ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ප‍්‍රබල පිතිකරුවකු වන ජෙෆ් මාෂ් පත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එවකට ආරම්භක පිතිකරුවූ 52 හැවිරිදි ජෙෆ් මාෂ්, ටෙස්ට් තරග 50 කට සහ එක්දින තරග 117 කට සහභාගි වී තිබේ.
මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව හිටපු පුහුණුකරු ටේරවර් බේලිස් මහතා පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩක රුමේෂ් රත්නායක මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයැදුම්පත් කැඤවීමෙන් පසු ශී‍්‍ර ලංකා පිලේ හිටපු සහායක පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහත්, දකුණු අපි‍්‍රකාවේ ග‍්‍රැහැම් ෆෝඞ්, ශී‍්‍ර ලංකා පිලේ හිටපු පුහුණුකරු ටොම් මූඩි සහ ජෙෆ් මාෂ් ඇතුළු කිහිපදෙනකුත් අයැදුම්කර තිබිණ.
කෙසේ වෙතත් පසුව ග‍්‍රැහැම් ෆෝඞ් මෙන්ම හිටපු පුහුණුකරු ටොම් මූඩිද තනතුර ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රවේගකාරි පිතිකරු ෂෝන් මාෂ්, ජෙෆ් මාෂ්ගේ පුතණුවන්ය. ජෙෆ් සහ ෂෝන් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිසි දෙවැනි පිය පුතු දෙදෙනාය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd