IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට දෙවැනි එක්දින තරග ජයත්

සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (13) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 2 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට මේ වන විටත් ශ්‍රී ලංකා කාන්තා පිල සමත්ව සිටියි. ශ්‍රී ලංකා පිල ලකුණු 189 ක ජයග‍්‍රාහී ඉලක්කය  ඕවර 41.4 ක් අවසානයේදී කඩුලූ අටක් දැවී සපුරා ගැනීමට සමත්විය. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේද තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 47 ක් සහ කඩුලූ තුනක් ලබා ගැනීමට සමත්වුවාය. එහිදී ශෂිකලා සහ නායිකා ඩිලානි මනෝදරා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්‍ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමට සමත්වුහ. බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 188 (සාතිරා ජාකීර් 18, අයීෂා අක්තාර් 24, සල්මා කාතූන් 56, ලටා මොන්දාල් 41, ෂරීනා රවිකුමාර් 37/2, ශෂිකලා සිරිවර්ධන 27/3) ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 44.4 කදී කඩුලූ 8 ක් දැවී 191 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 24, චමරි අතපත්තු 18, සඳමාලි දොලවත්ත 17, ශෂිකලා සිරිවර්ධන 47, ඩිලානි මනෝදරා 34, ඉෂානි කෞෂල්‍යා 18, සුක්තරා රහමන් 41/2, සල්මා කාතූන් 25/2)



අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට දෙවැනි එක්දින තරග ජයත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site