IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සටනට බසිති

අසාර්ථක ඉනිම තුනක් අමතක කර දැමූ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තමන්ගේ ගෞරවය රැකගැනීමේ අභියෝගය බාර ගනිමින් මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් පරාජය නොවී සිටීමේ සටනට පිවිස සිටිති. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) සවස පැවැති අයහපත් ආලෝකය නිසා කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකකට ලකුණු 223 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ලකුණු 237 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තවමත්  ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ලකුණු 14 ක් පසුපසින් සිටී. පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසු තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ ඉතාමත් අපරීක්‍ෂාකාරී පහරකිනි. ඩිල්ෂාන්ගේ මෙම දැවීයාම ශී‍්‍ර ලංකා කඳවුර සසළ කරන්නක් වුවද අගනා අර්ධ ශතකයක් ලබාගත් තරංග පරණවිතානත්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුමාර් සංගක්කාර (නොදැවී 69) සහ මහේල ජයවර්ධන (38) දෙදෙනාත්, එක්ව  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට කලකින් සොයාගත නොහැකිව තිබූ විශ්වාසනීයත්වය නැවතත් කී‍්‍රඩකයන්ගේ කාමරයටම ගෙනැවිත් දුන්හ. කෙසේ වෙතත් ඊයේ සවස කුමාර් සංගක්කාර පවසා සිටියේ අද පෙරවරුවේදී දෙවැනි නව පන්දුව ලබාගැනීමට  ඕස්ටේ‍්‍රලියානු නායකයා සූදානමින් සිටින බවත් ‘දෙවැනි නව පන්දුවත් සමග ගනුදෙනුව’ වාසිදායක ආකාරයෙන් බේරා ගැනීමට ලැබුණහොත් පමණක් මෙම ඉනිම්දී පිතිකරුවන් වශයෙන් තමන් සාර්ථක යැයි හැඳින්විය හැකි බවත්ය. ඊයේ තම 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් සංගක්කාර පන්දු 158 කට මුහුණ දෙමින් ලකුණු 69 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් එය සරසමිනි. සෙනසුරාදා දිනයේදී  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ඉතාමත් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මයිකල් හසී (142) සහ ෂෝන් මාෂ් (141) ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලිදරන් තරගාවලියේ සිවුවැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාව තමන් සතුකරගත්තා පමණක් නොව, තරගයේ පාලනයද  ඕස්ටේ‍්‍රලියානු පිලට හිමිකර දුන්හ. සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් 19 වැනි  ඕස්ටේ‍්‍රලියානුවා බවට පත්වූ ෂෝන් මාෂ් ස්වීප් පහරකින් ලකුණු දෙකක් කරා දිවයද්දී ඔහුට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමූ  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරු ජෙෆ් මාෂ් (ෂෝන්ගේ පියා) පේ‍්‍රක්‍ෂකාගාරයේ සිට අත්පොළසන් දෙමින් නැගී සිටියේය. ෂෝන්ගේ පෙම්වතිය වන අමන්දා සහ ඔහුගේ හොඳම මිතුරා වන පෝල්ද ජෙෆ් මාෂ් මහතා සමග සිටියේය. කිසිදු පැකිළීමකින් තොරවම සිවුවැනි දිනය ආරම්භ වීමටත් පෙර තම ඉනිම අත්හිටවූ  ඕස්ටේ‍්‍රලියානුවෝ පන්දුවට පහර දීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට බාර කළ අතර  ඕස්ටේ‍්‍රලියානු බලාපොරොත්තු බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිල ඊයේ දිනය පුරාම පන්දුවට පහර දුන්නේය. අද තරගයේ අවසන් දිනය වන අතර අද දිනය පුරා  ඕවර 98 ක් යැවිය යුතුය.

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ සිට...)
ඡායාරූප: ශාන්ත රත්නායක
මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් ෂෝන් මාෂ්ගේ පියා වන ජෙෆ් මාෂ් (දකුණේ), ෂෝන්ගේ පෙම්වතිය වන අමන්දා(මැද) සහ ෂෝන්ගේ කළණ මිතුරා වන පෝල් ඇතුළු පිරිස අත්පොළසන් දෙමින්...



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සටනට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16949 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 670 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site