බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) අද (24)පැවැති අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දිය කොදෙව් පිල විසින් ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 57 ක ජයක් ලැබීය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම නිසා සමග ශ්‍රී ලංකා පිල 2013 වසරේ කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු පන්දු පන්දු 89 කදී හතරේ පහර අටක් සමග ලකුණු 56 ක් ලබා ගත්තාය. තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකා පිල අනිද්දා (26) දකුණු අප‍්‍රිකානු පිල සමග තරග වදියි. ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 3 කින් පරදවා පාකිස්තාන් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. කොදෙව් කාන්තා පිල ඕවර 50 කදී කඩුලූ 5 ට 235 (ස්ටෙපානි ටේලර් 58, ජුලයිනා නිරෝ 18, දන්ද්‍ර ඩොටින් 73, මිරිස්සා ඇගියුලේරා නොදැවී 52, බිට්නි කූපර් නොදැවී 23, ඕෂදී රණසිංහ 31/2) ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 කදී කඩුලූ 7 ට 177 (චමරි අතපත්තු 56, යශෝධා මෙන්ඩිස් 20, සුවිනි ද අල්විස් නොදැවී 39, චමනි සෙනෙවිරත්න නොදැවී 28, අනීෂා මොහොමඞ් 29/3, ස්ටසි ඈන් කිංග් 30/2)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අවසන් පුර්ව වටයේදී පරදියි
එස් රත්නායක Friday, 25 November 2011 03:35 PM
පිරිමි පිලට වඩා කාන්තා පිල හොදයි වගේ