අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට (2011) සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලෙන් ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක‍්‍රීඩිකා චමරි පොල්ගම්පොළ ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආනාගතය තීරණය වන තරගාවලියක් ලෙස හැදින්විය හැකි මෙම තරගාවලියෙන් පොල්ගම්පොළව ඉවත් කරමින් දිගින් දිගටම කණ්ඩායමේ සිටිමින් ආසාර්ථක වූ ක‍්‍රීඩිකාවන් සහ නවක ක‍්‍රීඩිකාවන් කීපදෙනකු ඇතුළත් කර තිබේ.
වමතින් පිත්ත හසුරුවන පොල්ගම්පොළ දකුණතින් මද වේග පන්දු යවන්නියක් ලෙස ද දස්කම් දක්වා තිබේ. ඇය මේ වන විට එක්දින තරග 47 කට සහභාගි වී ලකුණු 657 ක් රැස්කර ඇති අතර කඩුලූ 29 ක්ද දවා ගැනීමට සමත්ව සිටින්නීය. පසුගිය ප‍්‍රධානතම තරගාවලියේදී තරග 5 කදීම ඇය කඩුල්ල රැකගැනීමට සමත් වී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම:
ඩිලාන් මනෝදර (නායිකාව), සඳමාලි දොළවත්ත (උප නායිකාව), ඉනෝකා ගලගෙදර, ප‍්‍රසාදිනී වීරක්කොඩි, චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන, සුවිනි ද අල්විස්, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, ෂෙරීනා රවිකුමාර්, යශෝධා මෙන්ඩිස්, උදේශිකා ප‍්‍රබෝදනි සහ ලසන්ති මධුෂානි.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකා පොල්ගම්පොළ කැපෙයි