ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්) එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.
කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් ක්‍රීඩකයන්ට ගෙවිය යුතු බවත්යි.
එහෙත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.
තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන එහි උසස් නිලධාරීයෙක් පැවසීය.
අලුත්ම තත්ත්තවය සඳහා www.kelimandla.lk වෙබ් අඩවියට පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ක්‍රීඩකයින් අමාරුවෙන් සෙල්ලම් කරන නිසා ඔඋන්ට සලකන්න ඕනේ (දී)
ක්‍රීඩකයන්ට 20% දීම කිසිසේත්ම අසාධාරන නැත. ක්‍රිකට් ආයතනය ක්‍රිකට් වලට කල විනාසයට නිලධාරීන්ගේ වැටුප් අඩු කිරීම සාධාරනය (දී)
මේක හරිම අසාධාරණ කතාවක් නේ. කව්රුවත් කැමති නැහැ තමන්ගේ දක්ෂකම නිරපරාදේ වෙනවාට (දී)
12% කියන්නේ අසාධාරණ ඉල්ලීමක් නෙමේ. (දී)
අපි බංගලාදේශයේ ඉදන් ලෑස්ති වෙලා ඉන්නේ අපේ කොල්ලන්ට චීයර් කරන්න. එකම බලාපොරොත්තුව ටී 20 අපිටම ගන්න. මෙයාල මේ කරන වැඩ නිසා නම් බයෙත් බෑ.... (දී)
සල්ලි අයිති අයට දෙන්න කරුණාකරලා (දී)
මෙයාල සෙල්ලම් කරන්නේ අපේ රට වෙනුවෙන්. කරුණාකර ඒ ඒ අයට ලැබිය යුතු දේවල් ඒ විදිහට ලැබෙන්න සලස්වන්න (දී)
අයියෝ මෙයාල සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් නොවේද? (අ)
එකටත්, දෙකටත්, තුනටත් මුදල් ඊට පස්සේ රට, රට පෙරට (අ)
මහන්සි වෙලා සල්ලි හොයල පිනට පුටු රත්කරන අයට වෙනවට වැඩ හොඳ මෙහෙම කරන එක (අ)
මෙයාල ඉල්ලන්නෙ රටේ සල්ලි නෙවෙයි..... අයිසිසි එකෙන් මෙයාල සෙල්ලම් කරනවට ලැබෙන සල්ලි.(අ)
මෙතෙක් කල් ගෙවාගෙන ආ පිළිවෙලටම ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකල යූතුය.ක්‍රීඩක ගෙවීම් වල යම්කිසි හෝ කප්පාදුවක් සිදුකරයි නම් එය අනුමත කරන්න බෑ.ක්‍රිකට් පාලක මණ්ඩලය මුල්‍ය අර්බුදයකට ලක්වූනේ පාලකයන්ගේ වරදින් මිස ක්‍රීඩකයන්ගේ වරදින් නොවේ.එමනිසා ක්‍රීඩකයන්ට දඩුවම් කිරීම අනුමත කරන්න බෑ. (අ)
බැරි නම් නිකන් ඉන්න කියන්න. ඒගොල්ලෝ කරන්න දෙයක් නැතිකමට කරන වැඩක් නෙවේනේ. වෙන මිනිස්සු දුක්විඳලා හම්බකරන්නේ තුට්ටු දෙකයි, මේගොල්ලෝ ආසා හින්දනේ ක්‍රිකට් ගහන්න ගත්තේ.කම්පනියක වගේ බලෙන් ක්‍රිකට් ගස්සවනවා නෙවේනේ. එකටත් කොච්චර ගෙවනවද? අනිත් එක තව කොච්චර ක්‍රීඩකයෝ ඉන්නවද ටීම් එකට එන්න විදියක් නැතුව. (අ)
අත පය කඩාගෙන සෙල්ලම් කරන්නේ ක්‍රීඩකයන්, ආදායම ආයතනේ හොරුන්ට. (අ)
ඉස්සර අර්ජුනලා .මහානාම අරවින්දලා ගේ කලේ ඒ අය සෙල්ලම් කලේ රට වෙනුවෙන් සල්ලි ගැන බැලුවේ නැ.දැන් ඒකටත් එක්ක දැන් සල්ලි තමා මුලින්ම.ඔය පුරුද්ද ඇති උනේ අයි පි එල් එක හින්ද දැන් කවුරුත් රටගැන හිතන්නෑ.දේශපාලනෙත් ඒ වගේ. (දී)
ඔව්න්ගේ ඉල්ලීම් නිවැරදි ... මෙයාල රට වෙනුවෙන් වැඩක් කරනවා... ඇමතිලට වැඩිය ..(අ)
මේ අය ඉල්ලන්නේ තමන් ට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් ලැබිය යුතු මුදල් ගැන. නැතුව රටේ ජනතාවගේ බදු මුදල් නෙමෙයි. ක්‍රිකට් ආයතනය බංකොලොත් වුනේ පාලක මණ්ඩලයේ වැරැද්දෙන්. එකට ක්‍රීඩකයන් පලි නැ. (අ)
