(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක තිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාල කුමන්ත්‍රණ පිටුපස හුදු පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම පමණක් තිබූ බව කියන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එය එසේ වුවද අදාළ පාර්ශව එම කුමන්ත්‍රණ ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමේ පරමාර්ථයෙන් ඉටුකරන බව මවාපාමින් අතිශය දක්ෂ ලෙස සමාජගත කරමින් සිටින බවද සඳහන් කරයි.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකා ක්‍රිකට් කියන්නේ රටේ මුළු ජනතාවට අයිති දෙයක්... කාගෙවත් පුද්ගලික බූදලයක් නෙමේ. ක්‍රිකට් නිසා රටට ලැබෙන මුදල් මහා භාණ්ඩාගාරය හරහා යනවා නම් IMF බිලියන 2 ඕනේ නැහැ. ICC එකවත් ඉන්දියාවත් ලංකාව ගොඩයන දේකට ඉඩ දෙන්නේ නැහැ...
ඔබතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි...!
ඔබත් ශම්මිගෙ බුවල්ලෙක් ඔයා ඔයලා ෆේල් .පරාජයන් වහගන්න කියන කතා කොහොමත් ක්‍රිකට් වලට ඔයාල එපා අනේ
සෑම රටකම තේරීම් කමිටුවලට බලපෑම් කිරීමට කැමැත්තක් ඇති පුද්ගලයන් උත්සාහ කරනු ඇත. කෙසේ වෙතත්, තේරීම් කමිටු සාමාජිකයින්ට බලපෑම් නොකළ යුතුය. ඔවුන් පවතින ක්‍රීඩකයින් භාවිතා කර හැකි හොඳම කණ්ඩායම තෝරාගත යුතුය. කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරන විට තේරීම් කමිටුවට ගෞරවය හිමිවන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දුර්වල ලෙස ක්‍රීඩා කරන විට තේරීම් කමිටුව වරද පිළිගත යුතු අතර නිදහසට කරුණු ඉදිරිපත් නොකළ යුතුය.
මම බබා
ප්‍රමෝද්‍යා ආයෙ විහිළු කරන්න එපා. වත්මන් ක්‍රිකට් කඩාවැටීමට දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ උපදේශකයින් සහ ක්‍රීඩකයින්ම වගකිව යුතු බව පිළිගන්න.
හිතවත් ප්‍රමෝද්‍ය: කරුණාකර විශ්වාස කළ හැකි සහ සංවේදී දෙයක් කියන්න. ක්‍රිකට් කඩාවැටීමට වගකිව යුතු පුද්ගලයන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරීන්, තේරීම් කමිටු සාමාජිකයන්, කළමනාකරුවන්, පුහුණුකරුවන්, උපදේශකයින් සහ ක්‍රීඩකයන් වැනි වගකිවයුතු තනතුරුවල සිටි අයයි. වෙන කාටවත් දොස් කියලා වැඩක් නෑ.