-50-2, ඩැරන් සැමී : 9-2-24-0, ටිනෝ බෙස්ට් : 6-0-42-0, මාලන් සැමුවෙල්ස් : 7-0-48-1, කරන් පොලාඞ් : 3-0-24-1
බටහිර ඉන්දිය කොදෙව් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. එරංග ප. මැතිව්ස් 14
ජොන්සන් චාල්ස් - ඇ. සහ ප. එරංග 14
ඞ්වේන් ස්මිත් - ක.මු.කළා ප. 0
මාලන් සැමුවෙල්ස් - ඇ. ජයවර්ධන ප. එරංග 0
ඩැරන් බ‍්‍රාවෝ - ඇ. මෙන්ඩිස් ප. මැතිව්ස් 70
ලෙන්ඩල් සිමන්ස් - ඇ. තරංග ප. එරංග 67
කරන් පොලාඞ් - ඇ. සංගක්කාර ප. මාලිංග 0
ඩැරන් සැමී - ඇ. සහ ප. මාලිංග 3
කෙමාර් රෝචි - නොදැවී 8
ජේසන් හෝල්ඩර් - ප. මැතිව්ස් 0
ටිනෝ බෙස්ට් - නොදැවී 5
අතිරේක 9
එකතුව ඕවර 41 කදී කඩුලූ 9ක් දැවී 190
කඩුලු වැටීම:
1-25, 2-29, 3-29, 4-31, 5-154, 6-154, 7-172, 8-176, 9-177
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 1.5-0-8-0, ශමින්ද එරංග : 8-0-46-3, ළහිරු තිරිමාන්න : 4.1-0-16-0, ඇන්ජලෝ මැතිව්ස් : 8-1-29-4, සචිත‍්‍ර සේනානායක : 9-0-41-0, ලසිත් මාලිංග : 8-2-42-2, ජීවන් මෙන්ඩිස් : 2-0-8-0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොයෙල් කියන දේ හරි . අපි තාම යැපෙන්නේ පරණ අයගෙන්. තරගයේ බර කරට අරගෙන ගහලා තනියම මැච් දිනවන අලුත් අය කෝ? ඉන්දියාවේ කෝලිලා වගේ (නි)
කෝ අර ජෝන්, මින් ඉදිරියට නොදන්නා දේවලට හොට නොදා හිටියොත් හොදයි (නි)
නොයෙල්, ඔයාට තේරෙන දේ අපේ වගකිය යුත්තන්ට තේරෙන්නේ නැහැනේ (නි)
වෙළඳ දෙන්වීමක් නිසා (ප්ලැටිනම් ) අද කිසිම දෙයක් හරියට බලා ගන්න විදිහක් නැහැ. කරුණාකරලා ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන් බලා ගන්න ඉඩ තියන්න. හරිම කරදරයක් මේක.(නදී)
සමස්තයක් වශයෙන් ගත්තම "චින්තන දේශලීල" ඔයාගේ කියමනට මම 100% ම එකග වෙනවා. මේකේ ගොඩක් දෙනා කියවන්නේ හරි හමන් දැනීමක් නැතුව. තිරිමාන්න සංඟා නොවෙන්න අපි කනවා ඊයේ තිසරගේ අඩුව ගැන අපි කාටත් ප්‍රශනයක් තියනවා තමයි. ඒකත් තේරීම කමිටුව හදාගනි කියල හිතමු. අද කොහොම හරි ඉන්දියාවට ගහල කුසලානේ කොදෙව්වන්ට දුන්නත් කමක් නැහැ. ජයවේවා අපේ කොල්ලන්ට.(නදී)
කාට හරි කියන්න පුලුවන්ද ඇයි තිසර ටීම් එකෙන් එලියෙ කියලා? (නි)
