සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (23) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල පැවැති පළමු තරගයෙන් ලකුණු 180 ක ජයක් ලබමින් 1.0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල් ඊයේ (22) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේ මෙම තරගය අභියෝගයක් විය හැකි බවත් එහෙත් සාමාන්‍ය විදියට සිතා ක‍්‍රීඩා කළ හොත් ජයග‍්‍රහණය කෙරෙහි ශ්‍රී ලංකාවට බලාපොරොත්තුව තැබිය හැකි බවත්ය.
‘‘පළමු තරගයේදී දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවා. නමුත් අපේ පිතිකරුවන් හොදින් පන්දුවට පහරදිම නිසා ලකුණු 320 ක් රැස්කිරීමට හැකි වුණා. උපුල් තරංග, තිරිමාන්න, තිසර සහ මා ඇතුළු තරුණ ක‍්‍රීඩකයන්ට මේ වන විට ජෙහාන් මුබරක් ද එක්ව සිටිනවා. ඒ නිසා අපේ කණ්ඩායම ශක්තිමත් තත්ත්වයක සිටිනවා’’
‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑ. ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවා. ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බාරගත යුතුයි’’
චන්දිමාල් වැඩි දුරටත් පැවසුවේ අද පස්වරුවේ තණතීරුව පරීක්‍ෂා කර අවසන් 11 දෙනා තීරණය කරන බවත් කාලගුණය පිළිබඳව අවධානය යොමු කර කාසියේ වාසිය පිළිබඳව නිගමනයකට පැමිණෙන බවත්ය.
දකුණු අප‍්‍රිකානු පිලේ නායක ඒ. බී. ඩිවිලියස් පැවසුවේ තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරගය තමන් පරාජය වුවත් ඉදිරි තරග හතර කෙරෙහි සිය කණ්ඩායම වඩාත් විශ්වාසයකින් පසු වන බවත්ය.
‘‘පළමු තරගයේදී අපේ කණ්ඩායම වෙතින් පන්දු රැුකීමේ දුර්වලතා රැුසක් සිදුවුණා. ඒ වැරදි හදාගෙන ක‍්‍රීඩා කළ හොත් අපිට ජයග‍්‍රහණය දක්වා යන්න පුළුවන්’’
දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු හෂීම් අම්ලාගේ ආබාධය පිළිබඳව කළ විමසුමකදී ඩිවිලියස් මෙසේ පැවසීය.
‘‘අම්ලා මේ වන විට 100% ක් සුවය ලබා සිටිනවා. රාත‍්‍රි පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡුාවෙන් පසුව ඔහු තරගයට සහභාගි කිරීම ගැන අවසන් තීරණයක් ගන්නවා’’
කණ්ඩායම් දෙකම ඊයේ (22) පෙරවරුවේ පුහුණු සැසිවලට සහභාගි වූ අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති දකුණු අප‍්‍රිකානු පිලේ පුහුණු සැසිය අතරතුරදී පිටියට විටින් විට වාර්ෂාව ඇද හැලූණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියපු ළකුනු නම් සෑහෙන දුරට හරි වගේ,මොනවා වුනත් අපිට ජය (නි)
මම හිතනවා තරුණ ක්‍රීඩකයෙක් විදියට චන්දිමාල් ලකුණු අතරට ආවොත් හොදයි කියා. මොකද තිරිමාන්න මුබාරක් ලකුණු අතරට ආවත් එයාලා ගහන හැටියට තරගයක් දිනවන්න කවදාවත්ම බැහැ. (නදී)
අවවාදයට වැඩිය ආදර්ශය ලොකු නිසා ඔය ගහලා පෙන්නන්නකෝ කාටත් කලින් (නි)
මම නම් හිතන්නේ මැතිව්ස්ට වඩා චන්දි ලක් කාරයා කියලයි. මැතිව්ස්ව උපනායක කරලා චන්දිව කැප්ටන් කලොත් නරකද? මාවන් අයින් කරා වගේ මහේලව කැප්ටන් කරලා.(නදී)
මල්ලි ඔයත් තරුණ ක්‍රීඩකයෙක් තමා...ඔයා ගහන්නෙත් නෑනේ.(නදී)
චන්දිමාල් පළමු තරගයේදී පන්දු යවන්නන් හැසිරූ ආකාරය ඉතා ඉහළ මට්ටමක තිබුණා. එසේම ඔබ ළකුණු අතරටද පිවිසිය යුතුයි (නි)
සුරේෂ් ,ඔබ සමග 100% එකගයි (නි)
