ශ්‍රි ලංකා එයාර් ලයින් ආයතනය පෞද්ගලික සමාගමක් සමඟ එකාබද්ධ කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසුවේය.
ශ්‍රි ලංකා සමාගම් ලාභ ලබන සමාගමක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා හවුල්කාර සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ඉදිරියේ දි ප්‍රබල ව්‍යවසායකයකු හෝ සමාගමක් සමඟ එකඟතාවයකට එළබීමට නියමිත බවත් අගමැති කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ 'හේත්තුවෙලා ගොඩ ඒමේ ක්‍රමය' නරකම නැහැ. එහෙත් ගුවන් සමාගමකට එය කෙතරම් ප්‍රායෝගිකද යන්න හිතන්න වෙනවා.(හේ)
මම කියන්නේ ඕක විකුණුවත් කමක් නැහැ මේ දුප්පත් අපිට දාලා තියෙන බදු බර අඩු කරනවානම්. (බ)
අනේ මන්ද මොනවා කියන්නද කියලා? මටනම් කෙනා වැදගත් නැහැ කවුරු වුනත් අපේ රටට හොදක් කරනවානම් හොදයි. කියන දේවල් ඇත්ත නම් කොහොම හරි මේක ගොඩ ගන්න ඕනනේ.(හේ).
සමහරුන්ගේ දැනුම ගැන මම පුදුම වෙනවා .ගුවන් සමාගම 2005 ට කලින් තිබුන වගේ තිබුනා නම් මේක කාටවත් දෙන්න ඕන නැහැ .නමුත් බිලියන සිය ගණනක් ණය වෙනතුරු පසුගිය පාලකයෝ විනාස කරපු මේක ගොඩ ගන්න වෙන ක්‍රමයක් තියෙනවද ?(හේ)
හේත්තුවෙලා ගොඩ ඒමේ ක්‍රමය නරක නැහැ, එමිරේට්ස් මේක ලාභ අරගෙන පෙන්නුවානෙ. රජින්ද, ගුවන්තොටුපල හා වරායවල් කියන්නේ ලාභ ලබන තැනුයි. නමුත් සිරි ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ. (බ)
ලාබ නැතිව දුවන සමාගමක් දියුණු කිරීමට හැකි හැම පිවරක්ම ගත යුතුයි. අඩු ඉල්ලුමක් ඇති ගුවන් සේවා මාර්ග නතර කළ යුතුයි.(බ)
රජින්ද්‍ර, ඔබේ කළමනාකරණ දැනුම අති විශිෂ්ඨනේ. 2007 වෙනකම් මේකත් තිබුනේ ලාභ ලබන තත්ත්වයේ තමයි. ඉන් පසුව සිදුවුනේ (හේ)
රනිල් කරන්නේ ප්‍රායෝගික වැඩක් විතරයි..(බ)
ඉතාම හොඳ වැඩක්. (ර)
මේ ආයතන ගොඩ ගන්න වෙන කරන්න දෙයක් නැහැ. (ර)
කළමනාකරණය විෂය ගැන දැනුමක් ඇති කිසි කෙනෙක් මිට විරුද්ධව අදහස් දක්වන්නේ නැති වේවි. දැනට ගෙවීමට ඇති කෝටි 15,000 ක ණය බර ආණ්ඩුව ගෙවා දමන ගමන් අලුත් කටයුත්තක් ලෙස නව කළමනාකාරිත්වයක් පත් කෙරෙනවා. ණය මුදල ගෙවා අවසන් උන පසු සදහටම බරක් වෙලා තිබුන ආයතනය නයබරින් නිදහස් වෙනවා. ඉන් පසු දිගටම ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. හරියට 2008 ට කලින් එමිරට්ස් කළා වගේ. (ර)