සත්කාරක රටේ (කොදෙව්වන්ගේ) පිටියේ වාසිය අරගන අපට හොදට තලන්නෛ මාන බැලුවේ. අත්දැකීම් ඇති මහේල වැරැද්ද ගත්තා. අත්දැකීම් අඩු පිත්කරුවන්ට එතරම් වරදක් කියන්න බැහැ. කොහොම උනත් එයාලට හොද අත්දැකීමක්. සංගක්කාර තම හැකියාව මානව පිලිබිබු කලා. නායක මැතිව් තම වගකීම තේරුම් අරගන ක්‍රීඩා කලා. පන්දු යවන්නනුත් තම උපරිමය කල නියම කණ්ඩායම් හැගීමෙන් කරුත් ක්‍රීඩා කලා. ඔය ගමන ඔහොම්ම ගියොත් ආයේ වරදින්නේ නැහැ. සියල්ලන්ටම ස්තුතියි සුබ අනාගතයක්.(නදී)
ඉන්දීය කණ්ඩායමේ පාලක මණ්ඩලයේ වගේම ක්‍රීඩකයන් අතරෙත් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. අපි ප්‍රසාද ලකුණුත් අරගෙන දළ වේගයෙනුත් ඉහලින් සිටින නිසා අපි එක්ක තරගය ඉන්දියාවට අමාරු ඉලක්කයක් වේවි.(නදී)
සංගක්කාර ඉවසීමෙන් සෙල්ලම් කල නිසා ගොඩ. මැතිව්ස් තුන් ඉරියව්වෙන්ම දස්කම් පෙන්නුවා. සුභ පැතුම්!(නදී)
තිරිමාන්න සුපිරි ක්‍රිඩකයෙක්.අවශ්‍ය මොහොතෙ අවශ්‍ය දේ කරනවා.ඔය කියන අයට ගිහිල්ලා ගහන්න කියන්නකො..බොලේ වැදිලා මැරෙනවා..කවදාවත් ටීමි එකට බනිනවා..(අ)
ඇත්තටම ඇයි අපට අළුත් අයව හොයාගන්න බැරි? ඒත් අර ගුවන්යානවල දොරවල් අරින වගේ අය නෙවෙයි හොද අය හොයාගන්න.(නදී)
බෝලේ බැට් එකේ වදින එකයි බැට් එකෙන් බෝලෙට ගහන එකයි දෙකක්.අපේ අලුත් කොල්ලන්ට මේක කියලා දුන්නා නම් හරි.මාවන් බෝලේ ක්‍රීඩකයන්ගේ අතරින් යවලා ලකුනු දැම්මා.සනත් ක්‍රීඩකයන්ගේ ඔළුවට උඩින් යවලා ලකුණු දැම්මා.අලුත් කොල්ලෝ බෝලේ බැට් එකේ වැදිලා ක්‍රීඩකයෝ අතරින් ගියොත් ලකුනු දානවා. මේක වෙනස් කරන්න ඕනෑ. (නි)
අද නුවන් කුලසේකර නැති නිසා දිල්හාර ලොකුහෙට්ටි ගහන්න ඕනෑ. තිරිමාන්නව කපලා කුසල් ජනිත්ව ගත්තොත් මැච් එක ෂුවර් දිනුම් (නි)
හැමදාම කියනවා වගේ තේරීම් කමිටුවේ පණ්ඩිත ජයසුරිය මහතාණෙනි, කරුණාකර තිසර පෙරේරාව යොදවන්න ජීවන් මෙන්ඩිස් කරන සහ කරපු දෙයක් නැහැ.(නදී)
පෙන විදිහට වැඩි වාසි වෙස්ට් ඉන්දියන්ලට හෙට තරගය අනිවාර්යෙන්ම දිනන්න වෙනවා නැත්නම් මේකත ඉන්දියාවට (අ)
මේ පාරවත් කුසලානය මව්බිමට රැගෙන එන්න ලැබේවා!(නදී)
කෝ අර ජෝන්ට මොකද උනේ? ජෝන් ඉල්ලගන කෑවා නේද? අපිට කප් නැතත් කමක් නැහැ ඉන්දියාව පරාද කරන්න පුලුවනිනම් හොඳටම ඇති. (නදී)
තිසර පෙරේරා සහ චාමර කපුගෙදර නැවත කණ්ඩායමට කෙදවන්න ඕනි. අවසාන තරගයට සුදුසු කණ්ඩායම - තරංග, මහේල, සංගක්කාර, තිරිමාන්න, මතිව්ස් , කපුගෙදර, තිසර, කුලසේකර, මාලිංග, සේනානායක, රංගන - පුලුවන්නම් මීට වඩා හොඳ කණ්ඩායමක් නම් කරන්න.(නදී)
