සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර බංග්ලාදේශයේදී අද (11) පැවැති කාන්තා ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර පැවැති තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.
ලකුණු 130 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 28.1 කදී ලකුණු 133 ක් ලබා ජයග‍්‍රහණය ලැබීය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂානි ලොකුසුරිය පන්දු 36 කදී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 40 ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී සුවිනි ද අල්විස් ලකුණු 22 කට කඩුලූ තුනක් ලබා ගැනීමට සමත්වුවාය.
බංග්ලාදේශ පිල ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 129 (අයේෂා අක්තර් 15, රුමානා අහ්මඞ් 15, ෆර්ජාන් හක් 34, සල්මා කාටුන් 17, සුක්තරා රෙහෙමාන් 19, සුවිනි ද අල්විස් 22/3)
ශ්‍රී ලංකා පිල ඕවර 28.1 කදී කඩුලූ 4 ක් දැවී 133 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 38, චමරි අතපත්තු 22, ඒෂානි ලොකුසුරිය නොදැවී 40, සඳමාලි දොළවත්ත නොදැවී 14, රුමානා අහ්මඞ් 23/2)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd