ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂය මෙවර මැයි දිනය බවත් බංකොලොත්, දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න සහාය දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන පැවැත්වෙන මැයි රැලියට සහභාගී වන ලෙස පොදු ජනතාවට ආරධනා කරන බවත් ජනතා නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
“සමහරු උත්සහ දරයි අපේ රැලියේ දී තමන්ගෙම පිරිසකට කියලා ගහගෙන අපි ගැහුවා කියලා බොරු මඩ ප්‍රහාර අපිට එල්ල කරන්න. ඒක නිසා අපි නව පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටිනවා එවැනි ක්‍රියාවන්ට ඉඩදෙන්න එපා කියලා” යැයි වීරවංශ මහතා වැඩි දුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පායන කාලෙට, ගිනියම වැඩිවෙන කොට, සමහරුන්ට එක එක ලෙඩ හැදෙනවා. ඒවාට හරියට බෙහෙතක් නොගත්තහම හොඳටම අමාරුවෙනවා. (හේ)
අපිත් කිරුළපනට රට දෙකට කිරීම වළක්වන්න (බ)
කිරුලපනේ ට යන්න පස්ස්පෝර්ට් ඕනේද ?(හේ)
කිරුළපන උවමනා නැහැ මහින්ද ජනධිපතිතුමාට සෙනඟ ගෙනෙන්න (හේ)
මැයි දිනයේදී බලමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
කිසි වෙනසක් මේ මැයි රැළියේදී වෙන්නේ නෑ.(හේ)
දැන් ඔය බොරු කතා වලින් වැඩක් වෙන එකක් නෑ.(හේ)
බොරුවට හොරු හොරු කියා බලය ගන්න මේ අය අපව රැවැට්ටුව නිසා අපි අනිවාර්යයෙන්ම එන්නේ කිරුළපනට තමයි. (බ)
අපි ඒකාබද්ධ විපක්ෂය එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ ... (බ)
බණ්ඩා,කිරුලපන කියන්නේ ගාල්ලට අල්ලපු ගම කියල හිතුවද.ඔයත් අර කිලිනොච්චි කියල මැදවච්චි ගිය කෙනාගෙ ගෝලයෙක් වගෙයි...(බ)
මතක නැතුව ඇති සෙල් ෆෝන් එක උස්සගෙන ගිහින් කවුද සීනියර් ඩී අයි ජී කිය කිය අහමින් පොලිසියේ නිළධාරීන්ට තර්ජනය කර රාජකාරියට බාධා කළ විධිය . දැන් කියනවා පොලිසියට හරියට රාජකාරි කරන්න කියලා (බ)
කොළ පාටින් කොළඹම බැබලෙනවාලු....නිල් පාටින් දිදුලයි රුහුණේ ගාලු විමල් ඇතුළු අය කරනා විහිළු රටම දකියි මැයිදා ඉවසන් යාලු ....(බ)
මැයි රැලි වලටත් ගිය කල! අනේ දෙවියනේ! (නි)
අනේ අපොයි මොකක්ද මේ රටට වුණේ.... අගේ ඉඳන් කණ කන හැටි හොඳට පෙනේ.... දුන්නට බෝතලෙයි චයිනිස් දෙක ගානේ..... ඔහෙලත් එක්ක නැහැ ගනුදෙනු කිරුළපනේ.... (නි)
අපේ සුබ පැතුම්. අපි එනවා. (ර)
හැරවුම් ලක්ෂය පහු උනා... දැන් තියෙන්නේ ඒ පැත්තට හැරෙන්න තමා. (ර)
ජය වේවා එදාට ජන රැලිය කිරුලපන, මහා ජන ගංගාවක්. රැවටුණා ඇති දැන්... (ර)
අපිත් එදාට කිරුලපන මහින්ද සමගයි... (ර)