කුලයා වෙනුවට තිසර පෙරේරා යවන්න. තිසරව කැපුවේ ඇයි? චන්දිමාල් මැච් 10 කට කීයද ගහලා තියෙන්නේ. ඉන්දියාව ගම්බීර් වත් කපලා තියෙන්නේ ලකුණු අතර ඉන්දැද්දීත්. තේරුම් කමිටුවට පිස්සු හැදීගෙන එනවද? මේ කප් එක ගන්න පුළුවන් තව පොඩ්ඩයි ලංකාවට ජයවේවා.(නදී)
හොඳ වෙලාවට තිරිමාන්න අවුට් වුනේ..එහෙම නොවුනා නම් පාදය සහ පිත්ත එක තැන තබා තරඟය පරදින තුරුම ආරක්ෂා වෙනවා.. (නි)
කොදෙව්වො පැරදුනේ තිරිමාන්නව අවුට්කල හින්දයි. 73 න් 23 ක් ගහලා දස්කම් පෙන්නනකොට තව ටිකක් ඉන්න දෙන්නයි තිබුනේ. කොදෙව්වන්ට මොලේ නැහැ.(නදී)
කප් එක නොගෙනාවත් කමක් නෑ.ඉන්දියාව පරද්දන්න. (අ)
ඊයේ පෙරේදා මැච් එක අත අරින්නේ නැතුව බලාගෙන හිටියා. ඔන්න ඔය තිරිමාන්න ගැන හිතනකොට තරහ යන්නේ නෑ ඇඩෙනවා. පන්දු 73 යි ලකුණු 23යි තනිකරම ඕවර 12 ම කෑවා. ජීවන් මෙන්ඩිස් සහ තිරිමාන්න අයින් කරලා කුසල් පෙරේරා සහ තිසර පෙරේරා දාන්න ඕන. සුබ පැතුම් කොල්ලනේ. (අද ඉන්දියාවට ගහන්න කාට ගැහුවේ නැතත්) (අ)
තරංග,මහේල , සංග, මතෙව්ස් ,චන්දි,දිල්හාර ,කුලසේකර ,ශාමින්ද ,හේරත්, සචිත්‍ර , මාලිංග සංචිතය ඉන්න අයගෙන් ඉන්දියාවට මේ සෙට් අක හොදයි කියල හිතනවා (අ).
උපනායක දිනේෂ් චන්දිමාල් වෙනුවට උඩරට නැට්ටුවෙක් අරන් ගියානම් හොඳයි මොකද මෙය පිට්ටනිය පුරා නටනවා විතරයි. කරන කිසිම දෙයක් නැහැ. (අ)
පන්දු 73කට ළකුණු 23ක්... ටෙස්ට් මැච් එකක් කියලා හිතන්න ඇති (නි)
චන්දිමාල් පුද්ගලයෙක් වශයෙන් ඉතා නිහතමානී අයෙක්.නමුත් උපනායක කමට තියා කන්දයමටවත් ගැලපෙන්නේ නෑ (අ)
ගාමිණී ඉන්දියාව කියන්නේ ප්‍රමානයෙන් ලොකු රටක්, උනාට අපේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලඥයෝ රිංගන්නේ නැත්නම් අපිට ක්‍රිකටි වලින් ලොකු රටක් තමයි.(නදී)
කපුගෙදර එක්දින තරඟ 95ක් ක්‍රීඩා කර ඇතත් එක් ශතකයක් වත් වාර්තා කර නොමැත. චන්දිමාල් දැනට ලකුණු අතර නොසිටියත් තරඟ 59කදි ශතක 2ක් ලබා ගෙන ඇත. (නි)
අපේ රටේ කණ්ඩායම තෝරන්නෙ දක්ෂකමට වඩා වෙනත් දේවලට කියලා අපිට තේරෙනවා. තිසර පෙරේරාව අයින් කර ලංකාවට ආපසු එව්වේ ඇයි? ඔහූ තුන් ඉරියවෙන්ම දක්ෂ කම් කරන මිලග ලෝක කුසලාන තරගාවලියට යන්නම ඕනෑ ලාබාල තරුනයෙක්. දැනටමත් හොදට දස්කම් පෙන්වා ඇත (නි)
චන්දිමාල් තිරිමාන්න විතරක් නොව ජීවන් මෙන්ඩිස් පවා තව උනන්දු වෙලා ක්‍රීඩා නොකොළොත් අනාගතය හොඳ මදි වේවි (අ)
සදුනිගේ කතාව නම් හරියටම හරි (නි)
