ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් නිසා සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (11) පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 82 ක ජයක් ලැබුහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිලට ඕවර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156 කි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 92 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 53 ක් ලබා ගත්තාය. ශෂිකලා පන්දු යැවීමේදී ලකුණු 33 කට කඩුලූ 2 ක් බිද දැමීය.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (13) දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 238 (ඉනෝකා ගලගෙදර 25, චමරි අතපත්තු 48, සුවිනි ද අල්විස් 17, ශෂිකලා සිරිවර්ධන නොදැවී 53, සඳමාලි දොලවත්ත 19, දිලානි මනෝදරා 15, කඞ්සා ටුල් කුබ්රා 44/3)
බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 156 (රුමානා අහ්මඞ් 35, ෆර්ජානා හුක් 17, සල්මා කාතූන් 31, ලටා මොන්දාල් 35, සුවිනි ද අල්විස් 22/3, ශෂිකලා සිරිවර්ධන 33/2)
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd