දකුණු අප‍්‍රිකාවට එරෙහිව දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක‍්‍රිඩක අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. මැඳ පෙළ පිතිකරු තිලාන් සමරවීරට සංචිතයේ ස්ථානය අහිමිව තිබෙන අතර නායක තිලකරත්න ඩිල්ෂාන් මෙම තරග සංචාරයේද නායකයා ලෙස කටයුතු කරයි.
ආබාධයකට ලක්ව සිටින කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධනගේ ස්ථානයට කෞෂාල් සිල්වා කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායකයා), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, චානක වෙලගෙදර, දිල්හාර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත්
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලාන් ක්‍රිකට් ක්‍රීඩාවය අවශ්‍යම ක්‍රීඩකයෙක්...
දිල්ෂාන් රනිල්ගේ පාරේද යන්නේ ? තවත් නායකයාම වෙලා ඉන්න හදන්නේ ?
නායකත්වය?
සංගා., නායකත්වය භාරගන්න...
ඇයි ඒ?
නායකත්වයට සුදුසුම ක්‍රීඩකයා සංගක්කරයි ..
දිල්ෂාන්ට හැමෝම උදවු කළ යුතුයි. එහෙම වුණොත් දිනුම අපේ
අපේ කණ්ඩායමත් හරියට විපක්ෂය වගේ
අපේ කණ්ඩායමත් හරියට විපක්ෂය වගේ
දිල්ෂාන් රනිල්ගේ පාරේද යන්නේ
තවත් නායකයාම වෙලා ඉන්න හදන්නේ ?
මේ සංචිතයේ ආරම්භක පිතිකරුවෝ 4 ක් ඉන්නවා. ටෙස්ට් තරගවල අපේ ආරම්භය හොද නැති හින්දද මේ? එහෙම වුණත් මැද පෙළ පිතිකරුවෝ එකයි. අපේ තේරීම් කමිටුවට පිස්සු හැදිලද? තිලාන් වගේ අත්දැකීම් සපිරි පිතිකරුවෙක් මේ සංචිතයට දාන්න බැරිද?
තිලාන් ටීම් එකේ සිටිය යුතු ක්‍රීඩකයෙක්. අරවින්ද, සනත්, මුරලි වගේ අලුත් ක්‍රිකට් දන්න අයගෙන් තේරීම් කමිටුව හදන්න බලන්න