නව පාලනයට ඡන්දය දුන් 60% දෙනාට කළ වරද නිවැරදි කරගෙන මහින්ද සමඟ එක්වී ශ්‍රී ලංකාව රැකගැනීමට බුද්ධිය පහළවේවා! (නි)
හරවලා ආපහු එතනටම එන්න වෙයිද දන්නේ නෑ.? (ර)
මොන මැයි රැලිද අපිට. හොදට නිදාගන්නවා එදාට මන්නම්. (ර)
මේ මැයි රැලි වලින් වැඩ කරන මිනිස්සුන්ටනම් යහපතක් වෙලා නැතුව ඇති. (ර)
දැන් දසක ගණනාවක සිට මැයි දින පෙළපාලි හා සන්දර්සන පවත්වනවා ,නමුත් තවම නම් වැඩකරන ජනතාවටවත් රටටවත් කිසිම සේවයක් වෙලා තියනවද කියන්න. එදාට කෑගහනව, එපමණයි නැවතත් ලබන අවුරුද්දේ කෑගහනවා. (ර)
ජය වේවා අපි මහින්ද සමග. (ර)
රට යන විදියට නම් මහින්ද නැවත බලයට එන ලකුණු තියෙනවා. (ර)
"සිහින නොමිලේ අලවි කරනු ලැබේ" කියල බෝඩ් එකක් ඔය කතා කරන ඉස්සරහ තිබ්බ නම් පංකාදුයි. මන්ත්‍රී වරු 43ක් ඉගෙන 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ බලයයි ,විදායක ජනාධිපතිකමයි පෙරලලා දන්නා හීන මවන අය පොලිමෙලු එයි. ජවිපෙ සහයෙන් තොරව විපක්ෂේ ඉදල ශ්‍රීලනිපය කිසිම දිනක බලය අරගෙන නැහැ. ඒ නිසා ඔය ශ්‍රීලනිප පිල් දෙක එකතු උනත් බලය ගන්න එක ගැන හිතන්න බැහැ. ඉතිහාසේ විශ්ලේෂණය කරන්න. යහපාලනය ගැන කලකිරුන කියල හිතුවත් මෛත්‍රී ගත්ත 63න් ලක්ෂෙන් කවුරුවත් ඒකාබද්දෙට සහය දෙයි කියල හිතන්න තියෙන පදනම මොකද්ද? (ර)
මැයි දිනය කියන්නේ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ඕන දිනයක් මිසක්, කාගෙවත් දේශපාලන වෛරී ඕනෑකම් පිරිමහගන්න වේදිකා ඉදිකරන දිනයක් නෙමෙයි. අපේ රටේ ඊනියා උගත් බුද්ධිමත් ජනතාව මේ ටික තේරුම්ගෙන සැබෑ කම්කරු වේදිකාවක් ගොඩනගපු දවසට අපිව පාගන් ඉන්න ඊනියා පාලකයෝ ඔක්කොම ඉවරයි. වැඩ කරන ජනතාවට බුද්ධිය පහල වේවා ! (ර)
මැයි දිනය දේශපාලන මත ප්‍රකාශ කිරීම සඳහා නොවේය. (ර)
යහපාලනේ නායයන්නේ රටේ ජනතාවට, රටට කිසිම සෙතක් නැති නිසාය (නි)
ජය වේවා ! අන්තිමේදී යහපාලනය නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවක් නෙවෙයි බෙරේම නෑ. (ර)
දුෂිත ආණ්ඩුව ගෙදර යවන්න තවත් දුෂිත ආණ්ඩුවක් ගෙනඒමට ජනතාවට කරන ආරාධනයකි. ජනතාවට තව කොපමණ කලක් මෙතුමන්ලා අංතට්ටු සවිකරාවිද? (නි)
කිරුලපන පිටිය අක්කරයක් වත් විශාල නෑ එන ජන ගගට ඉඩ මදි උනාම ගාලු යාවි... (ර)
මම හිතුවේ හැරවුම් ලක්ෂය 2015 ජනවාරි 8 කියලා ... (ර)
කම්කරුවනි; ස්රිලාංකිකයිනි; ඔබගේ ඡන්දෙන් පත්වුන අය ඔබගෙන් අහලද හිතෙන හිතෙන වෙලාවට පක්ෂ ප්‍රතිපත්ති මාරු කරන්නේ? මුළු ලෝකෙම පුදුම වෙනවා ලංකාවේ මිනිස්සු මෙතරම් මෝඩද කියලා. නායක ලක්ෂණ තිබෙන නායකයෙක් පත් කර ගන්න එකතු වෙන්න ! නැත්නම් ලංකාව මේ වලෙන් ගොඩ ගන්න බැහැ. ප්‍රංශයෙන් සුභ පැතුම්! (ර)
