IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණෙයි

වෝන් - මුරලිදරන් කුසලාන වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට  ඕස්ටේ‍්‍රලියානුවන් අභිබවා යාමට සමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (18 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 428 ක් ලබාගෙන සිටියේය.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල  ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටී. ශී‍්‍ර ලංකා පිල මෙම තත්ත්වයට ඔසවා තැබූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැය 5 කට වැඩි කාලයක් පුරා කඩුල්ලේ රැඳෙමින් පන්දු 207 කට මුහුණ දුන්නේය. හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කළ මැතිව්ස්, ඊයේ යැවුණු අවසන්  ඕවර කිහිපයේදි තම සහායක පිතිකරුවා ආරක්‍ෂා කර ගනිමින්ද පන්දුවට පහර දුන් අතර ටෙස්ට් තරග 15 කදී සිය මංගල ශතකය සොයා යමින් සිටී. මීට පෙර අවස්ථා දෙකකදීම සහායක පිතිකරුවන් නොමැතිවීම නිසා ටෙස්ට් ශතක දෙකක් මැතිව්ස්ට අහිමි විය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් (83) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 85) දෙදෙනා  ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ඉදිරියට ශී‍්‍ර ලංකා පිල තල්ලූකරගෙන ගියහ. ඩිල්ෂාන් - මැතිව්ස් සම්බන්ධතාවේ වැඩි බර කරගැසූ ඩිල්ෂාන් පැය තුනකට ආසන්න කාලයක් පුරා සිය කඩුල්ල රැකගනිමින් ශතකය සොයා ගිය නමුත් ලකුණු 83 ක් ලබාසිටියදී දැවී ගියේ උඩපන්දුව කඩුලූ රකින්නාගේ කලවයේ වැදී නැවතත් ඉහළට පැමිණ අත් ආවරණ අතරේ සිරවීමෙනි. ඒ වන විට පන්දු 131 කට මුහුණ දී තිබූ ඩිල්ෂාන් ඒවායින් 14 ක්ම හතරේ සීමාවට පිටත්කර හැරියේ පන්දු රකින්නන්ට හැරෙන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි. දිගු කලකට පසුව අංක 5 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් සිය ඉනිම ආරම්භයේදී ශී‍්‍ර ලාංකිකයන්ගේ හිසකෙස් කෙළින් සිටුවන පහර කිහිපයක් ගැසුවද, සිය පිත්තේ පළල මැනගැනීමෙන් පසු පීටර් සිඞ්ල්ට හතරේ පහර දෙකකින් සංග‍්‍රහ කළ ඩිල්ෂාන් එතැන් සිට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන්නේය. දෙවැනි නව පන්දුවේ ඇති දෘඩ ස්වභාවය නිසා ඇතිවූ අතිරේක ඉපිළීමෙන් සංගක්කාරගේ පිත්තේ ඉහළ දාරය සොයාගත් පීටර් සිඞ්ල්ගේ අතින් ගිළිහුණු පන්දුව, බ‍්‍රැඞ් හැඩින්ගේ අත් ආවරණ අතරේ සැගවී ගියේ සියවැනි තරගයේදී ලකුණු 100 ක් ලබාගත් පළමු ශී‍්‍ර ලාංකික පිතිකරුවා සියැසින් දැකගැනීමට එස්. එස්. සී. පිටියට රැුස්ව සිටි නරඹන්නන් තබා තිබූ බලාපොරොත්තු සී සී කඩ විසුරුවා දමමිනි. අලංකාර ලකුණු 79 ක් ලබාගත් සංගක්කරගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය. නිසි ඉලක්කයකට පන්දු යැවීම සහ පිටියේ පන්දු රැුකීම අතින්  ඕස්ටේ‍්‍රලියානුවෝ ගව් ගණනක් ඉදිරියෙන් සිටියහ. කවර් ඩ‍්‍රයිව් සහ  ඕන් ඩ‍්‍රයිව් පහර ගැසීමට රුචියක් දක්වන ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ පි‍්‍රයතම පහරවලින් ලකුණු ගලා ඒම වළක්වාලීම සඳහා ෂෝට් මිඞ්  ඕන් සහ ෂෝට් මිඩි විකට් කලාපයන්හි පන්දු රකින්නන් රැඳවූ අතර වෙනදා හතරේ සීමාවට ඇදී යන පන්දු දෙකක් උඩපන්දු බවට පෙරළා ගැනීමටද ඔව්හු සමත් වූහ. අද තරගයේ සිවුවැනි දිනයයි.



අදහස් (0)

ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site