චමනි සෙනෙවිරත්න ගේ (15/5) දක්‍ෂ පන්දු යැවීම නිසා බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගමාලාවේ සිම්බාබ්වේ පිලට එරෙහිව අද (17) පැවැති ‘ඒ’ කොටසේ මුලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබුහ. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරග තුනකට සහභාගිවී තරගයක් පරාජය ලබා ‘ඒ’ කොටසේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා පිල මුලික වටයේදී සහභාගිවන අවසන් තරගය ඇමරිකාවට එරෙහිව මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගයේ ලකුණු 63 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 10.5 කදී ජයග‍්‍රහණය වාර්තා කළේය. සිම්බාබ්වේ කාන්තා පිල ඕවර 41.4 කදී 62 ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 10.5 කදී කඩුලූ 3 ට 64
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd