ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) 6 වන අදියර සදහා ශී‍්‍ර ලංකා ක‍්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගි වූවද ඔවුන්ගේ දුර්වල ක‍්‍රීඩා විලාසය හේතුවෙන් වැඩි වශයෙන් ඔවුන්ට සිදුවූයේ තරග කිරීමට නොව විෙවිකාගාරයටවී තරග නරඹන්නන් බවට පත්වන්නටය.
මහේ්ල ජයවර්ධන (15), තිසර පෙරේරා (15), ලසිත් මාලිංග (15), හා ඇන්ජලෝ මැතිව්ස් (11) යන ක‍්‍රීඩකයන් පමණක් තරග 10කට වඩා සහභාගී වු අතර අනෙකුත් ක‍්‍රීඩකයින්ට බොහෝ අවස්ථාවන්හිදී කණ්ඩායමේ ස්ථානය අහිමි වූවා පමණක් නොව කුමාර් සංගක්කාරට සහ ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය පවා අහිමි වියග
මෙවර අයි. පී. එල්. තරගාවලියේදී ලසිත් මාලිංග දවාගත්තේ කඩුලූ 17 ක් පමණක් වුවද අදියර 6 ක් දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට ලසිත් මාලිංග සමත් විය.
චෙන්නායි පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතය සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය එකම තරගයකට හෝ සහභාගි නොවූ අතර ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මහේල ජයවර්ධන චෙන්නායි නුවරදී පැවැති තරග වලට පමණක් සහභාගි නොවූහ.
මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දස්කම් පහත පරිදි වෙයි.
ශී‍්‍ර ලාංකික පිතිකරුවන්ගේ දස්කම්
| කී‍්‍රඩකයා / කණ්ඩායම | තරග | ලකුණු | පන්දු | තරගයක ලකුණු සාමාන්‍ය | උඩ පන්දු |
|
මහේල ජයවර්ධන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
15 | 331 | 313 | 22.07 | 4 |
|
තිසර පෙරේරා සන්රයිසර්ස් හයිද්‍රබාද් |
15 | 222 | 157 | 14.80 | 5 |
|
ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියර්ස් |
11 | 169 | 139 | 15.36 | 5 |
|
කුමාර සංගක්කාර සන්රයිසර්ස් හයිද්‍රාබාද් |
9 | 120 | 136 | 13.33 | 3 |
|
තිලකරත්න ඩිල්ෂාන් රෝයල් චැලෙන්ජර්ස් |
5 | 76 | 93 | 15.20 | 2 |
|
ජීවන් මෙන්ඩිස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
3 | 23 | 27 | 7.67 | 2 |
|
කුසල් ජනිත් රාජස්ථාන් රෝයල්ස් |
2 | 14 | 13 | 7.00 | 0 |
|
සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් |
8 | 10 | 17 | 1.25 | 2 |
|
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් |
14 | 9 | 14 | 0.64 | 3 |
|
අජන්ත මෙන්ඩිස් පූනේ වොරියර්ස් |
3 | 2 | 4 | 0.67 | 0 |
|
මුත්තයියා මුරලිදරන් රෝයල් චැලෙන්ජර්ස් |
6 | 0 | 0 | - | 1 |
ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන්ගේ දස්කම්
| කී‍්‍රඩකයා / කණ්ඩායම | තරග | කඩුලු | ලකුණු | කඩුල්ලක සාමාන්‍ය |
|
තිසර පෙරේරා සන්රයිසර්ස් හයිද්‍රබාද් |
15 | 19 | 464 | 24.42 |
|
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් |
15 | 17 | 403 | 23.71 |
|
සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් |
8 | 9 | 209 | 23.22 |
|
ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියර්ස් |
11 | 5 | 240 | 48.00 |
|
මුත්තයියා මුරලිදරන් රෝයල් චැලෙන්ජර්ස් |
6 | 3 | 177 | 59.00 |
|
අජන්ත මෙන්ඩිස් පූනේ වොරියර්ස් |
3 | 2 | 78 | 39.00 |
|
ජීවන් මෙන්ඩිස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
3 | 1 | 36 | 36.00 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලව එංගලන්තේ යැවුවත් වෙන්නේ මේ ටිකම තමයි. කරුණාකර නවකයන්ට තැනක් දෙන්න. (නි)