කොච්චර කොහොම කළත් තවම ලකුණු ගහන්නේ සංගා මහේල විතරයි. අපේ තරුණ ක්‍රීඩකයෝ වැඩි උනන්දුවක් දක්වලා ලකුණු අතරට එන්න ඕනෑ. නැත්තම් සංගා මහේල ඩිල්ෂාන් ගියපු දවසට ලංකාවට සිම්බාබ්වේ කණ්ඩායමට වුණු ටික අනිවාර්යයෙන් වෙන්න ඉඩ තියෙනවා (නි)
හරක් මස් කන්න එපා කියලා කට්ටිය කෑගහද්දී ඔයාල අපේ මුබාරක්ට බනින එක වැරදියි නේද?(නදී)
සුරේෂ් සම්පත් හරි, මුබරාක්ටනම් තිරිමාන්න ලට වගේ අවස්ථා ගොඩක් හම්බ උනේ නැහැ. තිරිමාන්න ගහන විදියට නම් ලකුණු 200ක් තමා උපරිම ගහන්න පුළුවන් වෙන්නේ එයා ලකුණු අතරට අවොත් , ඉක්මනින් දැවී ගියොත් තමා අපිට හොද.(නදී)
අද හොද තරගයක් දෙන්න වෙනවා. ඔවුන්ගේ ප්‍රබල පිතිකරු පිටියට පිවිසීමට ඉඩ ඇත.(නදී)
සංගා,මහේලට හැමදාම බැහැ. ඒක නිසා කව්රුත් වගකීම ගන්න ඕනෑ හැම තරගයකදීම. (නි)
අද ලකණු මෙන්න බලන්න, තරංග 46, දිල්ෂාන් 53, සංඟා 4, මහේල 38; ලහිරු 22, චන්දිමාල් 11 යි.(නදී)
සනත් ජයසුරිය අවරුදු 23ක් ක්‍රිකට් ගහලා ශතක 28ක් ගැහුවා. මහේල අවුරුදු පහළොවට ශතක 16,සංගා අවුරුදු 13 ට ශතක 16 .... මදිනේ, ඔවුන්ගේ එක්දින තරග පැත්තෙන්.ටෙස්ට් වල නම් මහේල,සංගා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා (නි)
අපේ ක්‍රීඩකයන්ගේ වැටුප පකිස්තාන ක්‍රීඩකයන්ගේ වැටුප මෙන් තුන් ගුණයක්. මෙච්චර කෝටි ගණන් සල්ලි නාස්ති නොකර මේ ශ්‍රමය මුදල් පරිහරණය කරලා විශාල වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කලොත් එළවලු පලතුරු රටින් ගෙන්නන සල්ලි ඉතුරු වෙනවා නේද?(නදී)
නසාර්, අද මැච් එක පකිස්ථානේ එක්ක නෙමෙයි. අපිට සහයෝගය දක්වන්නකෝ.(නදී)
යාලුවනේ අපි එකයි පැරදුනේ තව හතරක් තියෙනවා අපි අනිවාර්‍යන් දිනනවා.(නදී)
ඉතිරි තරඟ 4 න් එකක්වත් මුබාරක් තරගයේ වීරයා වෙනවා.(නදී)
පලවෙනි තරගය දිනුව නිසා අපේ සුබ පැතුම්! නමුත් තිරිමාන්නගේ තැනට තිසරව හරි චන්දිමාල් හරි ආවනම් ලකුණු 350 ගන්න තිබුනා.(නදී)
ප්‍රදීප්,මම කොහොමත් සපෝර්ට් කරන්නේ ලංකාවට.අද වහිනවා.හැබැයි අද තිසර 55ක්වත් ගහනවා. අපිට ජය! (නි)
මුතු මුදලිගේ හදන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එළවලු මාකට් එකෙන් ගේන්න (අ)
චන්දිමාල් වාසනාවන්ත නායකයෙක්.එයාගේ පලවෙනි 20/20 දිනුවා. පලවෙනි ඕවර 50 දිනුවා. තිරිමාන්න පලවෙනි බෝලයටම අවුට් වුනොත් නම් ලොකු ලකුණු ගානකට යන්න පුළුවන්. එයා ගොඩක් වෙලා විකට් එකේ හිටියොත් නම් මැච් එක ඉවරයි. අද නම් එයාව එවන්න කලින් තිසරව එවන්න මැච් එක බේරගන්න නම්. (නි)
මුතුමුදලිගේ, ඇත්තටම ඔබ ක්‍රිකට් වලට කැමති නැද්ද? බොරුනේ කරන්නේ ක්‍රිකට් වලට කැමති නැත්නම් මේ නිව්ස් බලලා ප්‍රතිචාර දක්වනවද නේද ? නමුත් ඔබ කොහොමද පකිස්තාක් ක්‍රීඩකයන්ගේ පඩිය දන්නේ ? (නදී)
නසීර් ගණන් ගන්න එපා .සමහර අපේ අයට පොඩි ලෙඩක් තියෙනවා ,නමුත් හැමෝම එහෙම නෙහැ ,අපි දන්නවා සමහර මුස්ලිම් තරුණයන් පකිස්තනෙට සපෝර්ට් කරනවා ,නමුත් හැමෝම එහෙම නෙහැ කියලත් දන්නවා ,එක තමුන්ගේ කැමැත්ත ,නමුත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි අපේ රටට නිතරම සපෝර්ට් එක දෙන්න ඕන. (දී)
නසීර් ,තිරිමාන්න 22 ක් ගහනවනම් බෝල 75ක් විතර මිනිහ කනවා ,කමක් නැහැ කොහොම හරි අන්තිමට අපිනේ දිනන්නේ .. (දී)
චන්දිමාල් මේ තරගයත් දිනන්න ඊට පස්සේ ඔයාට ලැබෙන තැන ලැබේවි.(නදී)
තිරිමාන්න ගහන්නේ නැතුව ඕනේ එක්කෙනෙක් ගහන්න.(නදී)