හැමෝම සිතිය යුතු කරුණ ක්‍රීඩකයෝ මහන්සිවෙලා උපයන මුදල ක්‍රීඩා නොකරන සල්ලි තියෙන මුදලාලිලා ක්‍රීඩකයෝ නිසා හොයන වනේද? (අ)
ලංකාවෙන් ක්‍රිකට් නැති කරන්න කල වැඩක්ද මන්දා (දී)
ක්‍රිකට් විතරයි ලංකාවට තියෙන්නේ, ඒකත් කනවා (දී)
මේ ප්‍රශ්නය විසදන්නත් ජනාධිපති තුමාට ඉදරිපත් වෙන්න වේවි , (දී)
මේ සල්ලි මෙතෙක් කල් ක්‍රීඩකයන්ට හම්බවනු මුදල් මිස ක්‍රීඩකයන් අලුතෙන් කරන ඉල්ලීමක් නොවේ. මේ සල්ලි ක්‍රීඩකයන්ට ලැබිය යුතුමය. මහා පරිමාණ මුදල් වංචා නිසා අද ක්‍රිකට් ආයතනය බංකොලොත් වී ඇත්තේ පරිපාලකයන්ගේ වැරදි වංචා නිසා වන අතර ක්‍රීඩකයන් මෙයට පලි නැත. (දී)
රට වෙනුවෙන් දෙගොල්ලොම එකතුවන්න.කලින් ආව කනට වඩා පසුව ආව අඟ ලොකු කරගන්න එපා. (දී)
අනිත් රටවල් සමග බලද්දී අපේ ක්‍රීඩකයන් ලබන්නේ සාපේක්ෂව අඩු වැටුපක්. අපේ ක්‍රීඩකයෙක් ලබන වැටුප බංගලාදේශ් වැනි අපට බෙහෙවින් පල්ලහින් ඉන්න රටක අන්තර් සමාජ තරග ක්‍රීඩා කර උපයාගත හැක. මේ ක්‍රීඩකයන් මේ රට වෙනුවෙන් කරලා තියෙන දේ මෙතන අදහස් දල තියෙන මෝඩ පණ්ඩිත වහන්සේලාට තේරෙන්නේ නැ. බොරු දේශ ප්‍රේමියෝ...(දී)
මෙයාලට කියන්න ගෙදරින් ක්‍රිකට් පුහුණු වෙලා එන්න කියල.(දී)
ක්‍රීඩකයින්ට බදු මුදලින් ක්‍රීඩාගාර පිට්ටනි මාසික මුදල් ලබාදෙනවා නේද? මෙම අමතර අදායම් රට ජාතිය වෙනුවෙන් යෙදවිය යුතුයි. ඉදිරි ක්‍රිකට් ක්‍රීඩක පරපුරට, මෙන්ම වොලිබෝල් නෙට් බෝල් , සපත්තු ගන්න බැරි මලල ක්‍රීඩකයින් සදහා. අප ලෝකයේ දුප්පත් රටක්. ලෝකය දිනාගෙන ලබාගන්න මුදල් එම ක්‍රීඩකයින් අතරම බෙදාගෙන කෝටි පරෝකෝටි පතියන් වීමද රට ජාතිය වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ?(දී)
අපේ මිනිස්සු කවදද රට වෙනුවෙන් වැඩ කලේ. මේ සල්ලිවලින් කොටසක් ගමේ දුප්පත් ක්‍රීඩා සමග වලට යන්න ඕන. ඒවලින් ඇවිල්ල දැන් මෙයාල කෝටිගණන් සල්ලි හොයනවා. මේක වෙනස වෙන්න ඕන. (අ)
ජනාධිපතිතුමන මෙයට නිසා පිළිතුරක් ලබා දෙන්නෙ අයිසිසි සල්ලි ක්‍රිකට් කණ්ඩායමට සාධාරණය කරන්න (අ)
රටේ නියෝජනය කරනවානම් මුදල් එන්නේ රටට .මෙයාලට මාසික පඩියක් දෙන්න .. එකඟ නැත්නම් වෙනත් අය යවන්න . (අ)
මේකට මැදිහත් වෙන්න අපේ රටේ කෙනෙක් නැද්ද අප්පේ.කට්ටිය චන්දෙ වැඩ වලට දුර ගිහින් වෙන්න ඇති මගේ හිතේ.මෙයාලට ඕවට මැදිහත් වෙන්න වෙලාවක් නැතුව ඇති.මොකද රටේ ඉන්න හැම නළු නිලියෙක්ගේම මගුල් ගෙවල් වලත් යන්න තියෙනවනේ නේද. (අ)
ප්‍රස්නයක් වෙන්නේ නැහැ. (නදී)
'මාලි' ඉදිරියෙන්ම ඇති. (නදී)
ලංකාවේම ක්‍රිකට් ගහන්න පුළුවන් මේ අයට විතරද ? (නදී)
ක්‍රීඩකයන් මුදල් සඳහාම ක්‍රීඩා කලයුතු නැහැ. නමුත් ඔවුන් බලවත් උත්සාහයකින් ලබන ජයග්‍රහණයන් නිසා වෙනත් පිරිසක් දිව්‍යමය සැප සම්පත් ලබන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම අසාදාරනත් නැහැ. (නදී)
සෙල්ලම ලෙල්ලම වෙන්න දෙන්න එපා.(නදී)
මම නම් කියන්නේ ක්‍රීඩකයෝ විතරක් තියාගෙන ක්‍රිකට් ආයතනය විසුරුවන්න ක්‍රීඩකයෝ නැත්නම් ක්‍රිකට් ආයතනයෙනුත් ඇති වැඩක් නැනේ (දිල්)
පේනවා නේද කරලා තියෙන දේ (දිල්)