මම දේශපාලන පක්ෂ වලට කඩේයන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මෙම තීරණය හොඳයි. පහුගිය අවුරුදු ටික බැලුවහම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව බිලියන ගණනක්. නමුත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2008 දක්වා එමිරේට් ගුවන් සේවය සමඟ ඒකාබද්ධව සිටි සමයේ කිසිම වසරක පාඩු ලැබුවේ නැහැ. මේ පාඩුව පිරිමහන්න ගෙවන ඒ බිලියන ගණනක මුදල් ඉතුරු කරගන්න පුලුවන්නම්, එම මුදල් රටේ වෙනත් වැදගත්, රෝහල්, හෝ අධ්‍යාපනික අංශ වලට යොදවන්න පුළුවන්. (නි)
පිටරටක හොඳ සමාගමක් එක්ක එකතු උනොත් හොඳා, ලංකාවේ රට කන දෙසපාලුවන්න්ට සම්බන්ධ සමාගමකට දුන්නොත් තියෙන ටිකත් කාලා දාලා, රටේ ජනතාවට බරපටවලා ඉවරවෙයි. (ර)
කටාර් ගුවන් සමාගමට දුන්නා නම් මේක ගොඩ ගන්න පුළුවන් ....(හේ)
කෝටි 15000 ක් ණය වෙනකම් මේක විනාස කරපු අයට මොකද කරන්නේ.(හේ)
ඉතා හොද වැඩක්. (ර)
නිසි කළමනාකාරිත්වයක් තිබේ නම් පාඩු ලබන්නේ නැත. (ර)
දැන් කවුද වාසනාවන්තය වෙන්නේ? කටාර් කට්ටියක්ද? ඇමෙරිකන් කට්ටියක්ද? අබුඩබී කට්ටියක්ද? ඩුබායි කට්ටියක්ද? එහෙමත් නැත්නම් එංගලන්ත හරි ජර්මන් කට්ටියක්ද? කියන්නකෝ? (ර)
රාජ්‍ය සේවයත් ප්‍රයිවට් කරන්න. එතකොටවත්, ගන්න පඩියට වැඩක් කරයි. (ර)
මේක හදන්න නම් කටාර් ගුවන් සමාගමේ ලොක්කටම දෙන්නම ඕනේ.. ඔතන ඉන්න හුගාක් දේශපාලනයේ පිහිටෙන් ලොකු පුටු වලට ආපු අය.. අනිත් එක ඔතන අත යටින් සිද්ද වෙන දේවල් නවත්තනකන් මොනා කලත් වැඩක් නෑ... (ර)
කාට දුන්නත් වැඩි හරිය ලංකාවට ගන්න ඕනි. නැත්නම් 50% ගානේ. ලෝකේ ගොඩක් ගුවන් සමාගම් එකට වැඩ කරන්නේ. (ර)
මම ජිවිතේ එකම එක පාරක් ගිය ශ්‍රීලන්කන් එකේ, හැමදාම එකේ ගණන් වැඩි. (හේ)
හවුල් සමාගම් කරන පොදු ව්‍යාපාර බවට පත්කරන හෝ විකුණා කසිප්පු බොන උදවියට රටේ අනෙක් දේවල් මොනවා කරත් කමක් නැති බව අපි දන්නවා.(හේ)
හිටපු හැම කෙනාම මේක තමන්ට දවද්දට ලැබුන දෙයක් වගේ පාවිච්චි කලා, මේ පාර දෙසපලුවෙක් අරගෙන මේක මකලම දාවීද.? (ර)
අගමැති තුමා ව්තරයි කතා නැතිව ක්‍රියාවෙන් කරලා පෙන්නන කෙනෙකුට ඉන්නේ....! ඔබතුමාගේ ගමන හරි ... බයිලා කාරයන්ට වඩා උගත් කෙනා එහමයි, නිහඩව කරන්න ඕන දේ කරනවා. (ර)
සත්‍යපාල නොදුටි මොක්පුර. හැමදාම කඩේ යන්න ඉතින්. (ර)
මේවා විනාශ කරපු උදවියට දඬුවම් නැද්ද.? (ර)
