අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය අද (14) දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව ෆාතුල්ලාහිදී පැවැත්වේ. ඩිලාන් මනෝදරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙක ජය ලබා මෙම තරගාවලියට ජයග‍්‍රාහි මානසිකත්වයෙන් සහභාගි වෙයි. කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් 2013 වසරේ ඉන්දීයාවේදී පැවැත්වීමට නියමිතය. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබති. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ දකුණු අප‍්‍රිකාව, නෙදර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇමෙරිකාව තරග කරති. ‘බී’ කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, අයර්ලන්තය, ජපානය සහ බංග්ලාදේශය තරග කරති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd