හම්බන්තොට නගරයේදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිවු දෙනකුගේ තහනම් උත්තේජක ශරීරගත වී ඇතැයි ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වාර්තාවේ. එම ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගිවීමට නියමිතව සිටින ක‍්‍රීඩකයන්ගේ සංඛ්‍යාව හයකි. ඉන් හතර දෙනෙකුට තහනම් උත්තේජක ශරීරගතවීමේ චෝදනාව ලබා සිටීම විශේෂ සිදුවීමකි. නිල නොවන ආරංචි මාර්ගවලින් කියවුණේ චෝදනාලාභී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කෙරෙන බවයි. හම්බන්තොට නගරයේදී දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (10) ය. ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන්ට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ගැන කායවර්ධන සම්මේලනයේ ලේකම් කපිල කුමාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ ඊයේ (6) රාත‍්‍රිය වනතරු සිය සම්මේලනය නිල වශයෙන් දැනුවත් කර නොතිබූ බවයි. කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන චන්දන අලූත්ගේ මහතා පැවැසුවේ ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් සිවු දෙනකුට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම බරපතළ සිද්ධියක් බවත් ඊට කායවර්ධන සම්මේලනයේ ජාතික පුහුණුකරු වගකීම බාරගත යුතු බවත්ය.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් 4 කට තහනම් උත්තේජක චෝදනා?