අපිට ඉන්න තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන නුවන් කුලසේකර මින්පස්සෙ තරග වලදිවත් කලින්ම පිටියට එවුවොත් අපිට තරග දිනන එක සිම්පල් (නි)
මේකත් අපි දිනනවා (නි)
කෝ අර අද ලංකාව මැච් එක කනවා කියලා තිබුණ මනුස්සයා? (නි)
දැන් නම් ලංකාවට වාසී වගේ. ඒත් පුදුමේ නවකයෝ තවම දක්ෂතා අතර නැහැ.බලමු ඉදිරියටවත් හැදෙයිද කියලා.මගේ මතකෙට එන්නේ ලංකාවේ බිහිවුන අති දක්ෂ පිතිකරුවෙක් වුන අතපත්තුව. නවකයින්ට තව අවස්ථාව දෙමු.අපේ කොල්ලන්ට සුභ පැතුම්. (නි)
පිට්ටනියේ වැඩියම ප්‍රශ්න ඇති කරගන්නෙත් අපේ කණ්ඩායම. (නි)
දිල්හාර ලොකුහෙට්ටිගේට අවස්ථාවක් දුන්නොත් හොද නැද්දෙ? (නි)
තිසර පෙරේරා අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්න ඕනෑ. අද ඉන්දියාවට ගහලා ගෙදර යවන්න අපේ කොල්ලන්ට වාසනාව ලැබේවා! (නි)
මට හිතෙන හැටියට නම් තිරිමාන්න සහ සන්ගක්කාර දෙදෙනාගෙ සම්බන්ධතාවය තමයි අපේ ජයග්‍රහණයේ අඩිතාලම වුනේ. කඩුලු ඉතා ඉක්මනින් එකින් එක වැටෙන විට ඒ දෙදෙනා එක්ව කඩුලු ආරක්‍ෂා කර ගත්තා. තිරී එක ලකුනක් ගෙන පැති මාරු කර ගනිමින් ( පලපුරුදු ) සන්ගට වස්ථාව ලබා දුන්නා. ඒ වෙලාවෙ වෙන්න වුවමනා කර තිබුනේ එයයි., ඉතින් ගොඩක් දේවල් නිරීක්‍ෂණය නොකර කතා කරන එකට පෞද්ගලිකව මම එකඟ නොවෙමි. මගේ පෞද්ගලික හැඟීම නම් තිරිමාන්න අති දක්‍ෂ නවක ක්‍රිඩකයෙක්, කුලේ තුවාල වුන වෙලේ තිරී ඔහුගේ අඩුව පිරවීමට හොඳින් පන්දු නොයැව්වා නම් අපිට ජය ගැනීම තවත් අමාරු වෙන්නා තිබ්බා. මහේලට ඊයේ තරඟයේදී ලකුනු අතරට පැමිණීමට බැරිවීම කන්ඩායමේ අවාසනාවක්. අද තරඟයේදී මහේලට ලකුනු අතරට ඒමට අවස්ථාව ලැබේවා සහ අපේ කොල්ලන්ට ජයෙන් ජය වේවා පතමි....!!! (නි)
මම දකින හොදම ටීම් එක නම් දිල්ෂාන්, තරංග, මහේල, සංගා, මැතිව්ස් , චන්දිමාල්, තිසර, කුලසේකර, මාලිංග ,රංගන සහ ජීවන් (නි)
පිට්ටනියේ වැඩිම කෙල ගහන්නේ අපේ අයයි. බෝලේ කෙල ගාන එකනම් හැමෝම කරනවනේ (නි)
ජයසුරියගේ ක්‍රිකට් ගැන කවුරුත් බය වෙන්න එපා.අර්ජුන,අරවින්ද වගේ එයා රට ගැන හිතලා තීරණ ගන්නේ.අපේ කොල්ලන්ට් ජය පතමු.උන්ට පුළුවන්.චන්දිමාල් ගැන බය වෙන්න එපා,චන්දිමාල්,ලහිරු අපේ අනාගත ක්‍රිකට්. (නි)
සංගා- මහේල,මහේල- සංගා නැත්නම් තරංග- ඩිල්ෂාන්, ඩිල්ෂාන් -තරංග.... තවම අපේ පැරණි සිංහයෝ තමයි තරග දිනවන්නේ. මැතිව්ස් මෙයාලට පින්සිද්ද වෙන්න ස්ථාවර වෙමින් ඉන්නවා. එතකොට කෝ අපේ මැදපෙළ පිතිකරුවෝ? අපේ තේරීම් කමිටුව මෙයාලා ගැන ගොඩක් හිතන්න ඕනෑ (නි)