ඉතාම හොඳ තීරණයක්. සත්‍යපාල වගේ වන්ශේ කබල් ගාන හණමිටි අය නිසා තමා මේ රට එක තැන පල් වෙන්නේ. (ර)
විකුනන්නේ නෑ කියල නේද කිව්වේ. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. අනේද කියන්නේ... (ර)
වැඩේනම් හොදයි . (හේ)
අනේ ඉතින් මොකටද ශ්‍රී ලන්කන් විතරක්...පාඩු ලබන ඔක්කොම රජයේ ව්‍යාපාර පිට රටට දීල දාමුකෝ...නැද්ද මන් අහන්නේ? (ර)
මේකේ අදහස් දාල තියෙන අයගේ කළමනාකාරිත්වය ගැන ඇති දැනුමනම් සුපිරියි. හුගක් අය නොදන්නවා උනාට රටක ගුවන්තොටුපල හා වරායවල් කියන්නේ ලාභ ලබන තැනුයි. නමුත් දැන් මෙයාල මේ කරන්න හදන්නේ අපේ රටත් නයිජීරියාව, උගන්ඩාව වගේ පෞද්ගලීකරණයයි. ඒක කරන්න හේතු තියෙන්නත් එපැයි. මේ හදන්නේ අන්න ඒ හේතුයි. (ර)
රජින්ද ලෝකයේ බොහෝ දියුණු රටවල වරාය, ගුවන්සේවා කළමනාකරණය කරන්නේ පෞද්ගලික අංශයයි, රජය ඒවායේ බහුතර කොටස් හිමි නිහඩ හවුල්කරුවන් හෙවත් ස්ලීපින් පාට්නර්ස්ලා පමණයි, ඔබ කළමනාකරණය ඉගෙන ගත්තේ මැද මුලනින්ද? (බ)
කොහොමද වැඩ... (ර)
ගොඩක් අය කියලා තියනවා කටාර් ගුවන් සමාගමට දෙන්න කියල. එයාලා දන්නවද දන්නේ නෑ කටාර් ලෝකේ හොදම ගුවන් සමගම වෙලා තියෙන්නේ ලාභ ලබලා නොවේ. එ්ක පාඩු ගුවන් සමාගමක්. (හේ)
මොන පක්සෙන් ආවත් කිසිම රජයේ ආයතනයක් පාඩු නැතුව ගෙනියන්න බැහැ. ඇමති කම ලැබුන හැටියේ මල්ලි හරි අයිය හරි නෑදෑයෝ හරි සභාපති කමට දානවා. අධ්‍යාපන සුදුසුකම අට වෙනි ශ්‍රේණිය එතන ඉදන් හුරගෙන කනවා. පාඩු වෙන එක අහන්න දෙයක්ද.? (ර)
හොඳ වෙඩක්, කරලා බලමු. (ර)
මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. (ර)
මේකත් කරලා බලමු ගොඩගන්න පුළුවන්ද කියලා. (ර)
ඇත්තටම මේක කටාර් එයාර්වේස් එකට තමයි දෙන්න යන්නේ.මේ පිළිබද මුලික සාකච්ඡා පැවත්වූයේ මාස 3ත කලින් .එ්ත් ලංකවේ මාධ්‍ය මේ ගැන වාර්තා කළේ නැහැ .ඒ කාලේ අපේ අයට තිබුනේ මැතිවරණ උන. වෙන මොනවත් හෙව්වෙත් නැහැ , ඇහුවෙත් නැහැ . (බ)
මේවා විකුනන්න ඕන සමාගම් නෙවි. මේ සමාගම් සල්ලි උල්පත් ...මේවා විනාශ කරන්නේ දේශපාලකයන්..සහ සමාගමට නුහුලන සෝබන වියදම්. සමාගමේ සේවකයන්ගෙන් 60%කටත් වැඩ ඉන්නේ විධායක ශේනියෙන් ඉහල සියලු වරප්‍රෂද ලබන වැඩක් නොකරන සේවක පිරිසක්. අනිත් එක බොරු සෝබන අනුග්‍රාහක වියදම්. මේවා පාලනය කර ගන්නවානම් මේ ආයතන වලින් ලාබ ගන්න එක සුළු දෙයක්(බ)