විජය, තව ටික දවසකින් අනුරාධපුරයෙන් එහාට යන්න පාස්පෝර්ට් ඕනෑ වේවි. මේ තැනැත්තාගේ පැටිකිරිය හොයන්න එපා. කියන කාරණා සොයා බලන්න. (නි)
දැන් ඔය දේවල් අහලම එපා වෙලා.(හේ)
මෙයා දන්නේ නැතිද මැයි 1 වෙනිදා කම්කරු දිනය බව ආණ්ඩුව පෙරලන දිනය නොවේ (හේ)
මේක කම්කරු දිනය. (හේ)
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්න. එදාට කට්ටියක් සෙට් කරලා ඇති ගහන්නත්, බලාගෙනයි. (හේ)
අනේ පවු. කොහෙටද දන්නෙ නැහැ හරවන්නේ? මීට කලින් 2015 අගෝස්තුවෙත් ඔයිට වඩා ලොකුවට කෑගැහුවා අපිට මතකයි (නි)
හැරවෙයිද පෙරලෙයිද දන්නේ නෑ.(හේ)
මහින්ද සහ ගෝඨා මැයි දිනයට නැතුවම බැහැ (නි)
"කිරුලපන රැලියට ආ සෙනග ලක්ෂ 5 ඉක්මවයි-විමල් " මන් මේ කීවේ මැයි 2 වෙනිදා පත්තරවල් හෙඩ් ලයින්ස්. (ර)
විමල්, පුළුවන්නම් මහින්ද නැතුව තනියෙන් ඡන්ද 1000 අරන් පෙන්වන්න. නිකන් කෑ ගහන්න එපා. වැඩක් කරන කෙනෙකුට කරන්න දෙන්න. (නි)
මහින්ද මහත්තයාගේ රැස්වීම් වලට ඉන්න සෙනග වෙන කාටවත් ගෙන්න බෑ. එත් ඉතින් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ඔක්කොම මහින්ද මහත්තයට ඡන්දෙ දීලත් දිනන්න බැරිවීම තමා. කොහොමත් ගොඩක් සෙනගනම් ඉන්නෙ කිරුලපනට තමා නුගේගොඩට ආනන්ද සමරකෝන් එකට ලක්ෂ 5 ක් ආව කියල කිව්වනෙ. එහෙම බැලුවම ඉතින් රැස්වීම තියෙන්නෙ කොලබ තියන ලොකුම පිට්ටනියෙ නිසා එදාට ගොඩක් සෙනග බලාගන්න පුළුවන් වෙන්න ඕනනේ. (ර)
කිරුලපන පිටියේ සෙනග කිටි කිටියේ තදකර දැම්මත් දාන්න පුළුවන් 12,000 ක් පමණි. අවට පාරවල් වල මුළු පාර දෙපැත්තම වසා දමා පිරෙව්වත් දාන්නපුළුවන් තවත් 15,000ක්. එත් කියවී ලක්ෂ 5 ක් කියල. එත් අනුකම්පා කරන්න. (ර)
හැරවුම් ලක්ෂය තියෙන්නේ කොයි පැත්තටද කියලා ඉස්සෙල්ල කිව්වා නම් තමයි හොදයි. (ර)
අසංක දැන් නම් හැරිලා තිබෙන්නේ හරි පැත්තට හැබැයි ඒ සිංහලයට නොවෙයි ද්‍රවිඩයට. කිඹුලා කට අරින විට ඇස වහෙනවලු ඒවගේ යහපාලනය ගැන කතකොරන්න ලැහැස්ති වුනාම සිංහල ජාතිය පෙනේනේ නැතිව යනවා නේද. අපිට නම් මොකකටත් වැඩිය සිංහල සහ සිංහල රට ලොකුයි. 2005 වෙනස වුනේ නැතිනම් අද සමහරුන්ගේ ප්‍රභාකරන් මැතිතුමා තවම ඉන්නවා. නිවට සිංහලයෝ (බ)
බලය තිබුන කාලයේ හරියට කළා නම් අද ගිරිය පුප්ප හඬ තලන්න වෙන්නේ නැහැනේ. (ර)
හැරවුම් ලක්ෂය 2015 ජනවාරි 8 වෙනිදා තිබුනා ... (ර)
ජය ශ්‍රී !!! කොහොම හරි මේ හොර නඩය එලවන්න ඕනේ. (බ)