හුදු සංචාරයකට පමණක් සීමා වූ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ආසියානු ශූරතා තරගාවලිය නිමවා ඔවුන් හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතය. එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් 13ක් අතරින් අවසන් ස්ථානයට පත් විය. මූලික වටයේ සහභාගි වූ තරග සියල්ලෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය විය. මෙම තරග සංචාරයට කී‍්‍රඩා අමාත්‍යාංශය ඇතුළු අනුග‍්‍රාහකයන්ගෙන් ලැබුණු රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් වැය වූ බවද වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු පත් කිරීමේදී ගැටළු මතු වූ බවත් ඒ සඳහා තෝරාගත් පුහුණුකරුට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැතිකමද ශ්‍රී ලංකාව මෙවැනි අන්ත පරාජයකට ඇදදැමීමට හේතු වූ බවත් ප‍්‍රවීණ වොලිබෝල් උපදේශකවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. මෙම අන්ත පරාජය කෙතෙක්ද යත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකදී ජය ගත්තේ එකම තරග වටයක් පමණි. ඒ ඉන්දියාවට එරෙහිවය. ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී ජාතික වොලිබෝල් තේරීම් කමිටුව නිසි ලෙස වගකීම් ඉටු කර නැති බවත් ප‍්‍රවීණ කී‍්‍රඩිකාවන් කීපදෙනකුට අවස්ථාව අහිමි කිරීම ආසියානු ශූරතාවලියේ අන්ත පරාජයට හේතු වූ බවටත් චෝදනා එල්ල වෙමින් පවතී. මේ අතර මේ වන විට ආසියානු වොලිබෝල් පිරිමි ශූරතාවලියට සහභාගි වී සිටින සංචාරක ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම පෙරේදා (21) පැවැති පළමු තරගයේදී ප‍්‍රබල චීනයට වට 3/0 කින් (16/25,16/25,13/25) පරාජයට පත් විය. ඊයේ (22) කසකස්තානයට එරෙහිව ඔවුන් දෙවැනි තරගයට සහභාගි වීමට සූදානමින් සිටියේය. ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ප‍්‍රතිඵල * ජපානයට එරෙහිව වට 3/0 ක පරාජයක් (9/25,12/25,05/25) * කොරියාවට එරෙහිව වට 3/0ක පරාජයක් (09/25,11/25,06/25) * ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වට 3/0ක පරාජයක් (13/25,22/25,16/25) * කසකස්තානයට එරෙහිව වට 3/0ක පරාජයක් (09/25,25/21,09/25) * ඉන්දියාවට එරෙහිව වට 3/1 ක පරාජයක් (18/25,25/19,13/25,25/19)
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා කාන්තා වොලිබෝල් පිල ආසියාවේ අවසන් තැනට වැටෙයි