ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිල අනුග‍්‍රහකත්වය පිරිනැමීමේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර මත ගැටුමක් ඇතිවීමෙන් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය සමග අනුග‍්‍රහය පිරිනැමීමේ ගිවිසුම අත්සන් කිරීම දින කිහිපයකින් කල්දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් වෙනත් වසර වලදී මෙන් නොව, මේ වසරේදී එය ශී‍්‍ර‍්‍ර ලංකා තේ මණ්ඩලය සහ ඩයලොග් ආසියාටා සමාගම් දෙක සමගම ඇතිකරගනු ලබන ඒකාබද්ධ ගිවිසුමක් වන බවත්, ඩයලොග් ආසියාටා සමාගම සමග ගිවිසුම මේ වන විටත් අත්සන් කර ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් ‘ලංකාදීප’ට පැවසීය.
ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව වසර තුනක කාලයක් සඳහා රුපියල් බිලියන 1.3 ක් (රුපියල් කෝටි 130 ක්) මුදලක් ගෙවීමට සූදානමින් සිටිති. ඒ වෙනුවෙන් ඩයලොග් සමාගම රුපියල් මිලියන 753 ක්ද ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 553 ක් ගෙවීමට එකග වී සිටිති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු ඊයේ (26 වැනිදා) ලංකාදීපට පැවසුවේ තේ මණ්ඩලය සමග ගිවිසුම අත්සන් කිරීමට පසුගිය සතියේ සූදානම් වූ අවස්ථාවේදී තේ මණ්ඩලයේ අමතර ඉල්ලීම් කිපයක් නිසා ගැටලූකාරි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.
”ඩයලොග් සමාගම සහ ක‍්‍රිකට් ආයතනය අතර ගිවිසුම මේ වන විටත් අත්සන් කර අවසන්. ඒ නිසා තේ මණ්ඩලයේ ඉල්ලීම් සේරම ඒ විදිහටම දෙන්න හැකියාවක් නෑ. මොකද මේ වන විටත් එම අවස්ථා ඩයලොග් සමාගමට අපි ලබාදී තිබෙනවා”
”කොහොම වුණත් ලබන සතිය ඇතුළතදී දෙපාර්ශ්වයටම එක`ගතාවකට එන්න පුළුවන් ආකාරයට මේ ප‍්‍රශ්නය විසඳාගන්න අප බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා
තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරී මණ්ඩලය විසින් කරන ලද ටෙන්ඩර් කැඳවීමකින් පසුව ජාතික කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ අවස්ථාව ඩයලොග් ආසියාටා සමාගමට සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට පිරිනැමීමට තීරණය කර තිබුණි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන නමුත් එය විසඳාගත හැකි එකක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදලින් ලංකාවේ තේ වගාවේ දියුණුවට අවශ්‍ය දෙයක් කරානම් මෙයට වැඩ වැදගත්. තේ වල තත්ත්ව පාලනයට අවශ්‍ය පර්යේෂණාගාර වැනි දෙයකට මේ මුදල් යොදවන්න. ක්‍රිකට් වලට මුදල් යෙදෙව්වා කියලා ඒක දියුණු වෙන්නේ නැහැ. ක්‍රිකට් වලට සල්ලි වැඩිවෙන්න වැඩිවෙන්න මේ ගොල්ලගෙ දක්ෂකම් අඩුවෙනවා. 1990 ගණන්වල මණ්ඩලේට මුදල් නැතිකළා. මේ ගොල්ලා ලෝක ශුරයෝ ක්‍රීඩකයෝ දාන්න ඩොලර් මිලියන ගණන් හම්බකරන කොට අනුශුරයෝ. මේ මුදල් තේ වගාවට යොදන්න.(නදී)
අයියෝ ක්‍රිකට් වලට ගිය කලක්
මීට නරකද මේ දවස් වල තේ ගස් වලට පොහොර නැතුව දුක් විදින පොහොර ගොවියට පොහොර සහනාධාරයක් අරන් දුන්නා නම් (නි)
වරුණ ගෙවල් මහියංගනයේද? අනේ ඉතින් ඔබේ දැනීම.(නදී)
හලෝ නිල්මිණි නංගී, කොහෙද නංගෝ පන්තිය තියෙන්නේ? කීදෙනෙක් විතර එනවද ඔයාගේ පන්තියට? ගොඩක් එනවා නම් ඔන්න මට බැහැ. නරකද ඔයාගේ ටෙලිෆෝන් නොම්මරේ දුන්නොත් මට? (නි)
නෑ නෑ මුළු රටේම උගත්තු ඉන්නේ. ඒකනේ කිසිම දෙයක් හරියට කරන්න බැරි.(නදී)
ඇත්තටම මිලියන 553 පොහොර සහනාධාරයක් දුන්නනම් වටිනවා. දැන් ක්‍රිකට් එපා වෙලා තියෙන්නේ. මුළු ලෝකෙටම රටවල් 10 විතර තමයි ගහන්නේ. මම ඉන්නේ ඕස්ට්‍රෙලියාවේ. මෙහෙ මිනිස්සු ක්‍රිකට් අපි වගේ ඔලුවේ තියාගෙන ඉන්නේනෑ. අපි දුප්පත් රටක් මේ විශාල මුදල තේ කර්මාන්තයේ දීයුණුවට යෙදෙව්වානම් රටටත් මිනිස්සුන්ටත් වැඩක් තියෙයි. දැන් කව්රු හරි කියයි මම ඉන්නෙත් මහිංයංගනයේ කියලා. ඒත් ප්‍රචාර හොදය, විකුනන්ට තේ නැත්නම් මොකටද?(නදී)
ඔයාලට තේරෙන්නේ නැතිද පොහොර ආදාර දීමෙන් තේ වලට එන වෙළද දැන්වීම මොකක්ද? ඔබ නොදන්නවානම් ඕක එතුලේ කතා ගොඩක් තියනවා. ඕනේ නම් එන්න පන්තිය සෙනසුරාදා 19,30, කුරුදුවත්ත.(නදී)
නිල්මිණි මහියංගනේ ඉන්නේ මෝඩයෝ කියලා හිතුවද? ඔයා කුරුදුවත්තේද?(නදී)