IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකා - තායිලන්ත තරගය අද සිට කොළඹදී

ලෝකයේ විශිෂ්ටතම ටෙනිස් තරගාවලිය ලෙසින් සැලකෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේදී ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගය අද (10 වැනිදා) කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී ඇරැඹෙයි. ඬේවිස් කුසලාන තරගාවලිය මෙම වසරේ පැවැත්වෙන්නේ 100 වැනි වරටය. මෙම තරගය කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විතය. කේවල තරග දෙක අද පැවැත්වෙන අතර හෙට (11 වැනිදා) යුගළ තරගයද, 12 වැනිදා ඉතිරි කේවල තරග දෙකද පැවැත්වේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු ශාන්ති කර කලාපීය තරගාවලියේ 3 වැනි කොටසේ තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලෙබනනය පරදවා ඬේවිස් කුසලාන තරගාවලියේ 2 වැනි කොටසට සුදුසුකම් ලැබුහ. වසර 10 කට පසුව 2010 වසරේදී ශ්‍රී ලංකාව 2 වැනි කොටසේ ක‍්‍රීඩා කිරීමේ වරම් හිමිකර ගත් අතර එහිදී ශ්‍රී ලංකාව පරාජය වීම නිසා නැවතත් 3 වැනි කොටසට වැටිණ. පසුගිය වසරේ මෙන්ම 2010 වසරේදී ශ්‍රී ලංකාව 2 වැනි කොටස දක්වා ගෙනඒමට දායක වු ප‍්‍රබලම කී‍්‍රඩකයා වුයේ හර්ෂණ ගොඩමාන්නයි. 26 හැවිරිදි හර්ෂණ තායිලන්තයට එරෙහිව අද  පැවැත්වෙන තරගයට සහභාගි නොවන නිසා ප‍්‍රබල තායිලන්තය සමග ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ යොවුන් කී‍්‍රඩකයන්ට දැඩි පීඩනයක් එල්ල වන බව නොරහසකි. හර්ෂණ ගොඩමාන්න ශ්‍රී ලංකාවට සුවිශේෂී ක‍්‍රීඩකයකු බව ඔප්පු වන්නේ පසුගිය වසරේ පැවැති 3 වැනි කොටසේ තරගාවලියේදී රටවල් පහකට එරෙහිව තමන් සහභාගිවු සියලූ කේවළ ඉසව් ජය ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමයි. කෙසේ වෙතත් හර්ෂණ අපේ‍්‍රල් මස පැවැත්වෙන දෙවැනි තරගාවලියට සහභාගිවන බව වාර්තාවේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී කේවළ ඉසව්වට සහභාගි වෙමින් දස්කම් දැක්වු 26 හැවිරිදි  ඕෂධ විජේමාන්න සහ යුගළ ඉසව්වේදී හර්ෂණගේ සහයකයා වු 31 හැවිරිදි රජිව් රාජපක්‍ෂ ද මෙම තරගාවලියට සහභාගි නොවෙති. ඒ අනුව දිනේෂ්කාන්තන් තන්ගරාජ්, විමුක්ත ද අල්විස්, අම්රිෂ් ජයවික‍්‍රම සහ නිශාන්ගන් නඩරාජ් ශ්‍රී ලංකා පිල නියෝජනය කරති. ජාතික (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින තන්ගරාජ් 2010 වසරේදී ඬේවිස් කුසලාන තරග බිමට පිවිසියේය. විමුක්ත, අම්රිෂ් සහ 16 හැවිරිදි නඩරාජ් ඬේවිස් කුසලාන තරග බිමට පිවිසෙන්නේ මෙම වසරේදීය. අන්තර්ජාතික තරග අත්දැකීම් ඇති 17 හැවිරිදි විමුක්ත ද අල්විස්, අන්තර්ජාතික ටෙනිස් සම්මේලන කනිෂ්ඨ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 400 වැනි ස්ථානයේ පසුවෙයි. ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ ශී‍්‍ර ලංකාවට හිමිවන්නේ 76 වැනි ස්ථානයයි. අන්තර්ජාතික ටෙනිස් සම්මේලන ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන් පස් දෙනකුගෙන් සමන්විත ප‍්‍රබල තායිලන්ත කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ පසුවෙයි. 31 හැවිරිදි දනායි වුඩම්චොක් කණ්ඩායමේ සිටින ප‍්‍රබලම මෙන්ම අත්දැකීම් බහුල ක‍්‍රීඩකයෙකි. ඔහු ලෝක ශ්‍රේණිගත (පිරිමි කේවළ) කිරීමේ 167 වැනි ස්ථානයේ සිටින අතර යුගල ඉසව්වේදී 194 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව, තායිලන්තය, හොංකොං, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, සහ පිලිපීනය යන රටවල් අටක කණ්ඩායම් මෙවර ඬේවිස් කුසලාන ආසියානු ශාන්ති කර කලාපයේ 2 වැනි කොටසේ තරගාවලියට සහභාගිවෙති. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලිය මෙම මස 12 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව දෙවැනි තරගාවලියේදී හොං කොං රාජ්‍යය හෝ ඉන්දුනීසියාවට එරෙහිව තරග වැදීමට නියමිතය. වමේ සිට: විමුක්ත ද අල්විස්, දිනේෂ්කාන්තන් තන්ගරාජ්, රොහාන් ද සිල්වා (ක‍්‍රීඩා නොකරන නායක), නිසන්ගන් නඩරාජ් සහ අම්රිෂ් ජයවික‍්‍රම  (ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

ශ්‍රී ලංකා - තායිලන්ත තරගය අද සිට කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site