IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට අලූත් මුහුණු 5 ක්

බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් කී‍්‍රඩකයන් සිවුදෙනකු නැවත සියරට කැඳවීමටත් එක්දින සහ විස්සයි/20 තරගාවලි සඳහා වෙනත් කී‍්‍රඩකයන් පස් දෙනකු බටහිර ඉන්දීය දූපත් බලා පිටත්කර හැරීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව අද (11 වැනිදා) තීරණය කළේය.

නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්ව සිටි කෞෂාල් සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, තරිඳු කෞෂාල් සහ ළහිරු ගමගේ දෙවැනි ටෙස්ට් තරගය නිමාවීමෙන් පසු නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇත.

ඩිල්රුවන් පෙරේරා, තිලිණ කණ්ඩම්බි, රමිත් රඹුක්වැල්ල, සීක්කුගේ ප‍්‍රසන්න සහ ළහිරු ජයරත්න සීමිත  ඕවර තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්වෙති.

ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (12 වැනිදා) ආරම්භ වේ.

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට අලූත් මුහුණු 5 ක්

ශාන් Wednesday, 12 June 2013 07:17 AM

ෂෙහාන් ජයසුරිය නැත්තේ මොකද? (නි)

:       0       0

චමි Wednesday, 12 June 2013 12:16 PM

අයි රබුක්වැල්ල යන්නේ මේ ගමනට. දන්නා තරමින් ක්ලුබ් මැච්වල වත් දස්කම් පෙන්වල නෑ.(ස)

:       0       0

මහේෂ් Wednesday, 12 June 2013 08:52 AM

දැනට අන්තර් සමාජ තරගාවල ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ෂෙහාන් ජයසූරිය. (නි)

:       0       0

තමරා Wednesday, 12 June 2013 09:41 AM

ඔබ හරි(අ)

:       0       0

සුරේෂ් Wednesday, 12 June 2013 09:39 AM

ඔබ හරි.(නදී)

:       0       0

ලාල් Wednesday, 12 June 2013 02:42 PM

ඇයි දැන් කපුගෙදර දාන්නේ නැත්තේ? එයා ලගදී හොදට සෙල්ලම් කරලා තියෙනවා.(නදී)

:       0       0

ෂා Thursday, 13 June 2013 08:37 AM

කණ්ඩම්බි නම් අලුත් මුණක් නෙමෙයි (නි)

:       0       0

ලසන්ත Wednesday, 12 June 2013 10:49 AM

මේ යන අය මොනවා කරයිද කියලා බලමු (නි)

:       0       0

නිල්මිණි Tuesday, 11 June 2013 07:06 PM

අයියෝ! මේ සමහර අය ගිහින් මොනවා කරන්නද? බලන්නකෝ ඒ අයගේ ප්‍රතිශතය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site