බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) අද (24)පැවැති අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දිය කොදෙව් පිල විසින් ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 57 ක ජයක් ලැබීය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම නිසා සමග ශ්‍රී ලංකා පිල 2013 වසරේ කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු පන්දු පන්දු 89 කදී හතරේ පහර අටක් සමග ලකුණු 56 ක් ලබා ගත්තාය. තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකා පිල අනිද්දා (26) දකුණු අප‍්‍රිකානු පිල සමග තරග වදියි. ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 3 කින් පරදවා පාකිස්තාන් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. කොදෙව් කාන්තා පිල ඕවර 50 කදී කඩුලූ 5 ට 235 (ස්ටෙපානි ටේලර් 58, ජුලයිනා නිරෝ 18, දන්ද්‍ර ඩොටින් 73, මිරිස්සා ඇගියුලේරා නොදැවී 52, බිට්නි කූපර් නොදැවී 23, ඕෂදී රණසිංහ 31/2) ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 කදී කඩුලූ 7 ට 177 (චමරි අතපත්තු 56, යශෝධා මෙන්ඩිස් 20, සුවිනි ද අල්විස් නොදැවී 39, චමනි සෙනෙවිරත්න නොදැවී 28, අනීෂා මොහොමඞ් 29/3, ස්ටසි ඈන් කිංග් 30/2)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි පිලට වඩා කාන්තා පිල හොදයි වගේ