රටට පිටු පාලා සල්ලි පස්සේ දුවලා මොකද වුණේ? නිකන් සවුත්තු වුණා විතරයි. ලබන සැරේ කණඩායම් මෙහෙය වන්න කාටවත් චාන්ස් 1ක් නැති වෙයි. සමහර වෙලාවට ලබන අවුරුද්දේ ලංකාවේ කට්ටිය නැතුව අයි පි එල් ගහයි. දැක්කනේ මාලිංගට නෙලපු නෙලිල්ල, ස්වීප් පහරිනුත් හයේ ඒවා ගැහුවා (නි)
අපි නම් දැන් ක්‍රිකට් බලන්නේ නැහැ. (නි)
හොද වැඩේ (නි)
දැන් මොකද කරන්නේ? (නි)
ලබන අවුරුද්දේ ගෙදර තමා (නි)
මහේල සහ කට්ටිය කරුණාකර දැන්වත් මොලේ කල්පනා කර හරි තීරණ ගන්න (නි)
මේ ක්‍රීඩාවේ හැටි ඔහොම තමයි. සල්ලි දුන්නා කියලා අද 10ක් ගහන කෙනාට හෙට 100ක් ගහන්න බැහැ. නමුත් එහෙම නොගහන්නත් බැරි නැහැ. ඒකයි මේ ක්‍රීඩාවේ හැටි. අපේ ක්‍රීඩකයන් සල්ලි දෙනවා නම් හොදට සෙල්ලම් කරනවා කියලා කියන්නේ මේ ක්‍රීඩාව ගැන නොදන්නා අයයි කියලයි මට නම් හිතෙන්නේ.මේක තාවකාලික පසුබෑමක්. අපි, අපේ ක්‍රීඩකයන්ට සහ මේ ක්‍රීඩාවට කවදත් ආදරෙයි (නි)
සමින්ද-ඔය සේරම ආවම හෙට අනිද්දට තියන හොඳ දන්සැලකට ගෙනිහින් හොඳට කවන්න.(නදී)
මේක හොද වාර්තාවක්, නායකත්වයට ඇන්ජලෝ තවත් ගැලපෙනවද කියලා බලන්න. ඔහු තරග වලදී ගත්තු තීරණ වැඩි හරිය වැරදි තීරණ.. ඒක හින්දා තමා ඒ කණ්ඩායම පැරදුනේ.මේ ටික ලංකාවටත් වෙන්න කලින් ආයෙත් ඒ ගැන හිතන්න වෙයි වගේ. (නි)
මොවුන්ට ප්‍රතිචාර අවශ්‍ය ය නැහැ. ලබන පාරත් 100$ ට හරි යයි.(නදී)
අනිකුත් ක්‍රීඩකයන් ගැන කියන්න තරම් දක්ෂතා නැත. නමුත් තිසර පෙරේරා පෙප්සි අටෝම් බෙස්ට් ප්ලයෙර් තරගයේ පළමු 5 දෙනා අතරේ ඉන්නවා.(නදී)
මේක අමුතුවෙන් මොට වීමක් නෙමෙයි. මෙහෙම තමයි මේ ගොල්ලෝ ලංකාවේ පිලටත් හැමදාම සෙල්ලම් කලේ. එක තරගයක දස්කම් දැක්වුවොත් තව තරග 10 විතර අසාර්ථක වෙනවා. ඒ වුණත් හැමදාම ටීම් එකේ ස්ථිර තැනක් තියාගෙන හිටියා. නමුත් අයි. පී. එල් එක ඉතාමත්ම තරගකාරීයි. (නි)
අයියෝ සල්ලි! (නි)
දැන් මේ කට්ටියවද එංගලන්තේ යවන්නේ? (නි)
දැන්වත් දරුවනේ සිතපල්ලා නුඹලට රටවැසියන්ගේ ආශිර්වාදය නැතුව ජයගන්න බැරිබව. අපි එපා කියද්දී ගියානේ. ඔහොම වෙලා මදි (නි)
ප්‍රියන්ත සමින්ද ඇරුනුකොට අනිත් අය හිතාගෙන ඉන්නේ ක්‍රිකට් කියන්නේ එල්ලේ ක්‍රීඩාව වගේ කියලා (නි)
ක්‍රීඩාව ඔහොම තමයි (නි)
හොඳ වැඩේ වෙලා තියන්නේ !!! (නි)
ඕක ඔය හැටි හිතන්න දෙයක් නැහැ. මේක තාවකාලික පසුබෑමක්. ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් වන ෂෙවාග්,යුවරාජ්,ගම්බීර්, මුනාෆ් පටෙල්, ඉර්ෆාන් පතාන්, හර්බජන් කිසිවෙකු ඉහළ දස්කම් වල නැහැ. මෙදා අයි.පී.එල් බටහිර ඉන්දීය ක්‍රීඩකයන් ගේ වසන්තය. "ඩෝන්ට් වොරි බී හැපී" (නි)
හරි වැඩේනේ. ඊ ළඟ සැරේ වෙන්දේසි වෙන ගාන බහිනවනේ මේකෙන්. (නදී)
අපේ රටේ වගේම ඉන්දියානුවනුත් මේ අයගේ මානාසිකත්වය පිරිහෙන දේවල් කළානේ .ඉදිරියට මෙයාලගේ අඩුපාඩු හැමෝම කියාවි . (නි)
රටක්ම එපා කියද්දී ගියා. ලංකාවේ ආශිර්වාදය නැතිව ගිහින් කරගත්තා නේද? පේනවනේ වුන දෙයක්.(නදී)
හැමදම එක විදියට ගහනනෙ නැහැනේ. ඉපල් වල බැරි වුණ එකනම් හොදයි. නැත්නම් අපේ අය කියාවි සල්ලි නිසා හොදට සෙල්ලම් කළා කියලා. සල්ලි නිසා නෙමෙයි, එයාලා දැන් චැම්පියන් ට්‍රොපි එකේදී හොදට සෙල්ලම් කරාවී (නි)
නවකයන්ට අවසථාවක් දෙන්න එන්ගලන්ත තරගයට.(නදී)
මේ 11 දෙනවමද සූරයන්ගේ කුසලානෙට යවන්නෙත්. අපෝ එහෙනම් එකත් ඉතින් එච්චරයි (ස)
හොද වැඩේ, සල්ලි නිසා රට පාවලා දුන්නට. මෙයාලා නිසා අපට ක්‍රිකට් එපා වුනා. (නි)
ලලිතා අක්කා අපේ අයට පැත්ත පලාතකට එන්න එපා කිව්වේ හරියට සෙල්ලම් කරන්නේ නැති බව දන්න නිසයි.(නදී)
අමුතුවෙන් කුණු බිත්තර ගහන්න ඕනෑ නැහැ . මේ 11 දෙනා ඉන්නකන් මම නම් ක්‍රිකට් බලන්නේ නැහැ.අපි මොකටද කරන්ට් බිල වැඩි කරගන්නේ. (නි)